අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. උපාසක වර්‍ගය

3. කිංදිඨික සූත්‍රය

’’එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම කල් ඇතිව භාග්‍යවතුන් වහන්සේ දක්නට නික්මුනේය. ඉක්බිති අනේපිඬු ගෘහපතියාට, තවම භාග්‍යවතුන් වහන්සේ දක්නට නොකල්ය. භාග්‍යවතුන් වහන්සේ ඵල සමවතට සමවන් සේක. සිත වඩන භික්‍ෂූන් කරාද යාමට අකාලයය. සිත වඩන භික්‍ෂූහුද ඵල සමවත්වලට සමවැදුනාහ. අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නේ නම් යෙහෙකැයි සිතූයේය. ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණියේය.

එකල්හි වනාහි අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ එක්ව රැස්ව උස්හඬ නගන්නාහු, උස් හඬ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු, නානාප්‍රකාර තිරිසන් කථාවන් කියමින් හුන්නාහු වෙත්. ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයෝ එන්නාවූ අනාථ පිණ්ඩික ගෘහපතියා දුරදීම දැක්කාහුය. දැක, ඔවුනොවුන් ඇඟවූවාහුය. ’පින්වත්නි, ශබ්ද නොකරව්. පින්වත්නි, ශබ්ද නොකරව්. ශ්‍රාවකවූ මේ අනේපිඬු ගෘහපතිතෙම එයි. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් පමණ ගිහිවූ, සුදු ඇඳුම් අඳින්නාවූ, යම් ශ්‍රාවකයෝ සැවැත්නුවර වසත්ද, මේ අනාථ පිණ්ඩික ගෘහපතිතෙම ඔවුන්ගෙන් කෙනෙකි. ආයුෂ්මත්නි, ඔවුහු නිශ්ශබ්දභාවය කැමැත්තෝය. නිශ්ශබ්දව හික්මුණාහ. නිශ්ශබ්දබවෙහි ගුණ කියන්නාහ. නිශ්ශබ්ද පිරිස දැක එළඹෙන්ට සිතෙන්නේ නම් යෙහෙකැ’ යි කීහ. ඉක්බිති, ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

ඉක්බිති අනාථ පිණ්ඩික ගෘහපතිතෙම ඒ පරිබ්‍රාජකයෝ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ අන්‍යතීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.

ඒ පරිබ්‍රාජකයෝ එකත්පසෙක සිටි අනේපිඬු ගෘහපතියාට, ’’ගෘහපතිය, ශ්‍රමණ ගෞතම තෙම කවර කවර දෘෂ්ඨියක් ඇත්තේදැයි’’ කියව. ’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ සියලු දෘෂ්ඨි නොදනිමි’’ යි කීයේය. ’’ගෘහපතිය, ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ සියලු දෘෂ්ටි නොදන්නේ නම්, ගෘහපතිය, කියව. භික්‍ෂූහු කුමන දෘෂ්ඨි ඇත්තාහුද?’’ - ’’ස්වාමීනි, මම භික්‍ෂූන්ගේ සියලු දෘෂ්ටි නොදනිමි.’’ - ’’ඔබ කුමන දෘෂ්ටි ඇත්තේද?’’ - ’’ස්වාමීනි, අපි මේ දෘෂ්ටිකයෝයයි ප්‍රකාශ කිරීම දුෂ්කරය.’’ - ’’එසේනම් ආයුෂ්මත්හු, පළමුකොට ස්වකීය දෘෂ්ටි ප්‍රකාශ කෙරෙත්වා. නැවත අප විසින්ද, අපි අසවල් දෘෂ්ටිකයෝයයි ප්‍රකාශ කරන්ට දුෂ්කර නොවන්නේය.’’

’’මෙසේ කී කල්හි එක්තරා පරිබ්‍රාජකයෙක් අනේපිඬු ගෘහපතියාට, ’’ගෘහපතිය, මම ’ලෝකය ශාස්වතය, මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම ’ලෝකය සදාකාලික නොවේ. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම ’ලෝකය කෙළවරක් ඇත්තේය. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය. අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම ’ලෝකය කෙළවරක් නැත්තේය. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.

අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම ඒ ජීවමය, ඒ ශරීරමය මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.

අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම ඒ ජීවය අනිකකි, ශරීරය අනිකකි. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.

අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු වෙයි. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.

අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු නොවෙයි. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.

අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු වේද නොවේද වේ. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.

අනික් පරිබ්‍රාජකයෙක්ද අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, මම සත්ත්‍වයන් මරණින් මතු නොවෙයි. නොවන්නේද නොවේ. මෙයම ඇත්තය, අනිත් ඒවා හිස්ය’ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’ යි මෙය කීයේය.

මෙසේ කී කල්හි අනේපිඬු ගෘහපතිතෙම ඒ පරිබ්‍රාජකයන්ට, ’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’ගෘහපතිය, මම මේ ලෝකය ශාස්වතය, මෙයම ඇත්තය. අනික්වා බොරුයයි මෙබඳු දෘෂ්ටි ඇත්තේය’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’ලෝකය අශාස්වතය. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන්

සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’ලෝකය අනන්තයක් ඇත්තකි. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’සත්ත්‍වයා මරනින් මතු නොවෙයි. නොවන්නේද නොවෙයි. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’ලෝකය අන්තයක් නැත්තකි. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’එය ජීවය, එය ශරීරය, මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’ජීවය අනිකකි. ශරීරය අනිකකි. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’සත්ත්‍වයා මරණින් මතු වේය. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’සත්ත්‍වයා මරණින් මතු නොවේය. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

’’ස්වාමීනි, යම් මේ ආයුෂ්මත් කෙනෙක්, ’සත්ත්‍වයා මරනින් මතුවේය, නොවේය. මෙයම සත්‍යය. අනික්වා හිස්ය. ගෘහපතිය, මම මෙසේ දෘෂ්ටි ඇත්තෙමි’ යි මෙසේ කීවේද, ආයුෂ්මත්හුගේ මේ දෘෂ්ටිය තමාගේ හෝ නුනුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් උපන්නීය. අනුන්ගේ ඇසීම් හේතුවෙන් හෝ උපන්නීය. මේ දෘෂ්ටිතොමෝ වනාහි ඇත්තය. හේතුවෙන් සකස් කරණ ලද්දීය. සිතන ලද්දීය. හේතුවෙන් ප්‍රත්‍යයෙන් උපන්නිය. එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම් ඒ ආයුෂ්මත් තෙම එහි ඇලුනේය. එහිම ඒ ආයුෂ්මත් තෙම බැසගන්නා ලදී.

මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ අනේපිඬු ගෘහපතියාට, ’ගෘහපතිය, අප හැම දෙනා විසින්ම ස්වකීය දෘෂ්ටි යම්තාක්ද, ඒවා ප්‍රකාශ කරණ ලද්දාහ. ගෘහපතිය, ඔබ කුමන දෘෂ්ටි ඇත්තේදැයි ප්‍රකාශ කරව’ යි කීවාහුය.

’’ස්වාමීනි, හටගත් සකස්වු සිත් ඇති නිසා උපන් යමක් ඇත්තේද, එය අනිත්‍යය. යමක් අනිත්‍යද, එය දුකය. යමක් දුක නම්, ’මෙය මගේ නොවේ. මේ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේයයි ස්වාමීනි, මම මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වෙමි’ යි කීයේය.

’’ගෘහපතිය, යම් කිසිවක් හටගත්තේද, සකස්වීම ඇත්තේද, සිත් සහිතද, හේතු ප්‍රත්‍යයෙන් උපන්නේද, එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක නම්, ගෘහපතිය, එයම ඔබ අල්ලා ගත්තේය. ගෘහපතිය, ඔබ එහිම බැසගත්තේය.’’

’’ස්වාමීනි, යමක් හටගත්තේද, සකස්වීම ඇත්තේද, සිත සහිතද, නිසා උපදින ලද්දේද, එය අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුකය. යමක් දුක් නම්, ’මෙය මගේ නොවේ. ඒ මම නොවෙමි. මේ මගේ ආත්මය නොවේය’ යි මෙසේ එය තත්වු පරිද්දෙන්, සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ලද්දේය. ඔහුගේ මත්තෙහි මිදිම තත්වු පරිද්දෙන් දනිමි’ යි කීයේය. මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ තූෂ්ණීම්භූත වූවාහු, නැමුණු පිට ඇත්තාහු, මුව යටිකුරු කළාහු, සිතමින් නොවැටහෙමින් සිටියාහුය.

ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම තූෂ්ණීම්භූත වූ, මුඛ අකුලාගත්, නමාගත් පිට ඇති, යටිකුරු කළ මුහුණු ඇති, සිතන්නාවූ, නොවැටහෙන්නාවූ, ඒ පරිබ්‍රාජකයන් දැන, අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි අනේපිඬු ගෘහපතිතෙම, ඒ අන්‍ය තීර්ත්‍ථක පරිබ්‍රාජකයන් සමග යම්තාක් කථා සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය. ’ගෘහපතිය, යහපත. යහපත. ගෘහපතිය, මෙසේ වනාහි තොප විසින් ඒ හිස් පුරුෂයන් කලින්කල කරුණු සහිතව යටපත්කොට නිග්‍රහ කටයුත්තාහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු ගෘහපතියා ධාර්මික කථාවෙන් මනාසේ පෙන්වූයේය. සමාදන් කරවූයේය. තෙදගැන්වූයේය. සතුටු කෙළේය. ඉක්බිති අනේපිඬු ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් මනාසේ පෙන්වූයේ, සමාදන් කරවූයේ, තෙදගැන්වූයේ, සතුටු කෙළේ, අස්නෙන් නැගිට, බුදුන් වැඳ, පැදකුණුකොට, ගියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු ගෘහපතියා ගිය නොබෝ වේලාවකින් භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, මේ ධර්‍ම විනයෙහි උපසපන්වී වර්‍ෂ සියයක් නමුදු පසුවූ මහණ කෙනෙක් වේද, හෙතෙමේද යම්සේ ඒ අනේපිඬු ගෘහපතියා විසින් නිග්‍රහ කරණ ලද්දේද, අන්‍යතීන්‍ර්‍ථක පරිබ්‍රාජකයන් කරුණු සහිතව, මනාකොට යටපත්කොට නිග්‍රහ කරන්නේයයි වදාළ සේක.’’