අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(10) 5. උපාසක වර්ගය
6. කොකනද සූත්‍රය
එක් කාලයෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, රාත්‍රියෙහි අලුයම නැගිට, තපෝදාව යම් තැනෙක්හිද, ඇඟ සේදීම පිණිස වැඩි සේක. තපොදාවෙහි ඇඟ සෝදා, ඇඟ වේලමින් එක සිවුරෙන් සිටියේය. කොකනද පරිබ්‍රාජක තෙමේද, රාත්‍රියෙහි අළුයම් වේලාවෙහි නැගිට, තපෝදාව යම් තැනෙක්හිද, ඇඟ සේදීමට එහි පැමිණියේය. කොකනද පරිබ්‍රාජකතෙම, ඈත සිට එන ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැක, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට, ’’ඇවැත්නි, මෙහි සිටින ඔබ කවරෙක්දැ’’ යි ඇසීය. ’’ඇවැත්නි, මම භික්ෂු කෙනෙක් වෙමිය’’ යි කීයේය. ’’ඇවැත්නි, කවර භික්ෂූන් අතරෙහිදැ’’ යි ඇසිය. ’’ඇවැත්නි, ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් අතරේය’’ යි කීයේය.
’’ඉදින් ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට ආයුෂ්මත් තෙමේ අවකාශ දේ නම්, අපි ආයුෂ්මතුන්ගෙන් කිසියම් කරුණක් අසමු’’ යි කීයේය. ’’ඇවැත්නි, අසව. අසා දැනගන්නෙමි’’ යි කීයේය.
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ ලෝකය ශාස්වතය, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම ලෝකය ශාස්වතය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ ලෝකය අශාස්වතය, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම ලෝකය අශාස්වතය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ ලෝකය කෙළවරක් ඇත්තේය, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම ලෝකය කෙළවරක් ඇත්තේය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ ලෝකය කෙළවරක් නැත්තේය, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම ලෝකය කෙළවරක් නැත්තේය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ එය ජීවය, එය ශරීරය, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම එය ජීවය, එය ශරීරය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ ජීවය අනිකකි, ශරීරය අනිකකි, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම ජීවය අනිකකි, ශරීරය අනිකකි, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ සත්ත්ව තෙමේ මරණින් මතු වේ, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම සත්ත්ව තෙමේ මරණින් මතු වේ, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ සත්ත්ව තෙමේ මරණින් මතු නොවේ, මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම සත්ත්ව තෙමේ මරණින් මතු නොවේ, මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ සත්ත්ව තෙමේ මරණින් මතු වේද, නොවේද වේ. මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම සත්ත්ව තෙමේ මරණින් මතු වේද, නොවේද වේ. මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’පින්වත, කෙසේද? පින්වත් තෙමේ සත්ත්ව තෙමේ මරණින් මතු නොවේමය, නොවේද නොවේ. මේම සත්‍යය, සෙස්ස හිස්ය යන දෘෂ්ටි ඇත්තේද?’’ ’’ඇවැත්නි, මම සත්ත්ව තෙමේ මරණින් මතු නොවේමය, නොවේද නොවේ. මේම සත්‍යය, අනිත්වා හිස්යයි මෙබඳු දෘෂ්ටි ඇත්තේ නොවෙමි.’’
’’එසේනම් පින්වත් තෙමේ නොදනියි, නොදකියි.’’ ’’ඇවැත්නි, මම නොදන්නෙම්, නොදක්නෙම් නොවෙමි. ඇවැත්නි, මම දනිමි, දකිමි’’ යි කීයේය.
’’පින්වත, කිමෙක්ද, ලෝකය අශාස්වතද, මෙයම සත්‍යයද, අනිත්වා හිස්දැ’ යි ඇසීය. ’උත්තිය, මා විසින් ලෝකය අශාස්වතය, මෙයම සත්‍යය, අනිත්වා හිස්යයි මෙයද මා විසින් කීයේය.’’ එසේවී නම් පින්වත් තෙමේ නොදනී, නොදකී’’ යයි මෙසේ විචාරණ ලද්දේ, ’ඇවැත්නි, මම නොදන්නෙම්, නොදක්නෙම් නොවෙමි. ඇවැත්නි, මම දනිමි, දකිමි’ යි කීයෙහිය. ඇවැත්නි, කෙසේ වනාහි මේ භාෂිතයාගේ අර්ත්ථය දතයුතුදැ’’ යි ඇසීය.
’’ඇවැත්නි, ලෝකය ශාස්වතය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. ලෝකය අශාස්වතය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. ලෝකය කෙළවරක් ඇත්තේය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. ලෝකය කෙළවරක් නැත්තේය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. එය ජීවය, එය ශරීරය, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. ජීවය අනිකකි, ශරීරය අනිකකි, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. සත්ත්වතෙමේ මරණින් මතු වේ, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. සත්ත්වතෙමේ මරණින් මතු නොවේ. මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. සත්ත්වතෙමේ මරණින් මතු වේද, නොවේද වේ, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි. සත්ත්වතෙමේ මරණින් මතු නොවේමය, නොවේද නොවේ, මේම සත්‍යය, අනිත්වා හිස්යයි යන මෙය වැරදි අවබෝධයකි.
’’ඇවැත්නි, යම්තාක් වැරදි අවබෝධ වේද, යම්තාක් වැරදි කරුණු වෙත්ද, ඒතාක් එහි පිහිටීමය, මැඩගැනීම, හටගැන්ම, හැපීම වේ. එය මම දනිමි. එය මම දකිමි. එය මම දන්නෙම්, දක්නෙම්, නොදනිමි, නොදකිමියි කවරෙකුට කියන්නෙම්ද, ඇවැත්නි, ’මම දනිමි, දකිමි’ යි කීයේය. ආයුෂ්මත් තෙමේ කිනම් නමක් ඇත්තෙහිද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිද්දැ’’ යි ඇසීය.
’’ඇවැත්නි, මම ආනන්ද නම්. සබ්‍රම්සරහු මා ආනන්ද කියා දනිත්ය’’ යි කීයේය. ’’ඒකාන්තයෙන් මහාචාර්ය්යයකු හා කථා කරන්නේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේයයි නොදතුම්හ. ඉදින් අපි ආයුෂ්මත් ආනන්දයයි දනිමු නම් අපට මෙපමණකුදු ඇසීමට නොසිතෙන්නේය. ආයුෂ්මත් තෙමේ මට කමා වේවා.’’