අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(24) 4. ආවාසික වර්‍ගය

10. ආසා මච්ඡරී සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තේ වේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇත්තේ වේද, ධර්‍මයෙහි මසුරුකම් ඇත්තේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

’’කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇති නොවේද, කුලයන්හි මසුරුකම් ඇති නොවේද, ලාභයන්හි මසුරුකම් ඇති නොවේද, ගුණවර්‍ණනායෙහි මසුරුකම් ඇති නොවේද, ධර්‍මයෙහි මසුරුකම් ඇති නොවේද, යන පසිනි.’’

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

විසි හතරවැනි ආවාසික වර්‍ගය නිමි.