අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දීඝ චාරිකා වර්‍ගය

4. පඤ්චමච්ඡරිය සූත්‍රය

’’මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් වේ. ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ගුණ වර්‍ණනායෙහි මසුරුකම් ඇත්තෙක් වේ. ධර්‍මයෙහි මසුරුකම් ඇත්තෙක් වේ. යන පසයි.’’

’’මහණෙනි, වැඩිකල් එකතැන විසීමෙන් මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්.

’’කවර පසක්ද යත්? ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. කුලයන්හි මසුරුකම් ඇත්තෙක් නොවේ. ලාභයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ගුණ කීමෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. ධර්‍මයෙහි මසුරුකම් ඇත්තෙක් නොවේ. යන පසයි.’’

’’මහණෙනි, සමව පවත්වන ලද නිවාසයෙහි මේ අනුසස් පසක් වෙත්.