අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

6. අව්‍යාකත වර්‍ගය

2. පුරිසගති සූත්‍රය

’’මහණෙනි, සප්ත පුරිස ගතිද, අනුපාදා පරිනිර්‍වාණයද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට සිහි කරව්. දේශනා කරන්නෙමි.’’ - ’’එසේය ස්වාමීනි’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’ මහණෙනි, සප්ත පුරිස ගති (පුද්ගලයන් ස්වභාව හත) කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. මෙසේ නොවුයේය, මට මෙසේ නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් වුවක් ඇද්ද, එය දුරු කරන්නෙමියි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවිමෙහි නොඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණ පදයක් ඇද්ද, සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. හෙද වනාහි ඔහුට ඒ නිර්‍වාණ පදය සියල්ලෙන් සියල්ල ප්‍රත්‍යක්‍ෂවූයේ නොවෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාව නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. හෙතෙම ඔරම්භාගිය සංයෝජන (මෑත බැඳුම්) පස ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නම් අවිහාදියෙහි ඉපිද, එහි ආයුෂයෙන් භාගයක් නොඉක්මවා රහත්ව පිරිනිවෙන අනාගාමි පුද්ගලයා වෙයි.

’’මහණෙනි, යම්සේ දවල් කාලයෙහි ඉතා රත්වු යකඩ කබල නැසෙන කල්හි, එහි පතුරු ඇතිවී, විහිසිවී කලෙහි හැපී නිවෙන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම භික්‍ෂුව මෙසේම පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් (වූවක්) ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ශාන්තවු මත්තෙහි නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඒ පදයද වනාහි සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ නොවෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වෙයි. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී වේ.

(1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. (2) හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී වේ.

(1) ,මහණෙනි, යම්සේ දවසක් ගිනියම්වූ යකඩ කබලක් තලනා කල්හි එහි පතුරු ඇතිවී, උඩ පැන තලෙහි හැපී, නිවෙන්නේද, (2) ,මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ.

(1) ,මහණෙනි, යම්සේ දවසක් ගිනියම්වූ යකඩ කබලක් තලනා කල්හි එහි පතුරු ඇතිවී, උඩ පැන තලෙහි හැපී, නිවෙන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් උපහච්ච පරිනිබ්බායී (අවිහාදියෙහි ඉපිද ආයුෂ භාගයක් නොඉක්මවා රහත්ව පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.

’’මහණෙනි, දවසේ ගිනියම්වූ යකඩ කබලක් තළන කල්හි එහි පතුරු නැග, උඩට නැගී, තලෙහි හැපී නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී (උත්සාහයක් නැතිව රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි.

’’මහණෙනි, යම් සේ දවසක් ගිනියම්වූ යකඩ කබල සොළවන කල්හි පතුරු නැග, උඩට පැන කුඩා තණ රොදක හෝ, කුඩා දර ගොඩක හෝ වැටෙන්නේය. ඒ ගිනියම්වූ පතුර එහි ගිනිද උපදවන්නේය. දුම්ද උපදවන්නේය. ගිනිද උපදවා, දුම්ද උපදවා, එම කුඩා තණ රොද හෝ ලී ගොඩ හෝ විටින් ගෙන, අහර නැත්තේ නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙන් මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව මෙසේ පිළිපන්නේ වෙයි. (1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව මෙසේ පිළිපන්නේ වෙයි. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් සසංඛාර පරිනිබ්බායී (උත්සාහයෙන් රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි.

’’මහණෙනි, යම් සේ දවසක් ගිනියම්වූ යකඩ කබල තළන කල්හි පතුරු නැග, උඩට පැන ලොකු තණ රොදක හෝ, ලොකු දර ගොඩක හෝ වැටෙන්නේද. ඒ පතුර එහි ගිනිද ඇති කරවන්නේය. දුම්ද ඇති කරවන්නේය. ගිනිද ඇතිකොට, දුම්ද ඇතිකොට, එම ලොකු තණ රොද හෝ දර ගොඩ හෝ වටින් ගෙන, අහර නැත්තේ නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙනම් මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් සසංඛාර පරිනිබ්බායී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව මෙසේ පිළිපන්නේ වෙයි. (1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. මත්තෙහි ශාන්තවූ නිර්‍වාණ පදයක් ඇද්ද මනා ප්‍රඥාවෙන් දකියි. ඒ පදයද වනාහි සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ වෙයි. ඔහුගේ සර්‍වප්‍රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ නුවූයේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නුවූයේ වෙයි. අවිද්‍යාව නම් සිතිවිල්ල ප්‍රහීණ නුවූයේ වෙයි. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන් උද්‍ධංසොත අකනිට්ඨගාමී (ශුද්‍ධවාස භූමියෙහි ඉපිද පිළිවෙළින් අකනිටා බඹලොව දක්වා ගොස් අකනිටා බඹලොවදී පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.

’’මහණෙනි, දවසක් ගිනියම්වූ ගිනි කබලක් තළන කල්හි පතුරු නැග, උඩ පැන, ලොකු තණ රොදක හෝ දර ගොඩක හෝ වැටෙන්නේය. ඒ පතුර එහි ගිනිද උපදවන්නේය. දුම්ද උපදවන්නේය. ගිනිද ඇතිකොට, දුම්ද ඇතිකොට, ඒ මහත්වූ තණ රොද හෝ මහත්වූ දර ගොඩ හෝ වටකොට පඳුරුද දවන්නේය. වනයද දවන්නේය. පඳුරුද දවා, වනයද දවා, අමු පැලෑටි ආදියෙහි අන්තය හෝ, කොළවල අන්තය හෝ, ගල්වල අන්තය හෝ, ජළය කෙළවරකොට ඇති හෝ රම්‍යවූ බිම් පෙදෙසකට පැමිණ එය ගිනි නොගෙන නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) ’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් උද්‍ධංසොත අකනිට්ඨගාමී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ සප්ත පුරුෂ ගතීහු වෙති.

’’මහණෙනි, අනුපාදා පරිනිර්වානය කවරේද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ’නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති වන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්‍ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. ශාන්තවු මත්තෙහි ඇති නිර්‍වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් බලයි. ඒ නිර්‍වාණ පදයද සර්‍වප්‍රකාරයෙන් ප්‍රත්‍යක්‍ෂ කරණ ලද්දේ වෙයි. ඔහුට සර්‍වප්‍රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාව නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ වෙයි. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවු අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් (රහත් නුවණ) මේ ආත්මයෙහි තමාම විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙය අනුපාදා පරිනිර්වාණය නම් වේ.

’’මහණෙනි, මේ සප්ත ගතීහු වෙති. මහණෙනි, මේ අනුපාදා පරිනිර්වාණය වේ.