අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. දේවතා වර්‍ගය

2. පඨම අපරිහානියධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ කරුණු සයක් ශෛක්‍ෂ භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්

’’කිනම් සයක්ද යත් ? නුසුදුසු කර්‍මාන්තයෙහි නොඇලුන බව, කථා බහුල නැති බව, නින්දෙහි නොඇලුන බව, පිරිසෙහි නොඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇති බව, ආහාරයෙහි පමණ දන්නා බව යන සයයි.’’

’’මහණෙනි, මේ කරුණු සයක් ශෛක්‍ෂ භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්