අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
6. මහා වර්‍ගය
5. දාරුකම්මික සූත්‍රය
’’මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි දැව කර්මාන්ත කරන්නාවූ එක්තරා ගෘහපතියෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එසේ හුන්නාවූ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’ගෘහපතිය, ඔබගේ කුලයෙහි දානය දෙනු ලැබේද?’’ ’’ස්වාමීනි, මාගේ කුලයෙහි දානය දෙනු ලැබේ. එයද යම් ඒ භික්‍ෂහු ආරඤ්ඤක වූවෝද, පිණ්ඩපාතික වූවෝද, පාංශුකූලික වූවෝද, අර්‍හත් හෝ ඒ මගට පිළිපන්නාහු හෝ වෙත්ද, එබඳුවූ භික්‍ෂූන් කෙරෙහි දානය දෙනු ලැබේ.’’ ’’ගෘහපතිය, ගිහිවූ, කාමභෝගීවු, පුත්‍රයන්ගෙන් ගැහැට ඇත්තාවූ, කසී සඳුන් පරිහරණය කරන්නාවූ, මල් ගඳ විලවුන් දරන්නාවූ, මිළ මුදල් ඉවසන්නාවූ, ඔබ විසින්, මේ රහත්හුය, මේ රහත් මගට පිළිපන්නෝයයි දැනගැනීම අමාරුවෙන් කටයුතුය.
’’ගෘහපතිය, ආරඤ්ඤකවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.
’’ගෘහපතිය, ආරඤ්ඤකවූ, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.
’’ගෘහපතිය, ගම්බද වෙහෙරෙහි වසන, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.
’’ගෘහපතිය, ගම්බද වෙහෙරෙහි වසන, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.
’’ගෘහපතිය, පිණ්ඩපාතිකවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.
’’ගෘහපතිය, පිණ්ඩපාතිකවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.
’’ගෘහපතිය, ආරාධනා ලබන්නාවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.
’’ගෘහපතිය, ආරාධනා ලබන්නාවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.
’’ගෘහපතිය, පාංශුකූලිකවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.
’’ගෘහපතිය, පාංශුකූලිකවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.
’’ගෘහපතිය, සැදැහැ ඇතියන් දෙන සිවුරු දරන්නාවූද, උඩඟුවූ, මාන්නය ඇති, චපලවූ, මුඛරවූ, විසුරුන වචන ඇති, මුළාවූ සිහි ඇති, කල්පනා නැති, එකඟවූ සිත් නැති, මුලාවූ සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් නින්‍දා ලබයි.
’’ගෘහපතිය, සැදැහැ ඇතියන් දෙන සිවුරු දරන්නාවූද, උඩඟු නොවූ, මාන්නය නැති, චපල නොවූ, මුඛර නොවූ, විසුරුන වචන නැති, එළඹ සිටි සිහි ඇති, කල්පනා ඇති, එකඟවූ සිත් ඇති, එළඹ සිටි සිත් ඇති, සංවරවූ ඉන්‍ද්‍රිය ඇති භික්‍ෂුවක් වෙයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් ප්‍රශංසා ලබයි.
’’ගෘහපතිය, මෙසේ ඔබ සංඝයා කෙරෙහි දන් දෙව. ඔබ විසින් සංඝයා කෙරෙහි දන් දෙනු ලබන්නේ සිත පහදින්නේය. ඒ පැහැදුනාවූ සිත් ඇති ඔබ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය.’’ ’’ස්වාමීනි, මම අද පටන් සංඝයා කෙරෙහි දන් දෙන්නෙමි.’’