අංගුත්තර නිකාය එක නිපාතය 14. යොධාජීව වර්ගය 138. තිසම්පදා සූත්රය “මහණෙනි, මේ සම්පත් තුනෙකි. කවර තුනෙක්ද? ශ්රද්ධා සම්පත්තියද, සීල සම්පත්තියද, ප්රඥා සම්පත්තියද වෙත්. මහණෙනි, මේ ත්රිවිධ සම්පත්තී හුය.”