අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(6) 1. ගොතමී වර්‍ගය
2. භික්ඛු නොවාදක සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, කරුණු කීයකින් යුක්තවූ මහණ තෙමේ භික්‍ෂුණීනට අවවාද දෙන්නියක් වශයෙන් සම්මත කළ යුතුදැ’’ යි ඇසූ සේක.
’’ආනන්‍දය, කරුණු අටකින් යුක්තවූ මහණතෙම භික්‍ෂුනීන්ට අවවාද කරන්නෙකැයි සම්මත කළ යුතුය. කිනම් අටකින්ද යත්, ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද,
ඔහුට ප්‍රාති මොක්‍ෂ දෙක (භික්‍ෂු භික්‍ෂුනී) විස්තර වශයෙන් කට පාඩම් වෙත්ද, බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, තීන්දු කරණ ලද්දාහු වෙත්ද, යහපත් වචන ඇත්තේ වේද, යහපත් ප්‍රකාශ කිරීම් ඇත්තේ, ඎජුව කියන, කෙළ තොලු නොවූ අර්ත්‍ථය ප්‍රකාශ කරණ නාගරික වචනයෙන් යුක්තවූයේ වේද, භික්‍ෂුණී සංඝයා දැහැමි කථාවෙන් කරුණු සහිතව පෙන්වන්නට, සමාදන් කරවන්නට, තෙද ගන්වන්නට, සතුටු කිරීමට දක්‍ෂ වේද, බොහෝ සෙයින් භික්‍ෂූන්ට ප්‍රිය වේද, මන වඩන්නේ වේද, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි නොවූ කහ වස්ත්‍ර අඳින මොහු, පෙර ගරු ඇවතකට නොපැමිණි කෙනෙක් වන්නේද,
’’විසි වස් ඇත්තේ හෝ, විසි වසට වැඩිවූයේ වේද, ආනන්‍දය් මේ කරුණු අටින් යුක්තවූ මහණ තෙම භික්‍ෂූන්ට අවවාද කරන්නෙකු වශයෙන් සම්මත කළ යුතුයි.’’