අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(13) 3. ගිලාන වර්‍ගය
8. සමණ දුක්ඛ සූත්‍රය
’’මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ දුක් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් නොතුටුවූයේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් නොසතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් නොසතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් නොසතුටුවූයේ වේද, නොඇලුනේ බ්‍රහ්මචර්‍ය්‍යයේ හැසිරේද යන පසයි.
’’මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ දුක් පසක් වෙත්.
’’මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ සැප පසක් වෙත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ වේද, නොඇලුනේ බ්‍රහ්මචර්‍ය්‍යයේ හැසිරේද යන පසයි.
’’මහණෙනි, මේ ශ්‍රමණයන්ගේ සැප පසක් වෙත්.