අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. දේවතා වර්ගය
4. තිස්සබ්‍රහ්ම සූත්‍රය
’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටුහු විසින් කරවා පූජා කරණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති විවේකයට ගිය හුදකලාව වෙසෙන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ගේ සිතට මෙසේ සිතිවිල්ලක් පහළවිය.
’’කිනම් දෙවි කෙනෙකුන්ට, ’අපායට නොවැටෙන ස්වභාවය ඇති, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුය’ යි මෙබඳු ඤාණයක් වේද’’ කියායි. ඒ කාලයෙහි තිස්ස නම් බ්‍රහ්මතෙම කළුරියකොට අලුතවූයේ, එක්තරා බ්‍රහ්ම ලෝකයක උපන්නේ විය. එහිදීද, ඔහු මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, තිස්ස බ්රහ්මයායයි මෙසේ දනිත්. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ, යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අත දික් කරන්නේද, දික් කරණ ලද අත හකුළුවන්නේද, එසේ ජේතවනයෙහි අතුරුදහන්වූයේ, ඒ බ්‍රහ්මලෝකයෙහි පහළවිය. තිස්ස බ්‍රහ්ම තෙමේ, දුර සිටම එන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් දැක්කේය. දැක ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ට, ’නිදුකාණනි, මුගලන් ස්ථවිරයෙනි, වඩින්න, නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යහපත් පැමිණීමක් වේවා. නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, බොහෝ කලකින් ඉර්ධියෙන් ඒම සංඛ්‍යාත මේ ක්‍රමය කෙළේය. නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, මේ අස්නක් පැණවීමිය’ යි කීයේය.
ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ පැනවූ අස්නෙහි හිඳගත්තේය. තිස්ස බ්‍රහ්ම තෙමේද ආයුෂ්මත් මහ මුගලන් තෙරෙුන්ට වැඳ එකත්පසෙක සිටි තිස්ස බ්‍රහ්මයාට ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙම. ’’තිස්සය, කවර දෙවි කෙනෙකුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
’’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, චාතුර්මහාරාජික දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
’’තිස්සය, ඒ සියලු චාතුර්මහාරාජික දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු චාතුර්මහාරාජික දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ චාතුර්මහාරාජික දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ චාතුර්මහාරාජික දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
’’තිස්සය, චාතුර්මහාරාජික දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් තව්තිසා වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
’’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, තව්තිසා දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
’’තිස්සය, ඒ සියලු තාවතිංස දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු තාවතිංස දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තාවතිංස දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තාවතිංස දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
’’තිස්සය, තාවතිංස දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් යාම වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
’’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යාම දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
’’තිස්සය, ඒ සියලු යාම දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු යාම දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ යාම දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ යාම දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
’’තිස්සය, යාම දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් තුසිත වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
’’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, තුසිත දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
’’තිස්සය, ඒ සියලු තුසිත දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු තුසිත දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තුසිත දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ තුසිත දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
’’තිස්සය, තුසිත දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් නිර්මානරතී වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
’’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, නිර්මානරතී දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
’’තිස්සය, ඒ සියලු නිර්මානරතී දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු නිර්මානරතී දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ නිර්මානරතී දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ නිර්මානරතී දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
’තිස්සය, නිර්මානරතී දෙවියන්ට පමණක් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද නොහොත් පරනිර්මිත වසවර්ති වැසි දෙවියන්ටත් අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද
’’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, පරනිර්මිත වසවර්ති දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයක් වේද?
’’තිස්සය, ඒ සියලු පරනිර්මිත වසවර්ති දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙබඳු ඤාණයෙක් විය.
’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, සියලු පරනිර්මිත වසවර්ති දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, මෙසේ නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ පරනිර්මිත වසවර්ති දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් නොවේ. ’නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, යම් ඒ පරනිර්මිත වසවර්ති දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන්ට සුදුසු ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්වාණය පිහිටකොට ඇති, සෝවාන් වෙමුයයි මෙබඳු නුවණක් ඇතිවේ.
ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිරයන් වහන්සේ තිස්ස බ්‍රාහ්මණයාගේ වචනයට සතුටුව පිළිගෙන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අත දික් කරන්නේද, දික්කල අත හකුළුවන්නේද, එසේම බ්‍රහ්ම ලෝකයෙහි අතුරුදහන්වූයේ, ජේතවනයෙහි පෙනී සිටි සේක.’’