අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
4. චතුත්‍ථ පණ්ණාසකය
23. රාගාදි පෙයියාලය
237–746.
අසුභසඤ්ඤා රාගාභිඤ්ඤා සූත්‍රය.
’’මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුතුය. කවර දසයක්ද යත්? අශුභය යන හැඟීම, මැරේය යන හැඟීම, අහරෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, අනිත්‍ය හැඟීම, අනිත්‍යයෙහි දුක් යන හැඟීම, දුකෙහි අනාත්ම යන හැඟීම, දුරුකරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.’’
අනිච්ච සඤ්ඤා පරිඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, රාගයාගේ හොඳට දැනගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දසයක්ද යත්? අනිත්‍යය යන හැඟීම, අනාත්මය යන හැඟීම, ආහාරයෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, ඇට යන හැඟීම, පණුවන් යන හැඟීම, නිල්ය යන හැඟීම, පූයාය යන හැඟීම, සිදුරු සහිතය යන හැඟීම, ඉදිමුණේය යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගයාගේ හොඳට දැන ගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.’’
දස ධම්ම රාග සඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දහයක්ද යත්? නිවැරැදි දැකීම, නිවැරැදි සිතීම, නිවැරැදි වචන, නිවැරැදි ක්‍රියා, නිවැරැදි ජීවිකාව, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිතේ එකඟකම, නිවැරැදි නුවණ, නිවැරැදි මිදිම, යන දහයයි. මහණෙනි, රාගය හොඳට දැනගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.’’
දස ධම්ම පරිඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස, ක්‍ෂය වීම පිණිස, විනාශය පිණිස, නෙැඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, අත් හැරීම පිණිස, දුරු කිරීම පිණිස, ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දහයක්ද යත්? නිවැරැදි දැකීම, නිවැරැදි සිතීම, නිවැරැදි වචන, නිවැරැදි ක්‍රියා, නිවැරැදි ජීවිකාව, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිතේ එකඟකම, නිවැරැදි නුවණ, නිවැරැදි මිදිම, යන දහයයි. මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස, ක්‍ෂය වීම පිණිස, විනාශය පිණිස, නෙැඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, අත් හැරීම පිණිස, දුරු කිරීම පිණිස, මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.’’
’’මහණෙනි, ද්වේෂය, මොහය, ක්‍රොධය, බද්‍ධ වෛරය, ගුණමකුකම, උතුමන් සමකර සිතීම, ඊර්‍ෂ්‍යාව, මසුරුකම, මායාව, කෛරාටික කම, තදකම, එකට එක කිරීම, මාන්නය, අති මාන්නය, මදය, ප්‍රමාදය යන මොවුන් හොඳට දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස, ක්‍ෂය වීම පිණිස, විනාශය පිණිස, නෙැඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, අත් හැරීම පිණිස, දුරු කිරීම පිණිස, ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දහයක්ද යත්? නිවැරැදි දැකීම, නිවැරැදි සිතීම, නිවැරැදි වචන, නිවැරැදි ක්‍රියා, නිවැරැදි ජීවිකාව, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිතේ එකඟකම, නිවැරැදි නුවණ, නිවැරැදි මිදිම, යන දහයයි. මහණෙනි, ද්වේෂය, මොහය, ක්‍රොධය, බද්‍ධ වෛරය, ගුණමකුකම, උතුමන් සමකර සිතීම, ඊර්‍ෂ්‍යාව, මසුරුකම, මායාව, කෛරාටිකකම, තදකම, එකට එක කිරීම, මාන්නය, අති මාන්නය, මදය, ප්‍රමාදය යන මොවුන් පිරිසිඳ දැනීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස, ක්‍ෂය වීම පිණිස, විනාශය පිණිස, නෙැඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, අත් හැරීම පිණිස, දුරු කිරීම පිණිස, මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.’’ (ඉහත සඳහන් වචන යෙදීමෙන් ඒ ඒ සූත්‍ර සකස් කර ගත යුතුයි. )
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
දසක නිපාතය නිමි.