අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

3. මහා වර්‍ගය

3. වාරත්තය පහාතබ්බ සූත්‍රය

’’මහණෙනි, කයින් ප්‍රහිණය කටයුතු, වචනයෙන් ප්‍රහාණය නොකටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, කයින් නොව වචනයෙන් ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, කයින්ද, වචනයෙන්ද ප්‍රහාණය නොකටයුතු, ඤාණයෙන් දැක දැක ප්‍රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ.

’’මහණෙනි, කවර ධර්ම කෙනෙක් වචනයෙන් නොව කයින් ප්‍රහාණය කටයුතුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඔහුට ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු දැන ’ආයුෂ්මත් තෙමේ වනාහි කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේය. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් කාය දුෂ්චරිතය අත්හැර, කාය සුචරිතය වඩන්නේ යහපතැයි’ මෙසේ කීවාහුය. හෙතෙම නුවණැති සබ්‍රම්සරුන් විසින් දැන කියනු ලබන්නේ, කාය දුශ්චරිතය අත්හැර, කාය සුචරිතය පුරයි. මහණෙනි, මේ වචනයෙන් නොව කයින් ප්‍රහීන කටයුතු ධර්මයෝයයි කියනු ලැබෙත්.

’’මහණෙනි, කයින් නොව, වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වචනයෙන් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඔහුට ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු දැන ’ආයුෂ්මත් තෙමේ වනාහි වචනයෙන් යම් ලේෂ මාත්‍ර අකුශලයකට පැමිණියේය. ආයුෂ්මත් තෙමේ වාක් දුෂ්චරිතය අත්හැර, වාක් සුචරිතය වඩන්නේ යහපතැ’ යි කීවාහුය. ඤාණවන්ත සබ්‍රම්සරුන් විසින් දැන කියන්නේ, වාක් දුෂ්චරිතය අත්හැර, වාක් සුචරිතය පුරයි. මහණෙනි, මේ ධර්මයෝ කයින් නොව වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝය.

’’මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් කයිනුත් නොව, වචනයෙනුත් නොව, නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුද? මහණෙනි, ලෝභය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ද්වේෂය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මෝහය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ක්‍රෝධය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, බද්‍ධ වෛරය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මකු ගතිය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, එකට එක කිරීම කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මසුරුකම කයිනුත් පහ නොකළ යුතුය. වචනයෙන් ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය.

’’මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කවරේද? මහණෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ධනයෙන් හෝ, ධාන්‍යයෙන් හෝ, රිදියෙන් හෝ, රත්රනින් හෝ, සමෘද්‍ධ වේද, එහි එක්තරා දාසයෙකුට හෝ අමුත්තෙකුට, ’එකාන්තයෙන් මේ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ, රිදියෙන් හෝ, රත්රනින් හෝ, සමෘද්‍ධ නොවන්නේ නම් යහපතැ’ යි මෙබඳු සිතක් වේ. ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ වේද, එහි එක්තරා ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට, ’ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර නොලබන්නේ නම් යෙහෙකැයි මෙබඳු සිතක් වේ. මහණෙනි, මේ ලාමක ඊෂ්‍යාවයි. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් ප්‍රහාණය නොකටයුතුය. වචනයෙනුත් නොව, නුවණින් දැන දැන ප්‍රහීන කටයුතුය.

’’මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කෙනෙක් අශ්‍රද්‍ධාවත් වූයේ, ’මා ශ්‍රද්‍ධාවත්ය’ යි දැනගන්නාහු නම් කැමතිවේ. දුශ්ශීලවූයේම, ’මා සිල්වත්ය’ යි දන්නාහු නම් යෙහෙකැයි (කැමති වෙයි.) අල්පශ්‍රුත වූයේම, ’මා බහුශ්‍රුතයයි දනීනම් යෙහෙකැ’ යි කැමති වෙයි. පිරිස් හා ගැටුනේ, ’මා ප්‍රකර්‍ෂ විවේකයට ගියේයයි දන්නාහුය’ යි කැමතිවෙයි. කම්මැලිවූයේ, ’මා පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේයයි දනීවා’ යි කැමතිවෙයි. මුළා සිහි ඇත්තේම, ’මා එළඹ සිටි සිහි ඇත්තේයයි දන්නාහුය’ යි කැමතිවෙයි. නොසන්සිඳුනේ, ’සංසිඳුනේයයි මා දනීවා’ යි කැමතිවෙයි. නුවණ නැත්තේ, ’මා ප්‍රඥාවන්තයයි දනීවා’ යි කැමතිවෙයි. ක්‍ෂීණාශ්‍රව නොවූයේම, ’මා කෙළෙසුන් නැති කෙනෙකැයි දනීවා’ යි කැමතිවෙයි. මහණෙනි, මේ ලාමක ඊර්‍ෂ්‍යාවයයි කියනු ලැබේ. මහණෙනි, ලාමක ඊර්‍ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය.

’’මහණෙනි, ඉදින් ඒ භික්‍ෂුව ලෝභය මැඩ පවත්වා වාසය කරයිද, ද්වේෂය මැඩ පවත්වා වාසය කරයිද, මෝහය මැඩ පවත්වා වාසය කරයිද, ක්‍රොධය මැඩ පවත්වා වාසය කරයිද, බද්‍ධ වෛරය මැඩ පවත්වා වාසය කරයිද, ගුණමකු ගතිය මැඩ පවත්වා වාසය කරයිද, යුගග්‍රාහය (එකට එක කිරීම) මැඩ පවත්වා වාසය කරයිද, මසුරුකම මැඩ පවත්වා වාසය කරයිද, ලාමක ඊර්‍ෂ්‍යාව මැඩ පවත්වා වාසය කරයිද, යටකොට වාසය කරයිද, හෙතෙම තෙමේ යම්සේ දන්නාහට ලෝභය නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී’ එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට වාසය නොකරයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී.’ මෝහය, ක්‍රොධය, බද්‍ධ වෛරය, ගුණමකු ගතිය, එකට එක කිරීම, මසුරුකම, ලාමක ඊර්‍ෂ්‍යාව හා ලාමක බලාපොරොත්තු නොවේද, එසේමැයි ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මා මැඩ පවත්වා ඉරියව් පවත්වයි.

’’ඉදින් මහණෙනි, ඒ භික්‍ෂුව ලෝභය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ද්වේෂය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, මොහය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ක්‍රොධය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, බද්‍ධ වෛරය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ගුණමකු ගතිය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, එකට එක කිරීම මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, මසුරුකම මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ලාමක ඊර්‍ෂ්‍යාව මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ලාමක බලාපොරොත්තු මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, හෙතෙම මෙසේ දත යුතු වන්නේය. යම් සේ දන්නාහට ලෝභය නොවේද, එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී. එසේම යම් සේ දන්නාහට ලෝභය නොවේද, එසේම ආයුෂ්මත් මා ලෝභය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලෝභය නොවේ නම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.’

’’යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා ද්වේෂය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ද්වේෂය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.

’’යම් සේ දන්නාහට ක්‍රොධය නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා ක්‍රොධය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ක්‍රොධය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ක්‍රොධය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ක්‍රොධය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.

’’යම් සේ දන්නාහට බද්‍ධ වෛරය නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා බද්‍ධ වෛරය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට බද්‍ධ වෛරය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු බද්‍ධ වෛරය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට බද්‍ධ වෛරය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.

’’යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා ගුණමකුගතිය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ගුණමකුගතිය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.

’’යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා එකට එක කිරීම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු එකට එක කිරීම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.

’’යම් සේ දන්නාහට මසුරුකම නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා මසුරුකම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට මසුරුකම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු මසුරුකම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට මසුරුකම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.

’’යම් සේ දන්නාහට ලාමක ඊර්‍ෂ්‍යාව නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා ලාමක ඊර්‍ෂ්‍යාව යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක ඊර්‍ෂ්‍යාව නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක ඊර්‍ෂ්‍යාව මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක ඊර්‍ෂ්‍යාව නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.

’’යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, ’මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ’මා ලාමක බලාපොරොත්තු යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.’’