අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(22) 2. සාමඤ්ඤ වර්‍ගය

221–236.

දසසුගති දුග්ගති ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ තැනැත්තා ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

කවර දශයකින්ද යත්? සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, තද ලෝබකම ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිසදිටු වේද, මහණෙනි, මේ ධර්ම දශයෙන් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

’’මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ තැනැත්තා ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් ස්වර්‍ගයෙහි වේ.

’’කවර දශයකින්ද යත්? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. ’’නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද? පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ. ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මහණෙනි, මේ ධර්ම දශයෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ ස්වර්‍ගයෙහි වේ.’’

වීසති ධම්ම සූත්‍රය

’’මහණෙනි, කරුණු විස්සකින් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

’’කවර විස්සකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි යෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙහි යොදවයිද, තමන් බොරු කියයිද, අනුන්ද බොරු කීමෙහි යොදවයිද, තමන් කේලාම් කියයිද, අනුන්ද කේළාම් කීමෙහි යොදවයිද, තමන් ප්‍රලාප දොඩාද, අනුන්ද ප්‍රලාප දෙඩීමෙහි යොදවයිද, තමන් තෘෂ්ණා බහුලකොට ඇත්තේද, අනුන්ද තෘෂ්ණා බහුලබවෙහි යොදවයිද, තමන් ක්‍රෝධ සිත් ඇත්තේ වේද, අනුන්ද ක්‍රෝධයෙහි යොදවයිද, තමන් මිසදිටුවේද, අනුන්ද මිසදිටුයෙහි යොදවයිද, මහණෙනි, මේ විසි ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු විස්සකින් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් ස්වර්‍ගයෙහි වේ.

’’කවර විස්සකින්ද යත්? තමන් සතුන් මැරීමෙන් වලකින්නේ වේද, අනුන්ද සතුන් නොමැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ නොගැන්මෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි නොයෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා නොහැසිරීමෙහි සමාදන් කරවයිද , තමන් බොරු නොකියයිද, අනුන්ද බොරු නොකීමෙහි සමාදන් කරවයිද, තමන් කේලාම් නොකියයිද, අනුන්ද කේළාම් නොකීමෙහි සමාදන් කරවයිද , තමන් ප්‍රලාප නොදොඩාද, අනුන්ද ප්‍රලාප නොකීමෙහි සමාදන් කරවයිද, තමන් තෘෂ්ණා බහුලකොට නැත්තේද, අනුන්ද තෘෂ්ණා බහුල නොවීමෙහි සමාදන් කරවයිද , තමන් ක්‍රෝධ සිත් ඇත්තේ නොවේද, අනුන්ද ක්‍රෝධ සිත් ඇති නොකිරීමේ සමාදන් කරවයිද, තමන් මිසදිටු නොවේද, අනුන්ද මිසදිටු නොවීමේ සමාදන් කරවයිද, මහණෙනි, මේ විසි ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. මහණෙනි, කරුණු විස්සකින් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් ස්වර්‍ගයෙහි වේ.

තිංස ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම තිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. තමාද සතුන් නැසීමෙන් යුක්තවූයේ වේ. අනුන්ද සතුන් නැසීමෙහි සමාදන් කරවයි. සතුන් නැසීමෙහි එකඟවූයේ වෙයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වරදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, මේ ධර්‍ම තිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ නරකයෙහි වේ.

’’මහණෙනි, තිස් ධර්‍මයකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දක් මෙන් ස්වර්‍ගයෙහි උපදී.

’’කවර තිසකින්ද යත්? තමාද සතුන් නැසීමෙන් වෙන්වූයේ වේ. අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමට සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟවූයේ වේ. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, මේ ධර්‍ම තිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ ස්වර්‍ගයෙහි වේ.

චත්තාලීස ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම සතළිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබුවාසේ නරකයෙහි වේ.

’’කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේ. අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙහි එකඟ වෙයි. සතුන් මැරීමෙහි ගුණද කියයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වැරදි දැකිමට එකඟ වූයේ වේද, අනුන්ටද වැරදි දැකීමෙහි ගුණ කියයිද, මහණෙනි, මේ ධර්‍ම සතළිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ නරකයෙහි වේ.

’’මහණෙනි, ධර්‍ම සතළිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. අන්‍යයන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟ වන්නේ වේ. සතුන් මැරීමෙන් වෙන්වීමෙහි ගුණ කියයි. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගැණ කියයිද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, නිවැරැදි දැකීමෙහි ගුණ කියයිද, මහණෙනි, මේ ධර්‍ම සතළිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ ස්වර්‍ගයෙහි වේ.’’

දස ඛතූපහත ධම්ම සූත්‍රය

’’මහණෙනි, දස ධර්මයකින් යුක්තවූයේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් පරිහරණය කරයි. කවර දශයකින්ද යත්? සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, තද ලෝබකම ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිසදිටු වේද, මහණෙනි, දස ධර්මයකින් යුක්තවූයේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, ආත්මයක් පරිහරණය කරයි. මහණෙනි, දස ධර්මයකින් යුක්තවූයේ, සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති, ආත්මයක් පරිහරණය කරයි. කවර දශයකින්ද යත්? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද? පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ. ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්‍දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මහණෙනි, දස ධර්මයකින් යුක්තවූයේ, සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති, ආත්මයක් පරිහරණය කරයි.

වීසති ඛතූපහත ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම විස්සකින් යුක්තවූයේ සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. කවර විස්සකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි යෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙහි යොදවයිද, තමන් බොරු කියයිද, අනුන්ද බොරු කීමෙහි යොදවයිද, තමන් කේලාම් කියයිද, අනුන්ද කේළාම් කීමෙහි යොදවයිද, තමන් ප්‍රලාප දොඩාද, අනුන්ද ප්‍රලාප දෙඩීමෙහි යොදවයිද, තමන් තෘෂ්ණා බහුලකොට ඇත්තේද, අනුන්ද තෘෂ්ණා බහුලබවෙහි යොදවයිද, තමන් ක්‍රෝධ සිත් ඇත්තේ වේද, අනුන්ද ක්‍රෝධයෙහි යොදවයිද, තමන් මිසදිටුවේද, අනුන්ද මිසදිටුයෙහි යොදවයිද, මහණෙනි, ධර්‍ම විස්සකින් යුක්තවූයේ සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. මහණෙනි, ධර්‍ම විස්සකින් යුක්තවූයේ සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. කවර විස්සකින්ද යත්? තමන් සතුන් මැරීමෙන් වලකින්නේ වේද, අනුන්ද සතුන් නොමැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ නොගැන්මෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි නොයෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා නොහැසිරීමෙහි සමාදන් කරවයිද , තමන් බොරු නොකියයිද, අනුන්ද බොරු නොකීමෙහි සමාදන් කරවයිද, තමන් කේලාම් නොකියයිද, අනුන්ද කේළාම් නොකීමෙහි සමාදන් කරවයිද , තමන් ප්‍රලාප නොදොඩාද, අනුන්ද ප්‍රලාප නොකීමෙහි සමාදන් කරවයිද, තමන් තෘෂ්ණා බහුලකොට නැත්තේද, අනුන්ද තෘෂ්ණා බහුල නොවීමෙහි සමාදන් කරවයිද , තමන් ක්‍රෝධ සිත් ඇත්තේ නොවේද, අනුන්ද ක්‍රෝධ සිත් ඇති නොකිරීමේ සමාදන් කරවයිද, තමන් මිසදිටු නොවේද, අනුන්ද මිසදිටු නොවීමේ සමාදන් කරවයිද, මහණෙනි, මේ විසි ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. මහණෙනි, ධර්‍ම විස්සකින් යුක්තවූයේ සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි.’’

තිංසතිඛතූපහත ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම තිහකින් යුක්තවූයේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. තමාද සතුන් නැසීමෙන් යුක්තවූයේ වේ. අනුන්ද සතුන් නැසීමෙහි සමාදන් කරවයි. සතුන් නැසීමෙහි එකඟවූයේ වෙයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වරදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, ධර්‍ම තිහකින් යුක්තවූයේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. මහණෙනි, ධර්‍ම තිහකින් යුක්තවූයේ, සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. කවර තිසකින්ද යත්? තමාද සතුන් නැසීමෙන් වෙන්වූයේ වේ. අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමට සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟවූයේ වේ. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, ධර්‍ම තිහකින් යුක්තවූයේ, සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි.’’

චත්තාලීස ඛතූපහත ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම සතළිසකින් යුක්තවූයේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේ. අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙහි එකඟ වෙයි. සතුන් මැරීමෙහි ගුණද කියයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වැරදි දැකිමට එකඟ වූයේ වේද, අනුන්ටද වැරදි දැකීමෙහි ගුණ කියයිද, මහණෙනි, ධර්‍ම සතළිසකින් යුක්තවූයේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. මහණෙනි, ධර්‍ම සතළිසකින් යුක්තවූයේ, සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි. කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. අන්‍යයන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟ වන්නේ වේ. සතුන් මැරීමෙන් වෙන්වීමෙහි ගුණ කියයි. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගැණ කියයිද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, නිවැරැදි දැකීමෙහි ගුණ කියයිද, මහණෙනි, ධර්‍ම සතළිසකින් යුක්තවූයේ, සාරා නොදමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති ආත්මයක් පරිහරණය කරයි.

දස අපායුපග ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදියි. කවර දශයකින්ද යත්? සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේළාම් කියන්නේ වේද, ඵරුෂ වචන කියන්නේ වේද, ප්‍රලාප දොඩන්නේ වේද, තද ලෝබකම ඇත්තේ වේද, ක්‍රොධ සිත් ඇත්තේ වේද, මිසදිටු වේද, මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ග ලෝකයෙහි උපදියි. කවර දශයකින්ද යත්? මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි. ’’නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්‍ථ්‍යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්‍මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද? පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ. ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්‍ධද, එබඳු වචන නොකියන්නේ වේ. ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්‍මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද, මේ සත්ත්‍වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ. දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්‍වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්‍ගයට ගියාවූ, යහපත් මාර්‍ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, මහණෙනි, ධර්ම දශයකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති, ස්වර්‍ග ලෝකයෙහි උපදියි.’’

වීසති අපායුපහ ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදී. කවර විස්සකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි යෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙහි යොදවයිද, තමන් බොරු කියයිද, අනුන්ද බොරු කීමෙහි යොදවයිද, තමන් කේලාම් කියයිද, අනුන්ද කේළාම් කීමෙහි යොදවයිද, තමන් ප්‍රලාප දොඩාද, අනුන්ද ප්‍රලාප දෙඩීමෙහි යොදවයිද, තමන් තෘෂ්ණා බහුලකොට ඇත්තේද, අනුන්ද තෘෂ්ණා බහුලබවෙහි යොදවයිද, තමන් ක්‍රෝධ සිත් ඇත්තේ වේද, අනුන්ද ක්‍රෝධයෙහි යොදවයිද, තමන් මිසදිටුවේද, අනුන්ද මිසදිටුයෙහි යොදවයිද, මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදියි. කවර විස්සකින්ද යත්? තමන් සතුන් මැරීමෙන් වලකින්නේ වේද, අනුන්ද සතුන් නොමැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ නොගැන්මෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි නොයෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා නොහැසිරීමෙහි සමාදන් කරවයිද , තමන් බොරු නොකියයිද, අනුන්ද බොරු නොකීමෙහි සමාදන් කරවයිද, තමන් කේලාම් නොකියයිද, අනුන්ද කේළාම් නොකීමෙහි සමාදන් කරවයිද තමන් ප්‍රලාප නොදොඩාද, අනුන්ද ප්‍රලාප නොකීමෙහි සමාදන් කරවයිද, තමන් තෘෂ්ණා බහුලකොට නැත්තේද, අනුන්ද තෘෂ්ණා බහුල නොවීමෙහි සමාදන් කරවයිද , තමන් ක්‍රෝධ සිත් ඇත්තේ නොවේද, අනුන්ද ක්‍රෝධ සිත් ඇති නොකිරීමේ සමාදන් කරවයිද, තමන් මිසදිටු නොවේද, අනුන්ද මිසදිටු නොවීමේ සමාදන් කරවයිද, මහණෙනි, මේ විසි ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. මහණෙනි, ධර්ම විස්සකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදියි.

තිංසති අපායුපග ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදියි. තමාද සතුන් නැසීමෙන් යුක්තවූයේ වේ. අනුන්ද සතුන් නැසීමෙහි සමාදන් කරවයි. සතුන් නැසීමෙහි එකඟවූයේ වෙයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වරදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු කොට ඇද වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ග ලෝකයෙහි උපදියි. කවර තිසකින්ද යත්? තමාද සතුන් නැසීමෙන් වෙන්වූයේ වේ. අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමට සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟවූයේ වේ. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, ධර්ම තිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ග ලෝකයෙහි උපදියි.’’

චත්තාළීසති අපායුපග ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදියි. කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේ. අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙහි එකඟ වෙයි. සතුන් මැරීමෙහි ගුණද කියයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වැරදි දැකිමට එකඟ වූයේ වේද, අනුන්ටද වැරදි දැකීමෙහි ගුණ කියයිද, ’’මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති නපුරුකොට ඇද වැටෙන නරකයෙහි උපදියි. මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර සතළිසකින්ද යත්? තමාද සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. අන්‍යයන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟ වන්නේ වේ. සතුන් මැරීමෙන් වෙන්වීමෙහි ගුණ කියයි. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රොධයෙන් වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගැණ කියයිද, තමාද නිවැරැදි දැකීම් ඇත්තේ වේද, නිවැරැදි දැකීමට සමාදන් කරවයිද, නිවැරැදි දැකිමට එකඟ වූයේ වේද, නිවැරැදි දැකීමෙහි ගුණ කියයිද, මහණෙනි, ධර්ම සතළිසකින් යුක්තවූ මේ ලෝකයෙහි වසන ඇතැම් පුද්ගලයෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි.’’

දස බාල ධම්ම සූත්‍රය

’’මහණෙනි, දස ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. දස ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි. මහණෙනි, විසි ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, විසි ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි. මහණෙනි, තිස් ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, තිස් ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි. මහණෙනි, සතලිස් ධර්මයකින් යුක්තවූ බාලයා දත යුතුයි. මහණෙනි, සතලිස් ධර්මයකින් යුක්තවූ පණ්ඩිතයා දතයුතුයි. (මේ ධර්ම ඉහත සූත්‍රයේ මෙනි.)

සාමඤ්ඤවග්ගො දුතියො.