අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

3. වජ්ජිසත්තක වර්‍ගය

4. දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.’’ -- ’’එසේය ස්වාමීනි’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

’’ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද? මහණෙනි, යම්තාක් භික්‍ෂූහු කර්මාරාම කටයුතු පතන්නෝ වෙද්ද, කර්මාරාම අනුයුක්ත කටයුතුවලම ඇලී ගැලී සිටියෝ නොවෙද්ද, භස්සාරාම (නිතර දෙඩීමෙහි ඇළුනෝ) නොවෙද්ද, නිද්‍රාවෙහි ඇළුනෝ නොවෙද්ද, සමූහයෙහි ඇළුනෝ නොවෙද්ද, පවිටු අදහස් ඇත්තෝ නොවෙත්ද, පවිටු අදහස්වල වසඟයට නොගියාහු නොවෙද්ද, (පවිටුවූවෝ) නොවෙද්ද, පාප මිත්‍රයන් ඇත්තේ, පාපසහායක යන් ඇත්තේ, පාපවංකවූවෝ ස්වල්ප මාත්‍ර විශෙෂාධිගමයකින් අඩාලකිරීමට නොපැමිණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.

’’මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.