අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)

8. උපකචණ්ඩිකාපුත්ත සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර, ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. චණ්ඩිකා පුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි චණ්ඩිකාපුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, යම් කිසිවෙක්,

’’අනුන්ට ගරහයිද, අනුන්ට ගරහන්නේ සර්‍වප්‍රකාරයෙන් කුසල් නොඋපදවයි. කුසල් නොඋපදවන්නේ ගැරහිය යුත්තේ වේ. වරද සහිත වේ.

’’මෙසේ මම කියන්නෙමි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි.’’

’’උපකය, ඉදින්, අනුන්ට ගරහයිද, අනුන්ට ගරහන්නේ සර්‍වප්‍රකාරයෙන් කුසල් නොඋපදවයි. කුසල් නොඋපදවන්නේ ගැරහිය යුත්තේ වේ. වරද සහිත වේ.

’’ස්වාමීනි, යම්සේ මතුවෙන්නකෙු මහත් පාසයකින් බඳින්නේද, එසේම ස්වාමීනි, මම මතුවන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් වාද පායාසයකින් බැන්දේය’’ යි කීයේය. ’උපකය, මෙය අකුශලයකියි මා විසින් පනවන ලදද, මේ අකුශලය මෙසේයයි,

’’එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්‍ම දේශනාව අප්‍රමාණය.

’’උපකය, ඒ අකුශලය ප්‍රහීන කටයුතුයයි මා විසින් පනවන ලදද, එහි මේ අකුශලය මෙසේ ප්‍රහීන කටයුතුයයි එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්‍ම දේශනාව අප්‍රමාණය. උපකය, මේ කුශලයයි මා විසින් පණවන ලදද මේ අකුශලය මෙසේයයි එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්‍ම දේශනාව අප්‍රමාණය. උපකය, ඒ කුසලය වැඩිය යුතුයයි මා විසින් පනවන ලදද, මේ කුසලය මෙසේ වැඩිවිය යුතුයයිද එහි අප්‍රමාණ පද ඇත්තාහ. අප්‍රමාණ ව්‍යඤ්ජන ඇත්තාහ. තථාගතයන් වහන්සේගේ ධර්‍ම දේශනාව අප්‍රමාණය, වදාළ සේක.

ඉක්බිති චණ්ඩිකා පුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට වෙදෙහි පුත්‍ර අජාසත් මගධ රජතෙම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග කථා සල්ලාපය යම්තාක්ද, ඒ සියල්ල වේදේහිපුත්‍ර අජාසත් මගධ රජුට සැළකෙළේය.

’’මෙසේ කී කල්හි වේදෙහි පුත්‍ර අජාසත් මගධ රජ තෙම කිපුණේ, නොසතුටුවූයේ, චණ්ඩිකාපුත්‍ර උපකට, ’’මුඛරවූ මේ ලොනකාරගම දරුවා යම් ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට අගුණ කියන්ට සිතන්නෙහිද, මේ තෙමේ යම්තාක් ගුණය නැසූයේද, යම්තාක් බුහුටිද, ඔබ පහව යව. හික්මීම පිණිස මා නොදකුව’’ යි කීයේය.