අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
5. මහායඤ්ඤ වර්ගය
2. සමාධිපරික්ඛාර සූත්‍රය
’’මහණෙනි, මේ සමාධි පරිෂ්කාරයෝ (උවමනා දේ) සතක් වෙති.
’’කවර සතක්ද යත් ? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතියද වෙති. මහණෙනි, යමක් මේ සප්තාඞ්ගයන්ගෙන් චිත්තයාගේ ඒකාග්‍රතාවන් (සිත එකඟකමින්) වට කරණ ලද්දේද, මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක් සමාධියයි කියණු ලැබේ.’’