අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. බාල වර්‍ගය

4. විත්‍ථත බල සූත්‍රය

’’මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.

’’මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගත තෙම ශ්‍රෙෂ්ඨවූ කාරණය ප්‍රතිඥා කෙරේද, අට පිරිස්හි අභීත නාදය පවත්වාද, ශ්‍රෙෂ්ඨවූ ධර්ම චක්‍රය පවත්වාද, තථාගතයන්ගේ එබඳුවූ මේ තථාගත බල පසක් වෙත්.

මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කවරේද යත්, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මේ වීර්‍ය්‍ය බලයයි කියණු ලැබේ. 4 ’’මහණෙනි, ස්මෘති බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උතුම්වූ සිහියෙන් යුත් ප්‍රඥාවෙන් යුක්තවූයේ කළ බොහෝ කල් ඇත්තද, කී බොහෝ කල් ඇත්තද සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේද, මහණෙනි, මෙය ස්මෘති බලයයි කියනු ලැබේ.

’’මහණෙනි, සමාධි බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, මේ සමාධි බලයයි කියනු ලැබේ.

’’කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි.

’’මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය’’ යි වදාළ සේක.