අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
7. මහා වර්‍ගය
6. සක්කාර ගරුකාර සූත්‍රය
’’ඉක්බිති රහසිගතව විවේකයෙහි ඇළුනාවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුවිල්ලක් පහළ විය. ’’භික්‍ෂුව කවරෙකුට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වාසය කරන්නේ, අකුසල් දුරු කරන්නේද, කුසල් වඩන්නේද? යනුවෙනි.
’’ඉක්බිති ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. ’’භික්‍ෂුව ශාස්තෲන් වහන්සේට වනාහි (2) සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය ධර්‍මයට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය සඞ්ඝයාට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය ශික්‍ෂාවට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය සමාධියට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය අප්‍රමාදයට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය පිළිසඳරට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය යනුවෙනි.
’’ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. (2) ’’මේ ධර්මයෝ පිරිසිදුය, බබලන සුලුය. මම භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් කියන්නෙම් නම් ඉතා යෙහෙක’’ යනුවෙනි. මෙසේ මේ ධර්මයෝ පිරිසිදුවූවෝ, ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ. යම්සේ පුරුෂයෙක් පිරිසිදුවූ, බබලන්නාවූ රන් කාසියක් ලබන්නේ නම් ඔහුට මේ අදහස වන්නේය. ’මාගේ මේ රන් කාසිය පිරිසිදුය. බබලන සුලුය. මේ රන් කාසිය රන් කරුවකු වෙතට ගෙන ගියේ නම් පිරිසිදු වන්නේය. ඉතාම පිරිසිදු වන්නේය’ යනුවෙනි. එපරිද්දෙන්ම මේ ධර්මයෝ පිරිසිදුය. බබලන සුලුය. භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් ප්‍රකාශ කරන්නේ නම් ඉතා යෙහෙක යනුවෙනි. එසේ කල්හි මේ ධර්මයෝ පිරිසිදු වූවෝ වන්නාහ. ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ.’’
’’ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
’’ස්වාමීනි, රහසිගතව විවේකයෙහි ඇළුනාවූ මට මෙසේ සිතුවිල්ලක් පහළ විය. ’’භික්‍ෂුව කවරෙකුට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුසල් දුරු කරන්නේද, කුසල් වඩන්නේද?’’ යනුවෙනි. ඒ මට මේ අදහස විය. ’’භික්‍ෂුව ශාස්තෲන් වහන්සේට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. ඒ මට මේ අදහස විය. ’’මේ ධර්මයෝ පිරිසිදුය, බබලන සුලුය. මම භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් කියන්නෙම් නම් ඉතා යෙහෙක’’ යනුවෙනි. මෙසේ මේ ධර්මයෝ පිරිසිදුවූවෝ, ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ. යම්සේ පුරුෂයෙක් පිරිසිදුවූ, බබලන්නාවූ රන් කාසියක් ලබන්නේ නම් ඔහුට මේ අදහස වන්නේය. ’මාගේ මේ රන් කාසිය පිරිසිදුය. බබලන සුලුය. මේ රන් කාසිය රන් කරුවකු වෙතට ගෙන ගියේ නම් පිරිසිදු වන්නේය. ඉතාම පිරිසිදු වන්නේය’ යනුවෙනි. එපරිද්දෙන්ම මේ ධර්මයෝ පිරිසිදුය. බබලන සුලුය. භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් ප්‍රකාශ කරන්නේ නම් ඉතා යෙහෙක යනුවෙනි. එසේ කල්හි මේ ධර්මයෝ පිරිසිදු වූවෝ වන්නාහ. ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ.’’
’’යහපති, ශාරීපුත්‍රය. ශාස්තෲන් වහන්සේටම වනාහි භික්‍ෂුව සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුශල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. ශාරීපුත්‍රය, ධර්‍මයට වනාහි (2) භික්‍ෂුව සත්කාර කරන්නේ, ගරුකාර කරන්නේ, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුශල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. (3) ශාරීපුත්‍රය, සංඝයාට සත්කාර කරන්නේ, ගරුකාර කරන්නේ, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුශල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. ශාරීපුත්‍රය භික්‍ෂුව ශික්‍ෂාවට සත්කාර කරන්නේ, ගරුකාර කරන්නේ, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුශල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. ශාරීපුත්‍රය භික්‍ෂුව සමාධියට සත්කාර කරන්නේ, ගරුකාර කරන්නේ, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුශල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. ශාරීපුත්‍රය භික්‍ෂුව අප්‍රමාදයට සත්කාර කරන්නේ, ගරුකාර කරන්නේ, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුශල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. ශාරීපුත්‍රය භික්‍ෂුව පිළිසඳරට සත්කාර කරන්නේ, ගරුකාර කරන්නේ, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුශල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. යනුවෙනි.’’
’’මෙසේ දේශනා කල කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ. ’’ස්වාමීනි, මම මේ කාරණයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් දේශනා කරණ ලද ලද්දහුගේ අර්ත්‍ථය මෙසේ විස්තර වශයෙන් දනිමි. ස්වාමීනි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇති ඒ භික්‍ෂු තෙම ධර්‍මයෙහි ගෞරව ඇත්තේයයි මේ කාරණය විද්‍යමාන නොවේ.
’’ස්වාමීනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේ වේ. ස්වාමීනි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇති භික්‍ෂු තෙම ධර්‍මයෙහිද, සංඝයා කෙරෙහිද අගෞරව ඇත්තේ වේ. (2) ස්වාමීනි, ඒ භික්‍ෂු තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේ වේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේ වේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේ වේද, (3) ශික්‍ෂාවෙහි ගෞරවය ඇත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. ස්වාමීනි, ඒ භික්‍ෂු තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේ වේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේ වේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේ වේද, ශික්‍ෂාවෙහිද හෙතෙම අගෞරව ඇත්තේ වෙයි. ස්වාමීනි, ස්වාමීනි, ඒ භික්‍ෂු තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේ වේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේ වේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේ වේද, ශික්‍ෂාවෙහි අගෞරව ඇත්තේ වේද, සමාධියෙහි ගෞරව ඇත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ.
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේද, ශික්‍ෂාවෙහි අගෞරව ඇත්තේද, (2) සමාධියෙහිද හෙතෙම ගෞරව නැත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේද, ශික්‍ෂාවෙහි අගෞරව ඇත්තේද, හෙතෙම අප්‍රමාදයෙහි ගෞරව ඇත්තේය යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේද, ශික්‍ෂාවෙහි අගෞරව ඇත්තේද, අප්‍රමාදයෙහිද හෙතෙම අගෞරව ඇත්තේ වේ.
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේද, ශික්‍ෂාවෙහි අගෞරව ඇත්තේද, අප්‍රමාදයෙහි අගෞරව ඇත්තේ වේ. පිළිසඳරෙහි ගෞරව ඇත්තේය යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේද, සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේද, ශික්‍ෂාවෙහි අගෞරව ඇත්තේද,
’’ස්වාමීනි, ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද. හෙතෙම ධර්මය කෙරෙහි අගෞරව නැත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, (2) යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද, (3) හෙතෙම ධර්මයෙහිද ගෞරව ඇත්තේ වේ. ස්වාමීනි, ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද. හෙතෙම ධර්මය කෙරෙහි අගෞරව නැත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේද, හෙතෙම සංඝයා කෙරෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ස්වාමීනි, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේද. (2) සංඝයා කෙරෙහිද ගෞරව ඇත්තේ වේ. ස්වාමීනි, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේද. සංඝයා කෙරෙහිද ගෞරව ඇත්තේද, ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ස්වාමීනි, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද, ධර්‍මය කෙරෙහිද ගෞරව ඇත්තේ වේද, සංඝයා කෙරෙහිද ගෞරව ඇත්තේ වේද, (2) ශික්‍ෂාව කෙරෙහිද ගෞරව ඇත්තේ වේ. ස්වාමීනි, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද, ධර්‍මය කෙරෙහිද ගෞරව ඇත්තේ වේද, සංඝයා කෙරෙහිද ගෞරව ඇත්තේ වේද, ශික්‍ෂාව කෙරෙහිද ගෞරව ඇත්තේ, සමාධිය කෙරෙහි ගෞරවය නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
(1) ’’ස්වාමීනි, ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද. හෙතෙම ධර්මය කෙරෙහි අගෞරව නැත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ සමාධියෙහිද ගෞරව ඇත්තේ වේ. (2) ’’ස්වාමීනි, ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද. හෙතෙම ධර්මය කෙරෙහි අගෞරව නැත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ සමාධියෙහිද ගෞරව ඇත්තේ වේ. සමාධියෙහිද ගෞරව ඇත්තේද, අප්‍රමාදයෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ස්වාමීනි, ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද. හෙතෙම ධර්මය කෙරෙහි අගෞරව නැත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ සමාධියෙහිද ගෞරව ඇත්තේ වේ. හෙතෙම අප්‍රමාදයෙහිද ගෞරව ඇත්තේ වේ. ස්වාමීනි, ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද. හෙතෙම ධර්මය කෙරෙහි අගෞරව නැත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ සමාධියෙහිද ගෞරව ඇත්තේ වේ. අප්‍රමාදයෙහිද ගෞරව ඇත්තේ වේ. පිළිසඳරෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ස්වාමීනි, ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ වේද. හෙතෙම ධර්මය කෙරෙහි අගෞරව නැත්තේයයි යන කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ සමාධියෙහිද ගෞරව ඇත්තේ වේ. සමාධියෙහි ගෞරව ඇත්තේ වේද. පිළිසඳරෙහි ගෞරව ඇත්තේ වේ.
’’ස්වාමීනි, මේ කාරණයෙහිලා භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් දේශනා කරණ ලද්දහුගේ මෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය දනිමි’’ යි (ප්‍රකාශ කළහ.)
’’යහපති, යහපති, ශාරීපුත්‍රය ඔබ මේ කාරණයෙහි ලා මවිසින් සංක්‍ෂපයෙන් දේශනා කරණ ලද්දහුගේ අර්ත්‍ථය විස්තර වශයෙන් දැනගත්තෙහිය. එය ඉතා යහපත් වේ.
’’ශාරීපුත්‍රය, ඒ භික්‍ෂු තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේද, ධර්‍මයෙහි ගෞරව ඇත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේද. හෙතෙම ධර්‍මයෙහිද අගෞරව ඇත්තේය. ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇත්තේද. ධර්මය කෙරෙහි අගෞරව ඇත්තේද. හෙතෙම සංඝයා කෙරෙහි අගෞරව ඇත්තේය. ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේද. ධර්‍මයෙහි ගෞරව නැත්තේද. සංඝයා කෙරෙහි ගෞරව නැත්තේද. ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තේද, ශික්‍ෂාවෙහි ගෞරව නැත්තේද, සමාධිය කෙරෙහි ගෞරවය නැත්තේද, අප්‍රමාදයෙහි ගෞරව නැත්තේද, පිළිසඳරෙහි ගෞරව ඇත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේද. ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තේද, සමාධියෙහි ගෞරව නැත්තේද, අප්‍රමාදයෙහි ගෞරව නැත්තේද. පිළිසඳරෙහිද ගෞරව නැත්තේ වේ.’’
’’මහණෙනි, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ. ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේද. හෙතෙම ධර්මයෙහිද ගෞරව ඇත්තේ වේ. සංඝයා කෙරෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේය, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තේය, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේය. (2) ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේය යන කාරණය විද්‍යමාන නොවේ. ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේය, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තේය, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේය. සංඝයා කෙරෙහිද, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ, සමාධිය කෙරෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේය, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තේය, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේය. ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ, අප්‍රමාදය කෙරෙහි ගෞරව නැත්තේය යන කාරණය විද්‍යමාන නොවේ.
’’ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේය, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තේය, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේය. සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ. අප්‍රමාදය කෙරෙහි ගෞරව ඇත්තේ. (2) හෙතෙම පිළිසඳරෙහි ගෞරව නැත්තේය යන කාරනය විද්‍යමාන නොවේ.
’’ශාරීපුත්‍රය, යම් ඒ මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේය, ධර්‍මය කෙරෙහි ගෞරව ඇත්තේය, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේය. සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ, ශික්‍ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ. අප්‍රමාදය කෙරෙහි ගෞරව ඇත්තේ. පිළිසඳරෙහිද හෙතෙම ගෞරව ඇත්තේ වේ. ශාරිපුත්‍රය, මා විසින් මේ කාරණයෙහි ලා දේශනා කරණ ලද්දහුගේ මෙසේ විස්තර වශයෙන් අර්ත්‍ථය දත යුතුය.’’