අඞ්ගුත්තරනිකායො
නවක නිපාතය
1. පළමු වෙනි පණ්ණාසකය
2. සීහනාද වර්‍ගය
2. සඋපාදිසෙස සූත්‍රය
ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවාගෙන පාත්‍ර සිවුරු රැගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩි සේක. ’සැවතට පිඬු පිණිස යාමට තවම කල් වැඩිය. මම අන්‍ය තීර්ත්‍ථක (අන්‍යාගමිකවූ) පිරිවැජියන්ගේ අරමක් කරා පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි ශාරීපුත්‍රායුෂ්මතුන් වහන්සේට මෙබඳු සිතක් විය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ අන්‍ය තීර්ත්‍ථක පිරිවැජියකුගේ ආරාමය යම් තැනෙක්හිද, එතැන්හි පැමිණි සේක. පැමිණ, ඒ අන්‍ය තීර්ත්‍ථක පිරිවැජියන් සමග සතුටුවිය. සතුටුවිය යුතුවූද, සිහි කටයුතුවූද, කථා කොට නිමවා එක් පසෙක හුන් සේක.
එකල්හි වනාහි එකට උන්නාවූ, එකට රැස්වූ, ඒ අන්‍යතීර්ත්‍ථක පිරිවැජියන් අතර මේ අතුරු කථාව පහළවිය. ’ඇවැත්නි, යම් කිසිවෙක් සවුපාදිශෙෂව (කෙළෙස් ඉතිරි කොට) කළුරිය කෙරෙයිද, ඒ සියලුදෙන නරකයෙන් නොමිදුනහ. තිරිසන් යෝනියෙන් නොමිදුනහ. ප්‍රෙත විෂයයෙන් නොමිදුනහ. දුර්‍ගතිවූ, නපුරු සේ ඇදවැටෙන අපාය දුකින් නොමිදුනාහ’ කියායි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ඒ අන්‍යතීර්ත්‍ථක පිරිවැජියන්ගේ කථාවට නොම සතුටුවූහ. (එය) නොම ප්‍රතික්‍ෂෙප කළ සේක. නොම සතුටුව, නොම ප්‍රතික්‍ෂෙප කොට, හුනස්නෙන් නැගිට, බුදුන් වහන්සේ ගේ සමිපයෙන් මේ භාෂිතයාගේ අර්ත්‍ථය දැනගන්නෙමැයි වැඩි සේක.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරී, පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක උන් සේක. එකත්පසෙක උන්නාවූ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළ සේක. (එනම්) ’’ස්වාමීන් වහන්ස, මෙහිදී මම පෙරවරු කාලයෙහි හැඳ පොරවාගෙන, පාත්‍ර සිවුරු රැගෙන, සැවතට පිඬු පිණිස පිවිසියෙමි. ස්වාමීන් වහන්ස, ඒ මට මෙබඳු සිතක් පහළවිය. (එය නම්)’සැවතට පිඬු පිණිස යාමට තවම කල් වැඩිය. මම අන්‍ය තීර්ත්‍ථක (අන්‍යාගමිකවූ) පිරිවැජියන්ගේ අරමක් කරා පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි කියායි. ඉක්බිති ස්වාමීන් වහන්ස, මම අන්‍යතීර්ත්‍ථක පිරිවැජියකුගේ ආරම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියෙමි. පැමිණ, ඒ අන්‍ය තීර්ත්‍ථක පිරිවැජියන් සමග සතුටුවීමි. සතුටුවිය යුතු කථාද, සිහි කටයුතු කථාද, කොට නිමවා එක් පසෙක උන්නෙමි.
එකල්හි වනාහි එකට උන්නාවූ, එකට රැස්වූ, ඒ අන්‍යතීර්ත්‍ථක පිරිවැජියන් අතර මේ අතුරු කථාව පහළවිය. ’ඇවැත්නි, යම් කිසිවෙක් සවුපාදිශෙෂව (කෙළෙස් ඉතිරි කොට) කළුරිය කෙරෙයිද, ඒ සියලුදෙන නරකයෙන් නොමිදුනහ. තිරිසන් යෝනියෙන් නොමිදුනහ. ප්‍රෙත විෂයයෙන් නොමිදුනහ. දුර්‍ගතිවූ, නපුරු සේ ඇදවැටෙන අපාය දුකින් නොමිදුනාහ’ කියායි. ඉක්බිති ස්වාමීන් වහන්ස, මම ඒ අන්‍යතීර්ත්‍ථක පරිව්‍රාජකයන්ගේ කථාවට නොම සතුටුවීමි. (එය) ප්‍රතික්‍ෂෙප (බැහැර) නොකෙළෙමි. සතුටු නොවී, ප්‍රතික්‍ෂෙප නොකොට, භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහිදී මේ භාෂිතයාගේ අර්ත්‍ථය දැනගන්නෙමියි හුනස්නෙන් නැගිට ගියෙමි.’’
’’ශාරීපුත්‍රය, බාලවූ, අව්‍යක්තවූ, අන්‍යතීර්ත්‍ථක පිරිවැජියෝ කවරහුද, ඒ කවරහු සවුපාදිශෙෂය හෝ සවුපාදිශෙෂය කියාද, අනුපාදිශෙෂය හෝ අනුපාදිශෙෂය කියාද දැන ගනිත්ද?
’’ශාරීපුත්‍රය, මේ පුද්ගලයෝ නවදෙනෙක් සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ඒ නවදෙන කවරහුද? ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ ශීලයන් සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, සමාධිය සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගල තෙමේ මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. ශාරීපුත්‍රය, මේ පළමුවෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ ශීලයන් සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, සමාධිය සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගල තෙමේ මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්‍ෂය කිරීමෙන් උපහච්චපරිනිබ්බායී වෙයි. ශාරීපුත්‍රය, මේ දෙවෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ ශීලයන් සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, සමාධිය සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගල තෙමේ මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්‍ෂය කිරීමෙන් අසංඛාරපරිනිබ්බායී වෙයි. ශාරීපුත්‍රය, මේ තුන්වෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ ශීලයන් සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, සමාධිය සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගල තෙමේ මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්‍ෂය කිරීමෙන් සසංඛාරපරිනිබ්බායී වෙයි. ශාරීපුත්‍රය, මේ සතරවෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ ශීලයන් සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, සමාධිය සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගල තෙමේ මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්‍ෂය කිරීමෙන් උද්‍ධංසොතවූයේ අකනිට්ඨාගාමී වෙයි. ශාරීපුත්‍රය, මේ පස්වෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය. නපුරුසේ ඇදවැටෙන අපායෙන් මිදුනේ වෙයි.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ ශීලයන් සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, සමාධිය සම්පූර්‍ණ කරණ ස්වභාව වේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගල තෙමේ මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්‍ෂය කිරීමෙන් ඇල්ම, තරහ, මුලාව ක්‍ෂය කිරීමෙන් සකෘදාගාමී වෙයි. එක් වරක්ම මේ ලෝකෙට ඇවිත්, දුක් කෙළවර කරන්නෙක් වෙයි. ශාරීපුත්‍රය, මේ සයවෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම ශීලයන් සම්පූර්‍ණ කරණ සුළුවේද, සමාධිය සම්පූර්‍ණ කරණ සුළු නොවේද, ප්‍රඥාව සම්පූර්‍ණ කරණ සුළු නොවේද, ඒ පුද්ගල තෙමේ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එකබීජ වෙයි. එකම මිනිස් බවක් උපදවා දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සත්වෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම ශීලයන් සම්පූර්‍ණ කරණ සුලු වේද, සමාධිය සෑහෙන පමණ සම්පූර්‍ණ කරණ සුළු වූයේද, ප්‍රඥාව සෑහෙන පමණ සම්පූර්‍ණ කරණ සුළු වූයේද, ඒ පුද්ගල තෙම තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් කොලංකොල වෙයි. අත්බැව් දෙවරක හෝ තුන්වරෙක ඇවිද හැසිර දුක් කෙළවර කරන්නේ වේ. ශාරීපුත්‍රය, මේ අටවෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම ශීලයන් සම්පූර්‍ණ කරණ සුලු වේද, සමාධිය සෑහෙන පමණ සම්පූර්‍ණ කරණ සුළු වූයේද, ප්‍රඥාව සෑහෙන පමණ සම්පූර්‍ණ කරණ සුළු වූයේද, ඒ පුද්ගල තෙමේ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරම වෙයි. සත්වරක් පරම කොට, දිව්‍ය, මනුෂ්‍ය දෙගතියෙහි ඇවිද හැසිර දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ නවවෙනි පුද්ගලයා සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
’’ශාරීපුත්‍රය, බාලවූ, අව්‍යක්තවූ, අන්‍යතීර්ත්‍ථක පිරිවැජියෝ කවරහුද, ඒ කවරහු සවුපාදිශෙෂය හෝ සවුපාදිශෙෂයයි දනිද්ද, අනුපාදිශෙෂය හෝ අනුපාදිශෙෂයයි දනිද්ද, ශාරීපුත්‍රය, මේ කවර පුද්ගලයෝ සවුපාදිශෙෂවූවාහු, කළුරිය කරන්නාහු, නරකයෙන් මිදුනාහුය. තිරිසන් යෝනියෙන් මිදුනාහුය. ප්‍රෙත විෂයයෙන් මිදුනාහුය. දුර්‍ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායෙන් මිදුනාහුය.
’’ශාරීපුත්‍රය, මේ ධර්‍මපරියාය (ක්‍රමය) තෙම භික්‍ෂූන්ටද, භික්‍ෂුණීන්ටද, උපාසකයන්ටද, උපාසිකාවන්ටද, ඒතාක් නොවැටහුනේමය. ඊට හේතු කවරේද? මේ ධර්‍මපරියාය අසා ප්‍රමාදය ආභරණය නොකෙරේවා. වැලිදු ශාරීපුත්‍රය, මා විසින් මේ ධර්‍මපරියාය ප්‍රඥාභිප්‍රායයෙන් වදාරන ලද්දේය’’ යි වදාළ සේක.