අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(23) 3. දීඝ චාරිකා වර්‍ගය
3. අතිනිවවාසාදීනව සූත්‍රය
’’මහණෙනි, වැඩි කලක් නැවතී වාසය කිරීමෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? බොහෝ බඩු රැස් කිරීම ඇත්තේ බහුභණ්ඩික වේ. බොහෝ බෙහෙත් ද්‍රව්‍ය එකතු කිරීම ඇත්තේ බහුභෙසජ්ජ වේ. බොහෝ කටයුතු ඇත්තේ පිළිවිස කටයුතුවල ව්‍යක්තවූයේ බහුකිච්ච වේ. ගෘහස්ත ප්‍රව්‍රජිතයන් හා නුසුදුසුවූ ගිහි සංසර්‍ගයෙන් යුක්තව වාසය කෙරෙයි. ඒ් ආවාසයෙන්ද බැහැර යන්නේ අපේක්‍ෂා සහිතවම බැහැර යයි යන පසයි.’’
’’මහණෙනි, වැඩි කලක් නැවතී වාසය කිරීමෙහි මේ දෝෂ පසක් වෙත්.
’’මහණෙනි, නියමවූ වාසයෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? බොහෝ බඩු රැස් කිරීම නැත්තේ බහුභණ්ඩික නොවේ. බොහෝ බෙහෙත් ද්‍රව්‍ය රැස් කිරීම නැත්තේ බහුභෙසජ්ජ නොවේ. පිළිවිස කටයුතුවල ව්‍යක්ත නොවූයේ බොහෝ කටයුතු නැත්තේ බහුකිච්ච නොවේ. ගෘහස්ත ප්‍රව්‍රජිතයන් සමග නුසුදුසුවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත නොව වාසය කරයි. ඒ් ආවාසයෙන්ද බැහැර යන්නේ අපේක්‍ෂාවක් නැතිව බැහැර යයි යන පසයි.’’
’’මහණෙනි, නියමවූ වාසයෙහි මේ අනුසස් පසක් වෙත්.