අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. රොහිතස්ස වර්‍ගය

8. විශාඛ පඤ්චාල පුත්ත සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි පඤ්චාලී පුත්‍ර ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලාවෙහි ඵල සමවතින් නැගිට සිටිසේක් උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. පැමිණ, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ භික්‍ෂූන්ට ඇමතූ සේක. මහණෙනි, කවරෙක් උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂවූ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්නවූ, විවර්‍තනිශ්‍රීතවූ, සම්පූර්‍ණ කථාවෙන් නිදර්‍ශන සහිතව කියයිද. සමාදන් කරවයිද. තෙද ගන්වයිද. සතුටු කරවයිදැයි විචාළ සේක.

’’ස්වාමීනි, ආයුෂ්මත් පඤ්චාලී පුත්‍ර විසාඛ තෙමේ, උපස්ථාන ශාලාවෙහි භික්‍ෂූන් පැහැදිලි, නිර්දෝෂ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන් නිදර්‍ශන සහිතව කියයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලීපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ තෙරුන්ට, ’විසාඛ, යහපත’. යහපත’. විසාඛ ඔබ පැහැදිලි, නිර්දෝෂ අර්ත්‍ථ හඟවන, විවර්‍තපර්‍ය්‍යාපන්න, විවර්‍තනිශ්‍රීත, සම්පූර්‍ණ කථාවෙන් භික්‍ෂූන්ට නිදර්‍ශන සහිතව කීයෙහිය. සමාදන් කරවූයෙහිය. තෙද ගැන්වූයෙහිය. සතුටු කරවූහ. යහපතැ’ යි වදාළ සේක.

’’කථා නොකරන්නාවූ පණ්ඩිතයාගේ බාලයන් හා ඇති වෙනස නොදනිත්. අමෘත පදය දේශනා කරණ කල්හිම බාලයාගේත්, පණ්ඩිතයාගේත් වෙනස දැන ගනිත්. ධර්මය කියන්නේය. බබුළුවන්නේය. ඎෂීන්ගේ ධජය ඔසවන්නේය. ඎෂීහු සුභාෂිතය ධජය කොට ඇත්තාහ. ධර්මය ඎෂීන්ගේ ධජයයි.’’