අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(6) 1. නීවරණ වර්‍ගය

3. දුක්ඛවිහාර සූත්‍රය

’’මහණෙනි, වීර්‍ය්‍ය කරණ භික්‍ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, මහණෙනි, ශ්‍රද්‍ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්‍ධා ධනයයි කියනු ලැබේ අදහාද. නීරෝග වූයේ නිදුක් වූයේ, ඉතා සිහිල් නුවූ, ඉතා උනුසුම් නුවූ, මධ්‍යමවූ, වීර්‍ය්‍ය කිරීමට සුදුසුවූ, සමව පැසවීම් ඇති, ග්‍රහණියෙන් හෙවත් කර්‍මජ තේජෝ ධාතුවෙන් යුක්තවූයේ වේද, ප්‍රයෝග රහිත වූයේ, මායා නැත්තේ, ’ වූ පරිදි ’ තමා ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි හෝ ප්‍රකාශ කරන්නේ වේද, අතුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිසද, ශක්ති ඇත්තේ, දෘඪ වීර්‍ය්‍යය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇතිව වාසය කෙරේද, ආර්‍ය්‍යවූ, කෙළෙසුන් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම නැතිවීම දැනගන්නා පිණිස පවත්නාවූ, නුවණින් යුක්තවූයේ, ප්‍රඥාව ඇත්තේ වේද, යන පසයි.

’’මහණෙනි, වීර්‍ය්‍ය කරණ භික්‍ෂුහුගේ අඞ්ගයෝ මේ පසක් වෙත්.