අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(25) 5. දුච්චරිත වර්‍ගය

10. පුග්ගලප්පසාද සූත්‍රය

’’මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමේ මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, යමෙක් යමෙකු කෙරෙහි පුද්ගලයෙක් විශෙෂයෙන් ප්‍රසන්න වේද, යම්බඳු ඇවතකින් සංඝතෙම සමාගමෙන් ඉවත් කෙරේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් සමාගමෙන් ඉවත් කරණ ලද්දේයයි.’ භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේ වේද, භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේම සෙසු භික්‍ෂූන් සේවනය නොකෙරේද, සෙසු භික්‍ෂූන් සේවනය නොකරන්නේ සද්‍ධර්‍මය නොඅසයි. සද්‍ධර්‍මය නොඅසන්නේ සද්‍ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමෙහි මේ පළමුවන දෝෂය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් තෙම විශේෂයෙන් ප්‍රසන්න වේද, හෙතෙම යම්බඳු ඇවතකින් සඞ්ඝ තෙම අසුන් කෙළවර හිඳුවාද, එබඳු ඇවතකට පැමිණියේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් කෙළවර අසුනෙහි හිඳුවන ලද්දේයයි භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේ වේද, භික්‍ෂූන් කෙරෙහි නොපැහැදීම් බහුලකොට ඇත්තේම සෙසු භික්‍ෂූන් සේවනය නොකෙරේද, සෙසු භික්‍ෂූන් සේවනය නොකරන්නේ සද්‍ධර්‍මය නොඅසයි. සද්‍ධර්‍මය නොඅසන්නේ සද්‍ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමෙහි මේ දෙවෙනි දෝෂය වේ.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් තෙම විශෙෂයෙන් පැහැදුනේවේද, හෙතෙම අන් දිශාවකට ගියේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම අන් දිසාවකට ගියේයයි මහණෙනි, යමෙක් යමෙකු කෙරෙහි පුද්ගලයෙක් විශෙෂයෙන් ප්‍රසන්න වේද, යම්බඳු ඇවතකින් සංඝතෙම සමාගමෙන් ඉවත් කෙරේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් සමාගමෙන් ඉවත් කරණ ලද්දේයයි.’ මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමේ මේ තුන්වෙනි දෝෂය වේ.

’’හෙතෙම ගිහිවූයේ වේද, ඕහට මෙබඳු සිතක් වෙයි. ’යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම ගිහිවූයේ වෙයි.’ හෙතෙම කළුරිය කෙළේවේද, ඕහට මෙබඳු සිතක් වෙයි. ’ යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම,

කළුරිය කෙළේයය’ යි අන්‍ය භික්‍ෂූන් සේවනය නොකෙරේද, අන්‍ය භික්‍ෂූන් සේවනය නොකරන්නේ සද්‍ධර්‍මය නොඅසාද, සද්‍ධර්‍මය නොඅසන්නේ සඞධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ පස්වන දෝෂය වේ. මහණෙනි, මොහු වනාහි පුද්ගල ප්‍රසාදයෙහි දෝෂ පස වෙත්යයි වදාළ සේක.

විසි පස් වෙනි දුච්චරිත වර්‍ගය නිමි.

පස්වෙනි පණ්ණාසකය නිමි.