අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

2. නාථ වර්‍ගය

4. චෙතොඛීලවිනිබද්‍ධ සූත්‍රය

’’මහණෙනි, යම් කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ, සිතෙහි උල් පස ප්‍රහීන නොවූවාහුද, සිතෙහි බැමි පස ප්‍රහීන නොවූවාහුද, ඔහුට මේ රාත්‍රියක් හෝ දවාලක් හෝ පැමිණේද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමති විය යුතුය. අභිවෘද්‍ධියක් කැමති නොවිය යුත්තාහ. සිතෙහි කවර උල් පසක් ප්‍රහීන නොවූවාහු වෙත්ද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයිද, විනිශ්චය කරන්ට නොහැකි වේද, නොමිදේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. මෙසේ ඔහුට මේ පළමුවෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ.

’’මහණෙනි, නැවත මහණතෙම ධර්‍මයෙහි සැක කරයිද, සංඝයා කෙරෙහි සැක කරයිද, ශික්‍ෂාපද කෙරෙහි සැක කරයිද, සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු වූයේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරිම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයිද, මෙසේ ඔහුට පස්වෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ. ඔහුට මේ සිතේ උල් පස ප්‍රහීන නොවූයේ වේ. ඔහුට සිතේ කිනම් බැමි පසක් නොසිඳුනේ වේද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්හි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් කාමයන්හි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසා ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නොනැමෙයි. මෙසේ ඔහුට මේ පළමුවෙනි සිතේ බැඳීම සිඳුනේ නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ශරීරයෙහි පහ නොවූ ආශා ඇත්තේ වේද, පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහනොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේ වේද, පහනොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක්

’’රූපයෙහි පහ නොවූ ආශා ඇත්තේද, බඩට අල්ලන ප්‍රමාණ යම් තරමක් කැමැත්තේද, එතරම් අනුභවකොට නිදීමෙහි සතුට ස්පර්‍ශයෙහි සතුට හිඳීමේ සතුටට පැමිණියේ වාසය කරයිද, ’’මම මේ සීලයෙන්, ව්‍රතයෙන් හෝ තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ, අප්‍රසිද්‍ධ දෙවියෙක් වන්නෙමියි එක්තරා දිව්‍ය නිකායක් සඳහා බ්‍රහ්මවර්‍ය්‍යයෙහි හැසිරේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම, ’මම මේ ශීලයෙන්, ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ අප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍යනිකායක් සඳහා බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නොනැමෙයි. මෙසේ ඔහුට මේ පස්වෙනි සිතේ බැඳීම නොසිඳුනේ වෙත්. ඔහුට සිතේ බැඳීම් පස නොසිඳුනාහු වෙත්.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සිතෙහි මේ උල් පස ප්‍රහීන නොවූවාහුද, සිතේ මේ බැමි පස නොසිඳුනාහු වෙත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමතිවිය යුතුය. අභිවෘද්‍ධියක් කැමති නොවිය යුතුය.

’’මහණෙනි, යම් සේ කළුවර පක්‍ෂයෙහි චන්ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ පැමිණෙයිද, පිරිහේමය. වර්‍ණයෙන් පිරිහෙයි. මඬුල්ලෙන් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සිතෙහි මේ උල් පස ප්‍රහීන නොවූවාහුද, සිතේ මේ බැමි පස නොසිඳුනාහු වෙත්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කැමතිවිය යුතුය. අභිවෘද්‍ධියක් කැමති නොවිය යුතුය.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්ධියක්ම කැමතිවිය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඔහුට කවර චෙතොඛිල පහක් ප්‍රහීනවූවාහු වෙත්ද,

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බුදුන් කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් බුදුන් කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ධර්‍මයෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් ධර්‍මයෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සංඝයා කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් සංඝයා කෙරෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශික්‍ෂාවෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වේද, මිදේද, පහදීද, මහණෙනි, යම්කිසි භික්‍ෂුවක්හට හෝ භික්‍ෂුණියකට හෝ සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, මිදෙයි, පහදියි, මහණෙනි, යම් ඒ මහණකෙනෙක් ශික්‍ෂාවෙහි සැක නොකරයිද, විනිශ්චය කට හැකි වෙයිද, මිදෙයිද, පහදියිද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියාකිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමේද, මෙසේ ඔහුගේ පළමුවෙනි සිතේ හුල ප්‍රහීනවූයේ වේ.

’’සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපුනේද, සතුටුවූයේ නැසුන සිත් ඇත්තෙක් මෙන් නොවූයේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොවේද, මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු වූයේ, නැසුන සිත් ඇත්තේ, උලක් මෙන් වූයේ, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරිම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍ය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර ක්‍රියා කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍ය පිණිස නොනැමෙයිද, මෙසේ ඔහුට පස්වෙනි චෙතොඛීලය ප්‍රහීන නොවූයේ වේ. ඔහුට මේ සිතේ උල් පස ප්‍රහීන නොවූයේ වේ. ඔහුට සිතේ කිනම් බැමි පසක් නොසිඳුනේ වේද? මේ ඔහුට පස්වෙනි චෙතොඛීලය ප්‍රහීනවූයේ වේ. මොහුට චෙතොඛීල පස ප්‍රහීන වූවාහු වෙති. ඔහුට කවර නම් සිතේ බැමි පසක් සිඳින ලද්දාහු වෙත්ද,

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්හි පහවූ රාග ඇත්තේ වේ, පහවූ කැමැත්ත ඇත්තේ වේ, පහවූ ප්‍රේමය ඇත්තේ වේ, පහවූ පිපාසය ඇත්තේ වේ, පහවූ දැවිල්ල ඇත්තේ වේ, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් කාමයන්හි පහවූ ආශා ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. යමකෙුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස පවතීද, මෙසේ ඔහුට මේ සිතෙහි මේ පළමුවෙනි සිතේ බැම්ම මනාකොට සිඳුනේ වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම සිත්හි උල් පස ප්‍රහීනවූවාහුද, සිත් බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්ධියක්ම කැමතිවිය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඔහුට කවර චෙතොඛිල පහක් ප්‍රහීනවූවාහු වෙත්ද, රූපයෙහි වීතරාග වේද, ඇතිතාක් බඩපුරා වළඳා, සෙය්‍යාවෙහි ඇති සැපය, ස්පර්‍ශයේදී ඇතිවන සැපය, නිදි දුරු කිරීමෙන් ඇතිවන සැපය යන මෙහි යෙදුනේ වාසය කරයි. මම මේ සීලයෙන් හෝ, ව්‍රතයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ, අප්‍රසිද්‍ධ දෙවියෙක් වන්නෙමියි එක්තරා දිව්‍ය නිකායක් අරමුණුකොට බ්‍රහ්මචර්‍ය්‍යායෙහි හැසිරෙයි.

’’මහණෙනි, යම් ඒ මහණෙක්, ’මම සීලයෙන් හෝ, ව්‍රතයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් දෙවියෙක් හෝ, එක්තරා දෙවියෙක් වන්නෙමියි, එක්තරා දිව්‍ය නිකායක් අරමුණු කොට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙත්. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක්, ’මම මේ සීලයෙන් හෝ, ව්‍රතයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ, ප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ, අප්‍රසිද්‍ධ දෙවියෙක් හෝ වන්නෙමියි, එක්තරා දිව්‍ය නිකායක් අරමුණු කොට බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, ඔහුගේ සිත කෙලෙස් තවන වීර්‍ය්‍යය පිණිස, නැවත නැවත යෙදීම පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නැමෙයි. මෙසේ ඔහුට මේ සිතේ පස්වෙනි බැම්ම සිඳුනේ වේ. මොහුට සිතේ බැමි පස සිඳුනේ වෙත්.

’’මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ, භික්‍ෂුණියකට හෝ, සිතේ මේ බැමි පස සිඳුනාහුද, ඔහුට රාත්‍රියක් හෝ දවාලක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි වැඩීමක්ම කැමතිවිය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ. මහණෙනි, යම් සේ පු්‍රර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, වර්ණයෙන් වැඩේමය. මණ්ඩලයෙන්ද වැඩේමය. ආලෝකයෙන් වැඩේ. උස මහතින් වැඩෙයි. මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට මේ චෙතොඛීල පස ප්‍රහීණවූවාහුද, සිතේ මේ බැඳීම් පස සිඳුනාහුද, ඔහුට යම් දවාලක් හෝ රාත්‍රියක් හෝ එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුත්තාහ. පිරිහීමක් කැමති නොවිය යුත්තාහ.’’