අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

7. අධිකරණික සූත්‍රය

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, කලන්‍දක භික්‍ෂුව අරභයා, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන්ට ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ’’පින්වතුන් වහන්සැ’’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නඩු විසඳන්නෙක් වේද, නඩු සමාදානයෙහි ගුණ නොකියයිද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම නඩු විසඳන්නෙක් වේද, නඩු සමාදානයෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ශික්‍ෂාකාමී නොවේද, ශික්‍ෂා සමාදානයෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ලාමක බලාපොරොත්තු ඇත්තේ වේද, කැමැත්ත සංසිඳවීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, ක්‍රොධ යටපත් කිරීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ගුණමකුවේද, ගුණමකුකම සංසිඳවීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම කෛරාටික වූයේද, කෛරාටිකකම නැතිකිරීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම මායා දන්නේවේද, මායා සංසිඳවීමෙහි ගුණ නොකියාද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ධර්‍මයන් නොඅසන සුළුවේද, බණ ඇසීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ඵල සමවතෙහි නොඇලුනේවේද, ඵල සමවතෙහි ඇලීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන් හා පිළිසඳර කථා නොකරන්නේ වේද, පිළිසඳර කථා කරන්නාට ගුණ නොකියයිද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන් හා පිළිසඳර කථා නොකරන්නේ වේද, පිළිසඳර කථා කරන්නාට ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.

’’මහණෙනි, මෙබඳු භික්‍ෂුවට හුදෙක් මට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, සලකන්නාහු නම්, පුදන්නාහු නම් යෙහෙකැයි, මෙසේ කැමැත්තක් ඇතිවන්නේය. වැලිදු ඔහුට සබ්‍රම්සරහු සත්කාර නොකරත්, නොසළකත්, නොපුදත්. ඊට හේතුව කවරේද? මහණෙනි, එසේමැයි ඤාණවන්ත සබ්‍රම්සරහු ඔහුගේ ප්‍රහීන නොවූ ලාමක අකුශල ධර්‍මයන් දනිත්.

’’මහණෙනි, යම්සේ පහත් අශ්වයාට, ඒකාන්තයෙන් මා මනුෂ්‍යයෝ ආජානෙය අශ්වයාගේ ස්ථානයෙහි තබන්නාහු නම්, ආජානෙය භොජනයද කවන්නාහු නම්, ආජානෙය පිරිමැදීමෙන් පිරිමදින්නාහු නම් යෙහෙකැයි මෙසේ කැමැත්තක් වන්නේය. නැවත මනුෂ්‍යයෝ ඔහු ආජානෙය ස්ථානයෙහි නොතබත්. ආජානෙය අශ්වයාගේ කෑම නොකවත්. ආජානෙය අශ්වයාගේ පිරිමැදීමෙන් නොපිරිමදිත්. ඊට හේතු කවරේද, මහණෙනි, එසේමය. ඤාණවන්ත මනුෂ්‍යයෝ ඔහුගේ කුළු ගති, කපටිකම්, ඇදකම්, වක් ගති දනිත්.

’’මහණෙනි, මෙබඳු භික්‍ෂුවට හුදෙක් මට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, සලකන්නාහු නම්, පුදන්නාහු නම් යෙහෙකැයි, මෙසේ කැමැත්තක් ඇතිවන්නේය. වැලිදු ඔහුට සබ්‍රම්සරහු සත්කාර නොකරත්, නොසළකත්, නොපුදත්. ඊට හේතුව කවරේද? මහණෙනි, එසේමැයි ඤාණවන්ත සබ්‍රම්සරහු ඔහුගේ ප්‍රහීන නොවූ ලාමක අකුශල ධර්‍මයන් දනිත්.

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නඩු නොවිසඳන්නේ වේද, නඩු සමාදානයෙහි ගුණ කියයිද, මහණෙනි, මහණතෙම යම් හෙයකින් නඩු නොවිසඳන්නේ වේද, නඩු සංසිඳීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, කලන්‍දක භික්‍ෂුව අරභයා, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන්ට ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ’’පින්වතුන් වහන්සැ’’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

’’මහණෙනි, නැවතද මහණතෙම ශික්‍ෂාපද ගරු කරන්නේ වේද, ශික්‍ෂාපද සමාදන්වීමෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම ශික්‍ෂාපද ගරු කරන්නේ වේද, ශික්‍ෂාපද සමාදන්වීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම තෘෂ්ණා නැත්තේ වේද, තෘෂ්ණාව තුනී කිරීමෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම තෘෂ්ණා නැත්තේ වේද, තෘෂ්ණාව තුනී කිරීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ක්‍රොධ නොකරණ ස්වභාව ඇත්තේ වේද, ක්‍රෙධ සංසිඳවීමෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම ක්‍රොධ නොකරණ ස්වභාව ඇත්තේ වේද, ක්‍රෙධ සංසිඳවීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ගුණමකු නොවේද, ගුණමකුකම සංසිඳවීමෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම ගුණමකු නොවේද, ගුණමකුකම සංසිඳවීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම කෛරාටික නොවේද, කෛරාටිකකම සංසිඳවීමෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම කෛරාටික නොවේද, කෛරාටිකකම සංසිඳවීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම මායා නැත්තේ වේද, මායාව සංසිඳවීමෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම කෛරාටික නොවේද, කෛරාටිකකම සංසිඳවීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම ධර්‍මයන් අසන ස්වභාව ඇත්තේ වේද, බණ ඇසීමෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම ධර්‍මයන් අසන ස්වභාව ඇත්තේ වේද, බණ ඇසීමෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම විවේකයට ගියේ වේද, විවේකයෙහි ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම විවේකයට ගියේ වේද, විවේකයෙහි ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන් සමග පිළිසඳර කථා කරන්නෙක් වේද, පිළිසඳර කථා කරන්නාගේ ගුණ කියයිද, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන් සමග පිළිසඳර කථා කරන්නෙක් වේද, පිළිසඳර කථා කරන්නාගේ ගුණ කියයිද, මේ ධර්‍මය ප්‍රිය බව පිණිස, ගරුත්‍වය පිණිස, දියුණුව පිණිස, සමානබව පිණිස, සමගිය පිණිස වේ.

’’මහණෙනි, මෙබඳු භික්‍ෂුවට හුදෙක් මට සබ්‍රම්සරහු සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, සලකන්නාහු නම්, පුදන්නාහු නම් යෙහෙකැයි, මෙසේ කැමැත්තක් ඇතිවන්නේය. වැලිදු ඔහුට සබ්‍රම්සරහු සත්කාර නොකරත්, නොසළකත්, නොපුදත්. ඊට හේතුව කවරේද? මහණෙනි, එසේමැයි ඤාණවන්ත සබ්‍රම්සරහු ඔහුගේ ප්‍රහීන නොවූ ලාමක අකුශල ධර්‍මයන් දනිත්.

’’මහණෙනි, යම්සේ උසස් ආජානෙය අශ්වයාට, ඒකාන්තයෙන් මා මනුෂ්‍යයෝ ආජානෙය අශ්වයාගේ ස්ථානයෙහි තබන්නාහු නම්, ආජානෙය භොජනයද කවන්නාහු නම්, ආජානෙය පිරිමැදීමෙන් පිරිමදින්නාහු නම් යෙහෙකැයි, මෙසේ කැමැත්තක් වන්නේය. නැවත මනුෂ්‍යයෝ ඔහු ආජානෙය ස්ථානයෙහි තබත්. ආජානෙය අශ්වයාගේ කෑම කවත්. ආජානෙය අශ්වයාගේ පිරිමැදීමෙන් පිරිමදිත්. ඊට හේතු කවරේද, මහණෙනි, එසේමය. ඤාණවන්ත මනුෂ්‍යයෝ ඔහුගේ කුළු ගති, කපටිකම්, ඇදකම්, වක් ගති දනිත්.