අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(21) 1. කරජකාය වර්‍ගය

8. දුතිය සඤ්චෙතනික කම්ම සූත්‍රය

’’මහණෙනි, මම කරණලද, රැස් කරණලද, දැන දැන කළ කර්‍මයන්ගේ විපාක නොවිඳ අන්තයට යාමක් නොකියමි. එයද මෙලොව හෝ, දෙවෙනි ආත්ම භාවයෙහි හෝ, අතරින් පතර ආත්ම භාවයක හෝ වේ. මහණෙනි, මම කරණලද, රැස් කරණලද, දැන දැන කළ කර්‍මයන්හි විපාක නොදී දුක් කෙළවර කිරීමක් නොකියමි.

’’මහණෙනි, මම කරණලද, රැස් කරණලද, දැන දැන කළ කර්‍මයන්ගේ විපාක නොවිඳ අවසන්වීම නොකියමි. එයද මෙලොව හෝ පරලොව හෝ අතරින් පතර ආත්මභාවයක හෝ වේ. මහණෙනි, මම කරණලද, රැස් කරණලද, දැන දැන කළ කර්‍මයන්ගේ විපාක නොදී දුක් කෙළවර කිරීමක් නොකියම්මය. මහණෙනි, එහි ත්‍රිවිධකාය නමැති කර්ම විපත්තිවූ අකුශල් සිත් දුක් උපදවන්නේය. දුඃඛ විපාක ඇත්තේය. චතුර්විධ වාක්කර්ම නැමැති විපත්තිවූ අකුසල් සිත් දුක් උපදවන්නේය. දුඃඛ විපාක ඇත්තේය. ත්‍රිවිධ මනඃකර්ම නැමැති විපත්තිවූ අකුසල් සිත් දුක් උපදවන්නේය. දුඃඛ විපාක ඇත්තේය.

’’මහණෙනි, කෙසේ වනාහි ත්‍රිවිධ කායකර්ම නැමැති විපත්තිවූ අකුසල් සිත් දුක් උපදවන්නේද, දුක් විපාක ඇත්තේද? මහණෙනි, මෙසේ වනාහි කාය කර්ම නැමැති විපත්තිවූ අකුසල් සිත් දුක් උපදවයි. දුඃඛ විපාක ඇත්තේය.

’’මහණෙනි, කෙසේ වනාහි ත්‍රිවිධ වාක් කර්ම නැමැති විපත්තිවූ අකුසල් සිත් දුක් උපදවයිද. දුඃඛ විපාක ඇත්තේ වේද? සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද, පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ. ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන කියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්‍මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ. මහණෙනි, මෙසේ වනාහි සතර වැදෑරුම් වාක්කර්‍ම නම් විපත්තිවූ අකුසල් සිත් දුක් උපදවයි. දුඃඛ විපාක ඇත්තේ වේ.

’’ මහණෙනි, කෙසේ වනාහි තුන් වැදෑරුම් මනඃකර්‍ම විපත්තිවූ අකුසල් සිත් දුක් උපදවයිද? දුඃඛ විපාක ඇත්තේ සිතින් තුන් වැදෑරුම් පිරිසිදුබව වේද? මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මහණෙනි, මෙසේ වනාහි තුන් වැදෑරුම් මනඃකර්‍ම නම් අකුසල් සිත් දුක් උපදවයි. දුඃඛ විපාක ඇත්තේ වේ.

’’ මහණෙනි, තුන් වැදෑරුම් කාය කර්‍ම නම් විපත්තිවූ අකුසල් සිත් හේතුවූ හෝ සත්ත්‍වයෝ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති දුගතිවූ නරකයෙහි උපදිත්. සතර වැදෑරුම් වාක් කර්ම නම් විපත්තිවූ අකුසල් සිත් හේතුවූ හෝ සත්ත්‍වයෝ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති දුගතිවූ නරකයෙහි උපදිත්. අකුසල් උපදවන තුන් වැදෑරුම් මනඃ කර්ම නම් විපත්තිවූ අකුසල් සිත් හේතුවූ හෝ සත්ත්‍වයෝ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති දුගතිවූ නරකයෙහි උපදිත්.

’’මහණෙනි, මම කරණලද, රැස් කරණලද, දැන දැන කළ කර්‍මයන්ගේ විපාක නොවිඳ අන්තයට යාමක් නොකියමි. එයද මෙලොව හෝ, දෙවෙනි ආත්ම භාවයෙහි හෝ, අතරින් පතර ආත්ම භාවයක හෝ වේ. මහණෙනි, මම කරණලද, රැස් කරණලද, දැන දැන කළ කර්‍මයන්හි විපාක නොදී දුක් කෙළවර කිරීමක් නොකියමි. මහණෙනි, කෙසේ නම් තුන් වැදෑරුම් කාය කර්‍ම සම්පත්තීවූ කුසල් සිත් සුව ගෙන දෙන්නේද, සැප විපාක ඇත්තේද? සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොයත්ද,

’’මහණෙනි, මෙසේ තුන් වැදෑරුම් කාය කර්‍ම සම්පත්තීවූ කුසල් සිත් සුව ගෙන දෙන්නේ වේ.

’’මහණෙනි, කෙසේ නම් සතර වැදෑරුම් වාක් කර්‍ම සම්පත්තීවූ කුසල් සිත් සුව ගෙන දෙන්නේද? සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද? පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ. ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. සැප විපාක ඇත්තේද? සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොයත්ද, මහණෙනි, මෙසේ වනාහි සතර වැදෑරුම් වාක් කර්‍ම සම්පත්තීවූ කුසල් සිත් සුව ගෙන දෙන්නේ වේ. සැප විපාක ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ නම් ත්‍රිවිධ මනඃ කර්‍ම සම්පත්තීවූ කුසල් සිත් සුව ගෙන දෙන්නේද? සැප විපාක ඇත්තේ වේද? සිතින් තුන් වැදෑරුම් පිරිසිදුබව වේද? මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මහණෙනි, ත්‍රිවිධ මනඃ කර්‍ම සම්පත්තීවූ කුසල් සිත් සැප ගෙන දෙන්නේ වේ. සැප විපාක ඇත්තේ වේ.

’’මහණෙනි, යම් සේ නිර්දෝෂ මැණිකක් උඩ වීසිකෙළේ නම් යම් තැනෙක පිහිටාද, මොනවට පිහිටියේ වේද, මහණෙනි, එසේම කුසල් උපදවන ත්‍රිවිධ කායකර්‍ම සම්පත්ති හේතුවෙන් හෝ සත්ත්‍වයෝ මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. වාක්කර්ම සම්පත්ති හේතුවෙන් හෝ, සත්ත්‍වයෝ මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. මනොකර්‍ම සම්පත්ති හේතුවෙන් හෝ, සත්ත්‍වයෝ (කරජ) කායයාගේ බිඳීමෙන් (මරණින්) මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.’’