අංගුත්තර නිකාය

එක නිපාතය

14. යොධාජීව වර්ගය

143-145. මොරනිවාප සූත්‍රය

(1) “මහණෙනි, ධර්ම තුනකින් යුත් භික්ෂුතෙම ඒකාන්තයෙන් නිෂ්ටාවට පැමිණියේ, ඒකාන්තයෙන් යොගයන් ක්ෂයකළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ දෙව් මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි. කවර ධර්ම තුනකින්ද?

(2) ‘ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද ආදෙසනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, අනුශාසනා ප්‍රාතිහාර්‍ය්‍යයෙන්ද, වෙයි.

(3) “මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුතෙමේ ඒකාන්තයෙන් යොගයන් ක්ෂය කෙළේ, ඒකාන්තයෙන් බ්‍රහ්මචාරිවූයේ, ඒකාන්තයෙන් අවසානයට පැමිණියේ දෙව් මිනිසුන්ට ශ්‍රෙෂ්ඨවූයේ වෙයි.”

(දසසතර වැනි යොධාජීව වර්ගය නිමි.)