අංගුත්තර නිකාය

එක නිපාතය

3. අකම්මනීය වර්ගය

21

අකම්මනීය සූත්‍රය.

“මහණෙනි, යම්සේ නොවඩනලද සිත කර්මයට යෝග්‍ය නොවේද, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ කර්මයට යොග්‍ය නොවේ.”

22

කම්මනීය සූත්‍රය.

“මහණෙනි, යම්සේ වඩනලද සිත කර්මයට යොග්‍ය වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ කටයුත්තට යොග්‍යවේ.”

23

මහානත්ථ සූත්‍රය.

“මහණෙනි, යම්සේ නොවඩන ලද සිත මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

24

මහත්ථ සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

25

අපාතුභූත සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”

26

පාතුභූත සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

27

අබහුලීකත සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතී.”

28

බහුලීකත සූත්‍රය. 8. “මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම

ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිතවඩන ලද්දේ පුරුදු කරණ ලද්දේමහත් අර්ථය පිණිස පවතී.”

29

දුක්ඛාවහචිත්ත සූත්‍රය. 9. “මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් (පමුණුවන්නේ) වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පුරුදු නොකරණ ලද්දේ දුක් පමුණුවන්නේ වේ.”

30

සුඛාවහචිත්ත සූත්‍රය. 10. “මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේ.”

(තුන්වන වර්ගය නිමි)