අංගුත්තර නිකාය

එක නිපාතය

4. අදන්ත නොහොත් දන්ත වර්ගය

31

අදන්තචිත්ත සූත්‍රය. 1. “මහණෙනි, යම්සේ සිත දමනය නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත දමනය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

32

දන්තචිත්ත සූත්‍රය 2. “මහණෙනි, යම්සේ සිත දමනය කරණ ලද්දේ මහත් අර්ථය පිණිස පවතීද, එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත දමනය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

33

අගුත්තචිත්ත සූත්‍රය. 3. “මහණෙනි, යම්සේ සිත ගොපනය නොකරණ ලද්දේ (සිහියෙන් රැක බලා නොගන්නා ලද්දේ) මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත ගොපනය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

34

ගුත්තචිත්ත සූත්‍රය. 4. “මහණෙනි, යම්සේ සිත ගොපනය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත ගොපනය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

35

අරක්ඛිතචිත්ත සූත්‍රය. 5. “මහණෙනි, යම්සේ සිත නොරක්නා ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු නොම දකිමි. මහණෙනි, සිත නොරක්නා ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

36

රක්ඛිචිත්ත සූත්‍රය. 6. “මහණෙනි, යම්සේ සිත රක්නා ලද්දේ මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත රක්නා ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

37

අසංවුතචිත්ත සූත්‍රය. 7. “මහණෙනි, යම්සේ සිත (ආරක්ෂා) නොකරණ ලද්දේ මහත් අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවය කුදු මම නොම දකිමි. මහණෙනි, සිත ආරක්ෂා නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

38

සංවුතචිත්ත සූත්‍රය. 8. “මහණෙනි, යම්සේ සිත ආරක්ෂා කරණ ලද්දේ මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවය කුදු මම නොම දකිමි මහණෙනි, සිත සංවරණය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී,

39

අදන්තාදි සූත්‍රය. 9. “මහණෙනි, යම්සේ සිත දමනය නොකරණ ලද්දේ, ගොපනය නොකරණ ලද්දේ, නොරක්නා ලද්දේ, සංවරණය නොකරණ ලද්දේ, මහත් අනර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත දමනය නොකරණ ලද්දේ, ගොපනය නොකරණ ලද්දේ, නොරක්නා ලද්දේ, සංවරණය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

40

දන්තාදි සූත්‍රය. 10. “මහණෙනි, යම්සේ සිත දමනය කරණ ලද්දේ ගොපනය කරණ ලද්දේ, රක්නා ලද්දේ, සංවරණය කරණ ලද්දේ, මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත දමනය කරණ ලද්දේ, ගොපනය කරණ ලද්දේ, රක්නා ලද්දේ, සංවරණය කරණ ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී.”

(සතරවන වර්ගය නිමි.)