අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(18) 3. සඤ්චෙතනිය වර්‍ගය

3. පටිසම්භිසච්ඡිකරණ සූත්‍රය

’’එකල්හි වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’ඇවැත්නි’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.

ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් අර්ත්‍ථප්‍රතිසම්භිදාව

’’කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.

’’ ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් ධර්ම ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.

’’ ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් නිරුත්ති ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.

’’ ඇවැත්නි, උපසම්පදාවූ අඩමසක් ඇති මා විසින් ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව කොටස් වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දෙමි. එය මම නොයෙක් අයුරින් ප්‍රකාශ කරමි. දේශනා කරමි. පනවමි. තබමි. විවරණය කරමි. බෙදමි. පහසු කරමි. යමෙකුට වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, ඒ මා ප්‍රශ්න කිරීමෙන්ද, මම ප්‍රකාශ කිරීමෙන්ද හමුවෙමු. යමෙක් අපගේ ධර්මයන්හි දක්‍ෂද ඒ අපගේ ශාස්තෘවරයන් වහන්සේය.