අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(18) 3. සඤ්චෙතනිය වර්ගය
4. ඡ ඵස්සායතන සූත්‍රය
ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවියයුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසක සිටියහ. එකත්පසක සිටියාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද?’’
’’ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.’’ ’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද?’’
’’ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.’’
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද නැත්තේද?’’
’’ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.’’
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, නැත්තේ නොවේද?’’
’’ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.’’
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේදැයි මෙසේ විචාරණ ලද්දේම, ’ඇවැත්නි, එසේ නොසිතනු මැනව.’ යි කීයෙහිය. ’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, මෙසේ විචාරණ ලද්දේම, ’ඇවැත්නි, එසේ නොසිතනු මැනව’ යි කීයෙහිය.
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද, නැත්තේදැයි මෙසේ විචාරණ ලද්දේම, ’ඇවැත්නි, එසේ නොසිතනු මැනව.’ යි කීයෙහිය. ’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද, නැත්තේ නොව්දැයි, මෙසේ විචාරණ ලද්දේම, ’ඇවැත්නි, එසේ නොසිතනු මැනව’ යි කීයෙහිය.
’’ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්ත්ථය කෙසේ වනාහි දත යුත්තේද?’’ ’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇතැයි කියන්නේ ප්‍රමාද නුවූවක් ප්‍රමාද කරයි.
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැතැයි මෙසේ කියන්නේ ප්‍රමාද නොවිය යුත්තක ප්‍රමාද වේ. ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද, නැත්තේදැයි කියන්නේ ප්‍රමාද නොවියනුවූ යුත්තක ප්‍රමාද වෙයි.
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නොද ඇත්තේය, නොද නැත්තේයයි මෙසේ කියන්නේ, ප්‍රමාද නොවිය යුත්තක ප්‍රමාද කරවයි.
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය (ඇතිවීම) යම්තාක්ද, ප්‍රමාදයාගේ (කෙලෙසුන්ගේ) ගතියක් (ඇතිවීමත්) එපමණකි. ප්‍රමාදයාගේ (කෙලෙසුන්ගේ) ගතිය යම්තාක්ද, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ගතිය ඒතාක්ය. ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිවීමෙන් ප්රමාදයන්ගේ (ක්ලේශයන්ගේ) නැතිවීම වේ. ප්‍රමාදය වැලැක්මෙන් ප්රමාදයන්ගේ ව්‍යපසමනය වේ. (ක්ලේශයන්ගේ) නැතිවීමෙන් ක්ලේශයන්ගේ සංසිඳීම වේ.’’
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
’’එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට, ’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් ඇත්තේද?’’
’’ඇවැත්නි, එසේ නොසිතනු මැනවි.’’
’’ඇවැත්නි, සය වැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉතුරු නොකොට නොඇලීමෙන්, නැතිකිරීමෙන් අන් කිසිවක් නැත්තේද?’’