අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(6) 1. නීවරණ වර්‍ගය
2. අකුශල රාසි සූත්‍රය
’’මහණෙනි, අකුශල රාශියයි කියනු ලබන්නේ මේ පඤ්ච නීවරණයන් මනාකොට කියනු ලබන්නෙක් කියන්නේය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙද්ද, මෙය සම්පූර්‍ණම අකුශල රාශිය වේ.
’’කවර පසක්ද යත්? කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනම්ද්‍ධ නීවරණය, උද්‍ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන පසයි.
’’මහණෙනි, අකුශල රාශියයි කියනු ලබන්නේ මේ පඤ්ච නීවරණයන් මනාකොට කියනු ලබන්නෙක් කියන්නේය. මහණෙනි, යම් මේ පඤ්ච නීවරණයෝ වෙද්ද, මෙය සම්පූර්‍ණම අකුශල රාශිය වේ.