අංගුත්තර නිකාය

එක නිපාතය

22. එකධර්මද්ධ්‍යාන වර්ගය

575

සමුද්දන්තොගාධ සූත්‍රය:—“මහණෙනි, යම්කිසිවෙකුගේ

සිතින් මහා සමුද්‍රය තෙම ස්පර්ශකරණ ලද්දේ වේද ඔහුගේ සිතට සමුද්‍රය කරා ගලායන්නාවූ යම්කිසි කුඩා නදීහු වෙත්නම් ඔවුහු ඇතුළත් වෙතිද, මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසිවෙකු විසින් කායගතානුස්මෘතිය වඩන ලදද බහුල වශයෙන් කරණලදද ඔහුගේ ඒ භාවනාවට විද්‍යාව භජනය කරන්නාවූ (එහි කොටස්වූ) යම්කිසි කුශලධර්මයෝ වෙත් නම් ඔවුහුද ඇතුළත් වෙති”

576–​615

මහා සංවෙග සූත්‍රය:—“මහණෙනි, එක ධර්මයක් තෙම (භාවනා වශයෙන්) වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත්වූ සංවෙගය (විදර්ශනාව) පිණිස පවතී, මහත්වූ අර්ථය (සතරමාර්ගඥානය) පිණිස පවතී, මහත්වූ යොගක්ෂෙමය (නිර්වාණය) පිණිස පවතී, ස්මෘතිය හා ඥානය (සිහිනුවණ) පිණිස පවතී, දිව්‍යචක්ෂුරභිඥාන ප්‍රතිලාභය පිණිස පවතී, මේ ආත්මභාවයෙහි සැප විහරණය පිණිස පවතී, විද්‍යාවිමුක්තීන්ගේ පල පසක් කිරීම (අර්හත්වය) පිණිස පවතී, ඒ කවර නම් එකධර්මයක්ද? කායගතානුස්මෘතියයි.

මහත්ථ සංවත්තන සූත්‍රය:—“මහණෙනි, මේ එකම ධර්මය වනාහි (භාවනා වශයෙන්) වඩන ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ මහත්වූ සංවේගය (විදර්ශනාව පිණිස පවතී, මහත්වූ අර්ථය (මාර්ගඥානය) පිණිස පවතී,

මහා යොගක්ඛෙම සූත්‍රය:—“මහත්වූ යොගක්ෂෙමය (නිර්වාණය) පිණිස පවතී,

සතිසම්පධඤ්ඤ සූත්‍රය:—“ස්මෘතිසම්ප්‍රජන්‍යය පිණිස පවතී,

ඤාණදස්සන පටිලාභ සූත්‍රය:—“ඥානදර්ශන ප්‍රති ලාභය පිණිස පවතී,

දිට්ඨධම්ම සුඛවිහරණ සූත්‍රය:—“දිට්ඨධම්ම සුඛ විහරණය පිණිස පවතී,

විජ්ජා විමුත්ති ඵලසච්ඡිකිරිය සූත්‍රය:—“විද්‍යාවිමුක්තීන්ගේ පල පසක් කිරීම පිණිස පවතී.”

කායචිත්ත පස්සම්භන සූත්‍රය:—“මහණෙනි, එක ධර්මයෙක් වැඩූ කල්හි බහුල වශයෙන් කළ කල්හි කයද සංසිඳේ, සිතද සංසිඳේ. විතර්ක විචාරයෝද සංසිඳෙත්. (විද්‍යාව හා සම්බන්ධවූ) විද්‍යාභාගීය සියලු ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණෙත්. කවර නම් එකම ධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි කයද සංසිඳෙයි. සිතද සංසිඳෙයි, විතර්ක විචාරයෝද සංසිඳෙත්. (අෂ්ට) විද්‍යාව භජනය කරන්නාවූ සියලුම ධර්මයෝ භාවනාවෙන් සම්පූර්ණ බවට පැමිණෙත්.”

අනුප්පන්නාකුසල සූත්‍රය:—1. “මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි නූපන්නාවූ අකුසල ධර්මයෝද නූපදිත්, උපන්නාවූ කුසල ධර්මයෝද නැසෙත්.

2. ‘කවර නම් එකම ධර්මයෙක්ද? කායගතා සතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වැඩූ කල්හි බහුලවශයෙන් පුරුදු කළ කල්හි නූපන්නාවූ අකුශල ධර්මයෝද නූපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝද නැසෙත්.”

අනුප්පන්න කුසල සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයෙක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි නූපන්නාවූ කුශල ධර්මයෝද උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝද බහුලභාවය පිණිස විපුලභාවය පිණිස පවතිත්.

2. “කවර නම් එකම ධර්මයෙක්ද? කායගතාසතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නූපන්නාවූ කුසල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුසල ධර්මයෝද බහුල භාවයට විපුල භාවයට පැමිණෙත්.”

අවිජ්ජා පහාණ සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි අවිද්‍යාව නැසේ.

2. “කවර නම් එකම ධර්මයක්ද, කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි අවිද්‍යාව නැසේ. විද්‍යාව උපදී, මමය මාගේය යන මානය නැසේ. අනුසයෝ මුල්සිඳී නැසීමට පැමිණෙත්. සංයෝජනයෝ විනාශ වෙත්”

විජ්ජුප්පාද සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි විද්‍යාව උපදී.

2. “කවර නම් එකම ධර්මයක්ද කායගතානුස්මෘතියයි මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි විද්‍යාව උපදී.”

මාන පහාණ සූත්‍රය—“මහණෙනි එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි මමය මාගේය යන මානය නැසේ.

2. “කවර නම් එකම ධර්මයක්ද කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදුකරන ලද කල්හි මමය මාගේය යන මානය නැසේ.”

අනුසය සමුග්ඝාත සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි රාගාදි අනුසයෝ මුල්සිඳී නැසීමට පැමිණෙත්.

2. “කවර නම් එකම ධර්මයක්ද කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි රාගාදි අනුසයෝ මුල්සිඳී නැසීමට පැමිණෙත්.”

සඤ්ඤොජන පහාණ සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි සංයෝජනයෝ විනාශවෙත්.

2. ‘කවර නම් එකම ධර්මයක්ද කායගතානුස්මෘතියයි මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි සංයෝජනයෝ විනාශ වෙත්.”

පඤ්ඤාපභෙද සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රභෙදය (ප්‍රඥා විශෙෂයන් දැනගැනීම) පිණිස පවතී

2. “කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රභේදය පිණිස පවතී.”

අනුපාදා පරිනිබ්බාණ සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ අනුපාද පරිනිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී

2. “කවරනම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ අනුපාද පරිනිර්වාණය පිණිස පවතී”

අනෙකධාතු පටිවෙධ සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නොයෙක් ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්මවේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයන්හි ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභේදගත ඥානයවේ. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩනලද කල්හි බහුලවශයෙන් පුරුදු කරන ලද කල්හි ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයෙන් ලක්ෂණ දැන ගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභෙද ඥානය වේ”

අනෙකධාතු පටිවෙධ සූත්‍රය:—“මහණෙනි, එකම ධරනානාධාතු පටිවෙධ සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නොයෙක් ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයන්හි ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභෙදගත ඥානය වේ. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරණ ලද කල්හි ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයෙන් ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභේද ඥානය වේ”

අනෙකධාතු පටිසම්භිදා සූත්‍රය:—“මහණෙනි, එක ධර්මයක් වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි නොයෙක් ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයන්හි ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභෙදගත ඥානයවේ. කවර නම් එකම ධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වනාහි වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි ධාතූන්ගේ ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ නානා ස්වභාවයෙන් ලක්ෂණ දැනගැන්ම වේ. එම ධාතූන්ගේ ප්‍රභෙද ඥාන වේ.

සොතාපත්තිඵල සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ශ්‍රොතාපත්ති ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ. කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ශ්‍රොතාපත්තිඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී. සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී, අනාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී, අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවතී”

පඤ්ඤාපටිලාභ සූත්‍රය:—“මහණෙනි, එකම ධර්මයක් තෙම වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරනලද්දේ ප්‍රඥාව ලැබීම පිණිස පවතී. ප්‍රඥාවෘද්ධිය පිණිස පවතී. ප්‍රඥාවෙහි විශාලත්වය පිණිස පවතී. මහත් ප්‍රඥාව ඇති බැව් පිණිස විශාල ප්‍රඥා භාවය පිණිස පවතී, විපුල ප්‍රාඥ භාවය පිණිස පවතී, ගම්භීර ප්‍රාඥ භාවය පිණිස පවතී, අසාමන්ත (අනභිභවනීය) ඥානය ඇති බැව් පිණිස පවතී, භූරි ප්‍රාඥ භාවය පිණිස පවතී, ප්‍රඥා බාහුල්‍යය පිණිස පවතී, සීඝ්‍ර (වහ වහා පවත්නා ප්‍රාඥභාවය පිණිස පවතී, ලඝු (යුහුසුලුවූ) ප්‍රාඥ භාවය පිණිස පවතී, හාසු (තුෂ්ටිබහුල) ප්‍රාඥභාවය පිණිස පවතී, (වහා අවබොධය ලබන) ජවන ප්‍රඥාව ඇති බැව් පිණිස පවතී, තීක්ෂණ ප්‍රඥාභාවය පිණිස පවතී, (කලකිරුණු ස්වභාව ඇති ප්‍රාඥ භාවය පිණිස පවතී.

2. “කවර නම් එකම ධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය තෙම වඩනලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවතී, ප්‍රඥාවෘද්ධිය පිණිස පවතී, ප්‍රඥාවෙහි විශාලත්වය පිණිස පවතී. මහා ප්‍රඥාව ඇති බැව් පිණිස පවතී, විශාල ප්‍රාඥභාවය පිණිස පවතී. විපුල ප්‍රාඥභාවය පිණිස පවතී, ගම්භීර ප්‍රාඥභාවය පිණිස පවතී, අසාමන්ත ඥානය ඇති බැව් පිණිස පවතී, භූරිප්‍රාඥ භාවය පිණිස පවතී, ප්‍රඥා බාහුල්‍යය පිණිස පවතී, සීඝ්‍ර ප්‍රාඥභාවය පිණිස පවතී, ජවන ප්‍රඥාව ඇති බැව් පිණිස පවතී, තීක්ෂණ ප්‍රාඥභාවය පිණිස පවතී, නිර්වෙධික ප්‍රාඥභාවය පිණිස පවතී.”

අමතාපරිභූඤ්ජන සූත්‍රය:—“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය පරිභොග නොකෙරෙත්ද, ඔහු නිර්වාණය (අවබොධකිරීම් වශයෙන්) නොවළඳත්.”

අමත පරිභූඤ්ජන සූත්‍රය:—“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය (භාවනා වශයෙන්) පරිභොග කෙරෙත්ද ඔහු නිර්වාණය වළඳත්.”

අපරිභුත්තාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය පරිභොග නොකරන ලදද, ඔවුන් විසින් නිර්වාණය පරිභොග නොකරණ ලද්දේ වේ.

පරිභුත්තාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය පරිභොග කරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය පරිභොග කරණ ලද්දේ වේ.”

පරිහීනාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන්ගේ කායගතාසතිය පිරිහුණිද ඔවුන්ගේ නිර්වාණය පිරිහුණේය”

අපරිහීනාමත සූත්‍රය—“මහණෙනි, යම් කෙනෙකුන්ගේ කායගතාසතිය නොපිරිහුණිද ඔවුන්ගේ නිර්වාණය නොපිරිහුණේය”

විරද්ධාමත සූත්‍රය—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය අවබොධ නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය අවබොධ නොකරණ ලද්දේ වේ.”

අවිරද්ධාමත සූත්‍රය—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය සම්පූර්ණකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය සම්පූර්ණ කරණ ලද්දේ වේ.”

අමතපමාද සූත්‍රය—“මහණෙනි, යමෙක් තුමූ කායගතානුස්මෘතිය ප්‍රමාද කළාහුද ඔහු තුමූ නිර්වාණය ප්‍රමාද කළාහුය”

අමතාප්පමාද සූත්‍රය—“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය ප්‍රමාද නොකළාහුද, ඔහු තුමූ නිර්වාණය ප්‍රමාද නොකළාහුය.”

පමුට්ඨාමත සූත්‍රය—“මහණෙනි, යම්කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව මතක නැති කරන ලදද, ඔවුන් විසින් නිර්වාණය මතක නැති කරණ ලද්දේ වේ.”

අප්පමුට්ඨාමත සූත්‍රය—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව මතක නැති නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය මතක නැති නොකරණ ලද්දේ වේ.”

අනාසෙවිතාමත සූත්‍රය—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය ආසෙවනය නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය ආසෙවනය නොකරණ ලද්දේවේ.

ආසෙවිතාමත සූත්‍රය—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය සෙවනය කරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය සෙවනය කරණ ලද්දේ වේ.”

අභාවිතාමත සූත්‍රය—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය නොවඩන ලදද, ඔවුන් විසින් නිර්වාණය නොවඩන ලද්දේ වේ”

භාවිතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය වඩන ලදද, ඔවුන් විසින් නිර්වාණය වඩන ලද්දේ වේ.”

අබහුලීකතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය බහුල වශයෙන් නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය බහුලවශයෙන් පුරුදුනොකරණ ලද්දේ වේ.”

බහුලීකතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය බහුල වශයෙන් පුරුදුකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේ.”

අනභිඤ්ඤාතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය (විශෙෂ ඥානයෙන්) දැන නොගන්නා ලදද ඔවුන් විසින් නිර්වාණය (විශෙෂ ඥානයෙන්) දැන නොගන්නා ලද්දේ වේ.”

අභිඤ්ඤාතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය (විශෙෂයෙන්) දැනගන්නා ලදද, ඔවුන් විසින් නිර්වාණය විශෙෂයෙන් දැනගන්නා ලද්දේ වේ.”

අපරිඤ්ඤාතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව පිරිසිඳ දැන නොගන්නා ලදද, ඔවුන් විසින් නිර්වාණය පිරිසිඳ දැන නොගන්නා ලද්දේ වේ.

පරිඤ්ඤාතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව පිරිසිඳ දැනගන්නා ලදද, ඔවුන් විසින් නිර්වාණය පිරිසිඳ දැනගන්නා ලද්දේ වේ.”

අසච්ජිකතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය ප්‍රත්‍යක්ෂ නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ නොකරණ ලද්දේ වේ.”

සච්ඡිකතාමත සූත්‍රය:—“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය ප්‍රත්‍යක්ෂ කරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරණ ලද්දේ වේ.”,

එකකනිපාතයෙහි සූත්‍ර දහස සමාප්තයි.