අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. චාපාල වර්‍ගය

8. අරියවොහාර සූත්‍රය

’’මහණෙනි, මේ ආර්‍ය්‍ය ව්‍යවහාරයෝ අටෙකි.

’’ඒ අට කවරහුද? නොදැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ නොකළ දෙයෙහි ස්පර්‍ශ නොකළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි නොදැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ කළ දෙයෙහි ස්පර්‍ශ කළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, යන අට මහණෙනි, ආර්‍ය්‍ය ව්‍යවහාරයෝ වෙති.’’