අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(20) 5. මහා වර්‍ගය

10. පෙමජායන සූත්‍රය

’’මහණෙනි, මේ කරුණු සතරක් හටගනී. කවර සතරක්ද යත්. ඇල්මෙන් ඇල්ම හටගනී. ඇල්මෙන් ද්වේෂය හටගනී. ද්වේෂයෙන් ඇල්ම හටගනී. ද්වේෂයෙන් ද්වේෂය හටගනී. මහණෙනි, කෙසේ වනාහි ප්‍රේමයෙන් ප්‍රේමය හටගනීද?

’’මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් පුද්ගලයෙකුට යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට යහපත්, හොඳ, මන වඩන දෙයින් ව්‍යවහාර කරත්. ඔහුට මෙබඳු අදහසක් වේ. ’මට යම් මේ පුද්ගලයෙක් තෙමේ යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට යහපත්, හොඳ, මන වඩන දෙයින් ව්‍යවහාර කරත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ඇල්ම උපදවයි. මහණෙනි, මෙසේ වනාහි, ඇල්මෙන් ඇල්ම උපදී.

’’මහණෙනි, කෙසේ වනාහි ඇල්මෙන් ද්වේෂය උපදීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකුට යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට අයහපත්, අකාන්ත, අමනාප දෙයින් ව්‍යවහාර කරත්. ඔහුට මෙසේ වේ. ’මට යම් මේ පුද්ගලයෙක් තෙම යහපත්ද, හොඳද, මන වඩන්නේද, අනුන් ඔහුට අයහපත්, අකාන්ත, අමනාප දෙයින් ව්‍යවහාර කරත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ද්වේෂය උපදවා ගනියි. මහණෙනි, මෙසේ වනාහි, ඇල්මෙන් ද්වේෂය උපදී.

’’මහණෙනි, කෙසේ වනාහි ද්වේෂයෙන් ප්‍රෙමය හටගනීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් තෙම පුද්ගලයෙකුට අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට අයහපතින්, අකාන්තයෙන්, අමනාපයෙන් ව්‍යවහාර කරත්. ඔහුට මෙසේ සිතක් වෙයි. ’මට යම් මේ පුද්ගලයෙක් තෙම අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට අයහපතින්, අකාන්තයෙන්, අමනාපයෙන් හැසිරෙත්ය’ යි හෙතෙම ඔවුන් කෙරහි ප්‍රේමය උපදවයි. මහණෙනි, මෙසේ වනාහි, ද්වේෂයෙන් ප්‍රෙමය උපදී.

’’මහණෙනි, කෙසේ වනාහි ද්වේෂයෙන් ද්වේෂය උපදීද? මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෙක් පුද්ගලයෙකුට අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහුට යහපතින්, කාන්තයෙන්, මන වඩන්නෙන් ව්‍යවහාර කෙරත්ද. ඔහුට ’මට යම් මේ පුද්ගල තෙම අයහපත්ද, අකාන්තද, අමනාපද, අනුන් ඔහු යහපතින්, හොඳින්, මන වඩන්නෙන් ව්‍යවහාර කරත්ය’ යි මෙසේ සිතක් වෙයි. හෙතෙම ඔවුන් කෙරහි ද්වෙෂය පහළ කරයි. මහණෙනි, මෙසේ වනාහි, ද්වේශයෙන්, ද්වේශය උපදී. මහණෙනි, මේ සතර පහළ වෙත්.

’’මහණෙනි, යම් කාලයෙක්හි මහණතෙම, කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව. විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

’’ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.

’’මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.

’මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම, ප්‍රීතියගේ වෙන්වීමෙන්, උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.

’’මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර, දුක් නැති, සැප නැති, උපෙක්‍ෂාා, ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති, සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරද්ද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.

’’මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම, ආශ්‍රවයන්ගේ ක්‍ෂවීමෙන්, ආශ්‍රව නැති. අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද, මෙලොව තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට, පැමිණ වාසය කරයිද, ඔහුට ඇල්මෙක්, යම් ඇල්මෙක් වූයේද, එයද ඔහුට ප්‍රහීණ වූයේ වේ.

’’සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය.

’’ඔහුට ඇල්මෙන් යම් ද්වේශයක් උපදීද, එයද ඔහුට ප්‍රහීණවූයේ වේ. මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රේමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත.

’’ඔහුට ද්වේෂයෙන් යම් ප්‍රෙමයක් උපදීද, ඔහුට එයද ප්‍රහීණවූයේ වේ. සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය.

’’ඔහුට ද්වේශයෙන් යම් ද්වේශයක් උපදීද, එය ඔහුට ප්‍රහීණ වූයේය. මහණෙනි, යම් කාලයෙක්හි මහණ තෙම විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුල පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඔහුට යම් ඇල්මකින් යම් ඇල්මක් හටගත්තේද, ඔහුට ඒ වේලාවෙහි එය නැත. ප්‍රෙමයෙන් යම් ද්වේෂයක් හටගත්තේද, ඔහුට ඒ වේලාවේ එය නැත. ද්වේෂයෙන් යම් ඇල්මක් ඉපදුනේ වන්නේද, ඒ අවස්ථාවෙහි ඔහුට එයද නැත. ද්වේෂයෙන්, ද්වේෂයක් ඉපදුනේද, එය ඔහුට ඒ වේලාවේ නැත. මහණෙනි, මේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී නොසිටී. විරුද්‍ධව නැඟී නොසිටී. ඇතුලත තෘෂ්ණා දුම් නොහමයි. බාහිර වශයෙන් නොදැවෙයි. වෙමි යන මාන වශයෙන් නොහඟියි.

’’මහණෙනි, කෙසේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී නොසිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය ආත්ම වශයෙන් බලයි. ආත්මය රූපවත්යයි බලයි. ආත්මය කෙරෙහි රූපයයි බලයි. රූපයෙහි ආත්මයයි බලයි. වේදනාව ආත්මය වශයෙන් බලයි. ආත්මය වේදනාවත්යයි බලයි. ආත්මය කෙරෙහි වේදනාවයයි බලයි. වේදනාවෙහි ආත්මයයි බලයි. සංඥාව ආත්ම වශයෙන් බලයි. ආත්මය සංඥාවත්යයි බලයි. ආත්මය කෙරෙහි සංඥාවයයි බලයි. සංඥාවෙහි ආත්මය බලයි. සංස්කාරය ආත්ම වශයෙන් බලයි. ආත්මය සංස්කාරවත්යයි බලයි. ආත්මය කෙරෙහි සංස්කාරයයි බලයි. සංස්කාරයන්හි ආත්මයයි බලයි. විඤ්ඤාණය ආත්ම වශයෙන් බලයි. ආත්මය කෙරෙහි විඤ්ඤාණය යයි බලයි. ආත්මයෙහි හෝ විඤ්ඤාණයයයි බලයි. විඤ්ඤාණයෙහි ආත්මයයිද බලයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැඟී සිටී.

’’මහණෙනි, කෙසේ මහණ තෙම දෘෂ්ටි වශයෙන් නැගී නොසිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය ආත්ම වශයෙන් නොබලයි. ආත්මය රූපවත් යයිද, ආත්මයෙහි රූපයයිද, රූපයෙහි ආත්මයයිද, නොබලයි. වේදනාව ආත්ම වශයෙන් නොබලයි. ආත්මය වේදනාවත් යයිද, ආත්මයෙහි වේදනාවයයිද, වේදනාවෙහි හෝ ආත්මයයිද, නොබලයි. සංඥාව ආත්ම වශයෙන් නොබලයි. ආත්මය සංඥාවත් යයිද, ආත්මයෙහි සංඥාවයයිද, සංඥාවෙහි හෝ ආත්මයයිද, නොබලයි. සංස්කාරයන් ආත්ම වශයෙන් නොබලයි. ආත්මය සංස්කාරවත් යයිද, ආත්මයෙහි හෝ සංස්කාරයයිද, සංස්කාරයන්හි ආත්මයයිද, නොබලයි. විඤ්ඤාණය ආත්ම වශයෙන් නොබලයි. ආත්මය විඤ්ඤාණවත් යයිද, ආත්මයෙහි හෝ විඤ්ඤාණයයිද, විඤ්ඤාණයෙහි හෝ ආත්මයයිද, නොබලයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දෘෂ්ටි වශයෙන් නොනැගිටී.

’’මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම විරුද්‍ධව නැගිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආක්‍රොශ කරන්නාට ආපසු ආක්‍රොශ කරයිද, ද්වේශ කරන්නහුට ආපසු ද්වේශ කෙරේද, ඩබර කරන්නහුට ආපසු ඩබර කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම විරුද්‍ධව නැඟිටී.

’’මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම විරුද්‍ධව නොනැගිටීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආක්‍රොශ කරන්නහුට ආපසු ආක්‍රොශ නොකෙරේද, ද්වේශ කරන්නහුට නැවත ද්වේශ නොකෙරේද, ඩබර කරන්නහුට නැවත ඩබර නොකෙරේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම විරුද්‍ධව නොනැඟිටී.

’’මහණෙනි, කෙසේ මහණතෙම දුවයිද? මමය යන මානය ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වෙමියි වේ. මෙසේ වෙමියි වේ. අන් ප්‍රකාරයකින් වෙමියි වේ. අසවලා වේයයි වේ. සත්පුරුෂයා වේයයි වේ. ඇත්තේ වේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේ වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ වේ. මම ඇත්තේද වෙමි. මේ ප්‍රකාරයෙන් ඇත්තේද වෙමි. මෙසේ ඇත්තේද වෙමි. අන් ප්‍රකාරයකින් ඇත්තේද වෙමි. වන්නේ වේ. මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මෙසේ වන්නේ වේ. අන් පරිද්දෙකින් වන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ තෙම දුවයි.

’’මහණෙනි, කෙසේ මහණ තෙම නොදුවයිද? මහණෙනි, අස්මි මානය නැති කල්හි මේ ප්‍රකාරයෙන් වෙමියි නොවෙයි. අන් ප්‍රකාරයකින් වෙමියි නොවෙමි. අසවලා වෙමියි නොවෙයි. සත්පුරුෂයා වෙමියි නොවෙයි. ඇත්තේ නොවේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ නොවේ. මෙසේ ඇත්තේ නොවේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. මම ඇත්තේ ද නොවේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේද නොවේ. මෙසේ ඇත්තේද නොවේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. වන්නේ නොවේ. මෙසේ වන්නේ නොවේ. අන් ප්‍රකාරයකින් වන්නේ නොවේ. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොදුවයි.

’’මහණෙනි, කෙසේ මහණ තෙම ඇවිලෙයිද? මහණෙනි, මේ රූපයෙන් වෙමියි ඇති කල්හි මේ රූපයෙන් මේ ආකාරයෙන් වෙමියි සිතයි. මේ රූපයෙන් මෙසේ වෙමියි වෙයි. මේ රූපයෙන් අන් පරිද්දෙකින් වෙමියි වෙයි. මේ රූපයෙන් අසවලා වෙමියි වේ. මේ රූපයෙන් සත්පුරුෂයා වෙමියි වෙයි. මේ රූපයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන්, මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ වේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මේ රූපයෙන් ඔබ ඇත්තේද වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේද වේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේද වේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයෙන් ඇත්තේද වේ. මේ රූපයෙන් වන්නේද වේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මේ රූපයෙන් මෙසේ වන්නේ වේ. මේ රූපයෙන් අන් පරිද්දෙකින් වන්නේ වේ. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ඇවිලෙයි.

’’මහණෙනි, කෙසේ වනාහි මහණ තෙම නොඇවිලෙයිද? මහණෙනි, මේ රූපයෙන් වෙමියි නැති කල්හි මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වෙමියි නොවෙය්. මේ රූපයෙන් මෙසේ වෙමියි නොවෙයි. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් වෙමියි නොවෙයි. මේ රූපයෙන් අසවලා වෙමියි නොවෙයි. මේ රූපයෙන් සත්පුරුෂයා වෙමියි නොවෙයි. මේ රූපයෙන් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ නොවේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. මම ඇත්තේද නොවේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මෙසේ ඇත්තේ නොවේ. මේ රූපයෙන් අන් ප්‍රකාරයකින් ඇත්තේ නොවේ. මේ රූපයෙන් මේ ප්‍රකාරයෙන් වන්නේ නොවේ. මේ රූපයෙන් මෙසේ වන්නේ නොවේ. මේ රූපයෙන් අන් පරිද්දෙකින් වන්නේ නොවේ. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොදැවෙයි.

’’මහණෙනි, කෙසේ මහණ තෙම මමය යන මාන වශයෙන් නොහඟියිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට අස්මීමානය ප්‍රහීන නුවූයේ වේද, මෙසේ වෙමියි වේ. අන් ප්‍රකාරයකින් වෙමියි වේ. අසවලා වේයයි වේ. සත්පුරුෂයා වේයයි වේ. ඇත්තේ වේ. මේ ප්‍රකාරයෙන් ඇත්තේ වේ. මෙසේ ඇත්තේ වේ. අන් ප්‍රකාරයකින් ඇත්තේ වේ. මම ඇත්තේද වෙමි. මේ ප්‍රකාරයෙන් ඇත්තේද වෙමි. මෙසේ ඇත්තේද වෙමි. අන් ප්‍රකාරයකින් ඇත්තේද වෙමි. වන්නේ වේ. මේ ප්‍රකාරයෙන් වන්නේ වේ. මෙසේ වන්නේ වේ. අන් පරිද්දෙකින් වන්නේ වේ. මෙසේ වනාහි මහණ තෙම හඟියි.

’’මහණෙනි, කෙසේ මහණතෙම නොහඟියිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට අස්මීමානය ප්‍රහීනවූයේ වේද, සිඳින ලද මුල් ඇත්තේද, මුල් හෝ කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. අභාවයට යවන ලද්දේය. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තේය. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම නොහඟියි.’’

විසිවෙනි මහා වර්‍ගය නිමි.

සතරවෙනි පණ්ණාසකය නිමි.