අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

6. අව්‍යාකත වර්‍ගය

3. තිස්ස බ්‍රහ්ම සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ, ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් වනාහි දේවතාවෝ දෙදෙනෙක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි දැකුම් කලු පැහැයෙන් මුළු ගිජුකුළු පෙදෙස බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමුණුනාහ. පැමිණ එකත්පසෙක සිටියාවු එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය.

’’ස්වාමිනි, මේ භික්‍ෂුණීහු මිදුණාහු වෙති.’’ (යනුවෙනි) අනික් දේවතාවා, ’’ස්වාමිනි, මේ භික්‍ෂුණීහු අනුපාදිශෙෂ වූවාහු මනාකොට මිදුණාහු වෙති.’’ යි මෙසේ සැළ කළහ. ශාස්තෲන් වහන්සේ දේවතාවන්ගේ වචනයට එකඟවූ සේක. ඉක්බිති ඒ දේවතාවෝ ශාස්තෲන් වහන්සේ එකඟවූ සේකැයි භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදහන් වූහ.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, මේ රාත්‍රියෙහි දේවතාවෝ දෙදෙනෙක් මනහර රාත්‍රියෙහි පැහැපත් වර්‍ණයෙන් මුළු ගිජුකුළු පෙදෙස ආලෝකකොට මා යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියහ. මහණෙනි, එකත්පසෙක සිටියාවූ එක් දේවතාවෙක් මට මෙසේ සැළ කළේය. ’’ස්වාමිනි, මේ භික්‍ෂුණීහු මිදුනාහුය.’’ අනික් දේවතාවා මට මෙසේ සැළ කළේය. ’’ ස්වාමිනි, මේ භික්‍ෂුණීහු අනුපාදිශෙෂයහ. මනාකොට මිදුණාහ.’’

’’මහණෙනි, ඒ දේවතාවෝ මෙය මට සැළ කළහ. මෙය සැළ කොට මට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එතැන්හි අතුරුදහන්වූහ. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වැඩ සිටියේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. ’සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, කවර නම් දෙවියන්ට මෙබඳු ඥානයක් වේද? එකල්හි වනාහි තිස්ස නම් භික්‍ෂුව ලඟදී කළුරිය කළේ එක්තරා බ්‍රහ්ම ලෝකයක උපන්නේ වෙයි. එහිද තිස්ස බ්‍රහ්ම තෙමේ මහර්ධි ඇත්තෙක, මහානුභාව ඇත්තෙකැයි ඔහු ගැන දනිත්.’’

ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම යම්සේ වනාහි යම්සේ වනාහි හකුළුවන ලද අතක් දිගු කෙරේද, දිගු කරණ ලද අතක් හකුළුවාද, එපරිද්දෙන් ගිජුකුළු පව්වෙහි අතුරුදහන්වූයේ, ඒ බ්‍රහ්ම ලෝකයෙහි පහළ විය. තිස්ස බ්‍රහ්ම තෙම, එන්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ දුරින්ම දැක්කේමය. දැක, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. ’’නිදුක්වූ මොග්ගල්ලානයෙනි, එනු මැනවි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, යහපත් ගමනක් වේවා! මෙහි ඒම පිණිස බොහෝ කලකින් මේ පැමිණීම කෙළේය. මේ ආසනය පණවන ලදී. වැඩ හිඳිනු මැනවි. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයනි’’ යි (කීයේය.) ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටියේමය. තිස්ස බ්‍රහ්ම තෙමේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ තිස්ස බ්‍රහ්මයාට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම මෙසේ කීයේය.

’’තිස්යය, සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, තිස්සය, කවර දෙවියන්ට මෙබඳු ඥානයක් වේද?

’’නිදුක්වූ මොග්ගල්ලානයෙනි, ’සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය වෙයි.’’ - ’’ ’සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, තිස්සය, සියලුම බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය වේද?’’ ’’නිදුක්වූ මොග්ගල්ලානයෙනි, ’සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය නොවෙයි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, බ්‍රහ්මවූ ආයුෂයෙන් සතුටුවූ බ්‍රහ්මවූ වර්‍ණයෙන් බ්‍රහ්මවූ සැපයෙන් බ්‍රහ්මවූ කීර්තියෙන් ආධිපත්‍යයෙන් සතුටුවූ යම් බ්‍රහ්ම කායිකයෝ වෙද්ද, ඒ මත්තෙහි මිදීම තතුසේ නොදනීද, ඔවුන්ට මේ ඥානය නොවෙයි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, බ්‍රහ්මවූ, ආයුෂයෙන් අසතුටුවූ, වර්‍ණයෙන්, සැපයෙන්, කීර්තියෙන් බ්‍රහ්මවූ ආධිපත්‍යයෙන් අසතුටු වුවාහු ඒ මතු මිදීමද තතුසේ දනිද්ද, ඔවුන්ට සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, මේ ඥානය වෙයි.

’’නිදුක්වූ මොග්ගල්ලානයෙනි, මෙහි මහණතෙම උභතොභාග විමුක්ත වූයේ (අර්හත් ඵලයෙහි අරූපධ්‍යාන පාදකොට විමුක්තවුයේ) වෙයි. ඒ කාරණය දෙවියෝ මෙසේ දනිත්. උභතොභාග විමුක්තවූ ආයුෂ්මත්තෙම ඔහුගේ කය යම්තාක්ද, ඒතාක් මෙහි පෙණෙත්. ශරීරයාගේ බිඳීමෙන් මනුෂ්‍යයෝ ඔහු නොදකිත්. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයි ඒ දෙවියන්ට මේ ඥානය වෙයි. ආයුෂ්මත් මොග්ගල්ලානයෙනි, මෙහි මහණ පඤ්ඤා විමුක්ත (එකෙනෙහි අර්හත් ඵලය ලත්) වේද, ඒ දෙවියෝ ඒ කරුණ මෙසේ දනිත්. මේ ආයුෂ්මත්වු පඤ්ඤා විමුක්ත තෙම යම්තාක් ඔහුගේ කය තිබේද, ඒතාක් ඔහු දෙවි මිනිස්සු දකිත්. කායයාගේ බිඳීමෙන් පසු දෙවි මිනිස්සු ඔහු නොදකිත්.

’’නිදුක්වු මොග්ගල්ලානයෙනි, මෙසේද ඒ දෙවියන්ගේ අනුපාදිශෙෂයෙහි හෝ අනුපාදිශෙෂයයි ඥානයක් වෙයි. මහණෙනි, මෙහි වනාහි භික්‍ෂුව ’කායසක්ඛි’ වූයේද, අප්පණිහිත (විමොක්‍ෂයෙන් විමුක්තවූ) වෙයි. මේ කරුණ දෙවියෝ මෙසේ දනිත්. (2) ’මේ ආයුෂ්මත් ’කායසක්ඛි’ තෙම අනුලොම්වූ සේනාසනයන්, සේවනය කරන්නේ, කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, හාත්පසින් ඉණද්‍රියයන් හික්මවනු ලබන්නේ, යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති ඒ නිරුත්තර රහත්බව මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක.

’’නිදුක්වූ මොග්ගල්ලානය, සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයි, මෙසේද ඒ දෙවියන්ට ඥානයක් වෙයි. නිදුක්වූ මොග්ගල්ලානය, මෙහි වනාහි භික්‍ෂු තෙම ’’දිට්ඨිප්පත්ත’’ වූයේ (පුඤ්ඤත්ත විමොක්‍ෂයෙන් විමුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකයා සොතාපත්තිඵල, සකෘදාගාමීඵල, අනාගාමී මාර්‍ගඵල, අර්හත් මාර්‍ග යන මේ මධ්‍යමාර්‍ගඵල සයෙහි දිට්ඨිප්පත්ත නම්.

(2) ’මේ ආයුෂ්මත් ’දිට්ඨිප්පත්ත’ තෙම අනුලොම්වූ සේනාසනයන්, සේවනය කරන්නේ, කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, හාත්පසින් ඉණද්‍රියයන් හික්මවනු ලබන්නේ, යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති ඒ නිරුත්තර රහත්බව මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක. (සද්ධාවිමුත්ත) වූයේ වෙයි. අනිමිත්ත විමොක්‍ෂයෙන් විමුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම මතු සත් තැන්හිම සද්ධාවිමුත්ත නම්. ධම්මානුසාරී වූයේ වෙයි. (සුඤ්ඤත විමොක්‍ෂයෙන් විමුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රොතාපත්ති මාර්‍ග ඝණයෙහි ධම්මානුසාරි නම්.) ඒ කරුණ ඒ දෙවියෝ මෙසේ දනිත්. මේ ආයුෂ්මත් ධම්මසාරීතෙම (2) මේ ආයුෂ්මත් ’සද්ධාවිමුත්ත’ තෙම අනුලොම්වූ සේනාසනයන්, සේවනය කරන්නේ, කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, හාත්පසින් ඉණද්‍රියයන් හික්මවනු ලබන්නේ, යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති ඒ නිරුත්තර රහත්බව මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක.

ඉක්බිති ආයුෂමත් මහාමොග්ගල්ලාන තෙම තිස්ස බ්‍රහ්මයාගේ වචනයට සතුටුවී අනුමෝදන්ව, යම්සේ වනාහි බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිගු කරන්නේද, දිගු කරණ ලද අතක් හකුළුවන්නේද, එපරිද්දෙන්ම බ්‍රහ්ම ලෝකයෙහි අතුරුදහන්වූයේ ගිජිකුළු පව්වෙහි පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම තිස්ස බ්‍රහ්මයා සමග කථා සල්ලාපය යම් පමණද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වීය.

’’මොග්ගල්ලානය, තිස්ස බ්‍රහ්මයා විසින් තොපට සත්වැනිවූ අනිමිත්ත විහාරී පුද්ගලයා ප්‍රකාශ නොකළේය.’’

’’භාග්‍යවතුන් වහන්සේ යම් ඒ සත්වැනි අනිමිත්ත විහාරී පුද්ගලයා දේශනා කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලයයි. සුගතයන් වහන්ස, එයට මේ කාලයයි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරා ගන්නාහුය.

’’එසේ නම් මොග්ගල්ලානය, අසව. මනාකොට සිහි කරව. දේශනා කරන්නෙමි’’ ’’එසේය, ස්වාමිනි’’ යි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

’’මොග්ගල්ලානය, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තවූ චිත්ත සමාධියක් වේද, එයට සමවැද වාසය කරයි. ඔහු ගැන දෙවියෝ මෙසේ දනිත්. ’මේ ආයුෂ්මත් තෙම සියලු නිමිති සිහි නොකිරීමෙන් නිමිති ඇල්ලීම් නැති සිතේ එකඟ කමට පත්වී සිටියි. මේ ආයුෂ්මත්තෙම යෝග්‍යවු සේනාසනයන් සේවනය කරන්නේ කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, ඉන්‍ද්‍රිය සමත්‍ථයට පමුණුවන්නේ, යමක් පිණිස කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම්වු ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර අවසන්කොට ඇති නිරුත්තර රහත්බව මෙලෙව්හිදීම තෙමේ යහපත් ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක යනුයි.

’’මොග්ගල්ලානය, එපරිද්දෙන්ම සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයි මෙසේ ඥානය ඇතිවෙයි.’’