අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

5. මහායඤ්ඤ වර්ගය

9. වම්පෙය්‍යක දානානිසංස සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමිපයෙහිවු ගර්‍ගරා පොකුණු තෙර වැඩ වසණ සේක. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළහ.

’’ස්වාමිනි, ශාරීපුත්‍රයන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසා බොහෝ කල් වෙමු. ස්වාමිනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහි දැහැමි කථාවක් අසමු නම් ඉතා යහපති.’’

’’එසේ නම් ඇවැත්නි, පැමිණ සිටි උපෝසථ දිනයෙහි පැමිනෙනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ සමිපයෙන් දැහැමි කථාවක් ඇසීම ඉතා යහපති.’’

’’එසේය ස්වාමිනි,’’ යි ඒ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දී, අසුන්වලින් නැගිට, උන්වහන්සේට වැඳ, පැදකුණු කොට ගියහ.

’’ඉක්බිති ඒ චම්පා නගර වැසි උපාසකවරු පැමිණ සිටි උපෝසථ දිනයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ චම්පා නගර වැසි උපාසකවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

’’ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත් ඵල නොවුයේ වන්නේද, මහානිශංස නොවූයේ වන්නේද, ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ වන්නේද, මහානිශංස වූයේ වන්නේද?’’

’’ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ වන්නේය. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ වන්නේය.’’ ’’ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද? ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද?’’

’’ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් දෙයි. ඇලුනු සිතැතිව දන්දෙයි. රැස්කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්-සුවඳ-විලවුන්, නිදන දේ, ගෘහ පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවු දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?’’ ’’එසේය ස්වාමිනි.’’

’’ශාරීපුත්‍රය, එහි යමෙක් බලාපොරොත්තු ඇතිව දන් දෙයි. ඇළුනු සිතැතිව දන් දෙයි. රැස් කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ඒ දානය දි, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදියි. හෙතෙම ඒ කර්‍මය, ඒ ඎද්ධිය, ඒ යශස, ඒ අධිපති භාවය ගෙවා මෙලොවට එන සුළුවූයේ වෙයි.

’’ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් නොම දෙයි. ඇළුනු සිතැතිව දන් නොම දෙයි. රැස් කිරීම් සිතැතිව දන් නොම දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් නොම දෙයි. එසේ නමුදු දානය යහපත්යයි දන් දෙයි. නැවතද වනාහි පිය, මුතු, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේය. පෙර කරණ ලද්දේය. කුල වංශය පුරාණ දේ අත් හරින්ට නුසුදුසු වෙමියි දන් දෙයි. පිය, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේ නොවේ. කරණ ලද්දේ නොවේ. කුල වංශය අත් හරින්ට නුසුදුස්සෙමියි දන් දෙයි.

’’නැවතද වනාහි ’මම පිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නට නොදීම නුසුදුසුය’ යි (සිතා) දන් දෙයි. ’’මම ද නොපිසමි. මොවුහුද නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදීම නුසුදුසුය’ යි දන් දෙයි. නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. මෙසේ මාගේ මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. යම් සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද? නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. නැවතද වනාහි මාගේ මේ දානය දෙනුයේ සිත පහදියි. සතුටුවීමෙන් සොම්නස උපදියයි දන් දෙයි. මේ දානය දීමෙන් සිත නොපහදියි. නොසතුටු වීමෙන් සොම්නස උපදීයයි දන් දෙයි.

’’නැවතද චිත්තාලංකාරය පිණිස සිතට වුවමනා දේ පිණිස යයි දන් දෙයි. හෙතෙම පැවිද්දෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාර පාන, වස්ත්‍ර, යාන, මල් සුවඳ විලවුන්, නිදන දේ, ගෘහ, පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවූ දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?’’

’’එසේය, ස්වාමිනි. යම් ඒ කෙනෙක් බලාපොරොත්තු නැතිව දන් දෙයි. ඇළුන සිත් නැතිව දන් දෙයි. රැස්කිරීම් සිත් නැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව නොකරන්නෙමියි දන් දෙයි. දානය යහපත් නොවෙතැයි දන් දෙයි. පිය මි මුතුන් විසින් නොම දෙන ලද්දේය. නොම කරණ ලද්දේය. පුරාණ කුල වංශය අත් හරින්ට නොහැක්කෙමියි දන් දෙයි. මම නොපිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදෙන්ට නුසුදුසුය’ යි දන් දෙයි. යම් සේ වුන්ගේ පූර්‍ව ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද, අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොවුන්ගේයි. මෙසේ මේ දානය මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. ’මාගේ මේ දානය දෙන්නේ සිත නොපහදියි. සිත සතුටු නොවූයේ සොම්නස නොඋපදිය’ යි දන් දෙයි. එසේ නමුදු සිතේ අලංකාරය පිණිස, සිතට වුවමනා දේ පිණිස, දන් දෙයි. හෙතෙම ඒ දානය දී ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් සමග උපදියි. හෙතෙම ඒ කර්‍මය ගෙවා ඒ ඎද්‍ධිය, ඒ යසස, ඒ ආධිපත්‍යය ගෙවා මෙලොවට නොඑනසුළු වූයේ අනාගාමී වෙයි.

’’ශාරීපුත්‍රය, මේ ලොකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල නොවූයේ වේද, මහානිශංස නොවූයේ වේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල වූයේද, මහානිශංස වූයේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.