අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
7. දේවතා වර්‍ගය (අනාගාමි වර්‍ගය)
1. අනාගාමිඵල සච්ඡිකිරියා සූත්‍රය
’’මහණෙනි, කරුණු සයක් දුරු නොකර අනාගාමී ඵලයට පැමිණීමට සුදුසු නොවේ. කිනම් සයක්ද යත්? අශ්‍රද්‍ධාව, පාපයෙහි ලජ්ජා නැති බව, පාපයෙහි බිය නැති බව. කුසීතකම, සිහි මුළාව, නුවණ නැති බව යන සයයි. මහණෙනි, මේ කරුණු සය දුරු නොකර අනාගාමී ඵලය ලබා ගැනීමට නොහැකිය.
’’මහණෙනි, කරුණු සයක් දුරු කර අනාගාමී ඵලයට පැමිණීමට සුදුසු වේ. කිනම් සයක්ද යත්? අශ්‍රද්‍ධාව, පාපයෙහි ලජ්ජා නැති බව, පාපයෙහි බිය නැති බව. කුසීතකම, සිහි මුළාව, නුවණ නැති බව යන සයයි. මහණෙනි, කරුණු සයක් දුරු නොකර අනාගාමී ඵලයට පැමිණීමට සුදුසු නොවේ. කිනම් සයක්ද යත්? අශ්‍රද්‍ධාව, පාපයෙහි ලජ්ජා නැති බව, පාපයෙහි බිය නැති බව. කුසීතකම, සිහි මුළාව, නුවණ නැති බව යන සයයි. මහණෙනි, මේ කරුණු සය දුරු නොකර අනාගාමී ඵලය ලබා ගැනීමට නොහැකිය.