අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

3. සත්තාවාස වර්‍ගය

2. ඛළුඞ්කොපම සූත්‍රය

’’මහණෙනි, අශ්වපොතකයන් (අසු පැටවුන්) තිදෙනෙක්ද, පුරිස පොතකයන් තිදෙනෙක්ද, අසුන් අතුරෙහි යහපත් අසුන් තිදෙනෙක්ද, පුරුෂයන් අතුරෙහි යහපත් පුරුෂයන් තිදෙනෙක්ද, සොඳුරුවූ අස්සාජානීයියයන් තිදෙනෙක්ද, සොඳුරුවූ පුරුෂාජානීයයන් තිදෙනෙක්ද දේශනා කරන්නෙමි. එය මනා කොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි’’ යනුයි. ’’ස්වාමීන් වහන්ස. එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.

’’මහණෙනි, ඒ අශ්වපොතකයන් තිදෙනා කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වූයේම වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව පොතකයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ අශ්ව පොතකයන් තිදෙනාය.

’’මහණෙනි, පුරුෂ පොතකයන් තිදෙනා කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් තෙම ජව සම්පන්න වූයේම වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් තෙම ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පොතකයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ පුරුෂ පොතකයන් තිදෙනාය.

’’මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙමේ ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද? මහණෙනි, ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ සමුදයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි වනාහි, අභි විනයෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ පසු බසියි. නොවිසඳයි. මෙය ඔහුගේ වර්‍ණයෙහියයි නොකියමි. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍රත්‍යය යන බෙහෙත් සමූහය ලබන සුළු වූයේ නොවේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහ සම්පන්නයෙහි වේයයි නොකියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂ පොතක තෙමේ ජව සම්පන්න වෙයි. වර්‍ණ සම්පන්න නොවෙයි. ආරොහ පරිනාහ සම්පන්න නොවෙයි.

’’මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙම ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද? මහණෙනි, ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ සමුදයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභි විනයෙහි වනාහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳයිද. සංසන්‍දනය (එකට ගැලපීම) නොවෙයිද, මෙය ඔහුගේ වර්‍ණයෙහි වේයයි කියමි. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍රත්‍යය යන බෙහෙත් සමූහය නොලබන සුළු වූයේ වේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහයෙහි වේයයි නොකියමි. මෙසේ වනාහි මහණෙනි, පුරුෂ පොතක තෙම ජව සම්පන්න වෙයි. වර්‍ණ සම්පන්න වෙයි. ආරොහ පරිනාහ සම්පන්න නොවෙයි.

’’මහණෙනි, කෙසේ නම් පුරුෂ පොතක තෙම ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද? මහණෙනි, ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ සමුදයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභි විනයෙහි වනාහි ප්‍රශ්න අසණ ලද්දේ විසඳයිද. සංසන්‍දනය (එකට ගැලපීම) නොවේයයිද, මෙය ඔහුගේ වර්‍ණයෙහි වේයයි කියමි. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍රත්‍යය බෙහෙත් සමූහය යන මෙය ලබන සුළු වූයේ වේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහයෙහි වේයයි කියමි. මෙසේ වනාහි මහණෙනි, පුරුෂ පොතක තෙම ජව සම්පන්න වෙයි. වර්‍ණ සම්පන්න වෙයි. ආරොහ පරිනාහ සම්පන්න වෙයි. මහණෙනි, මේ පුරුෂ පොතකයන් තිදෙනා වෙත්යයි වදාළ සේක.

’’මහණෙනි, ඒ අශ්වසදශ්වයන් තිදෙනා කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්වසදශ්වයෙක් ජව සම්පන්න වූයේම වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්වසදශ්වයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්වසදශ්වයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ අශ්වසදශ්වයන් තිදෙනාය.

’’මහණෙනි, පුරුෂසදශ්වයන් තිදෙනා කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂසදශ්වයෙක් තෙම ජව සම්පන්න වූයේම වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂසදශ්වයෙක් තෙම ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න නොවේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂසදශ්වයෙක් ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද, මහණෙනි, මේ පුරුෂසදශ්වයන් තිදෙනාය. මහණෙනි, කෙසේ නම් පුරුෂසදශ්ව තෙමේ ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න නොවේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද? මහණෙනි, ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ සමුදයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි වනාහි, අභි විනයෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ පසු බසියි. නොවිසඳයි. මෙය ඔහුගේ වර්‍ණයෙහියයි නොකියමි. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍රත්‍යය යන බෙහෙත් සමූහය ලබන සුළු වූයේ නොවේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහ සම්පන්නයෙහි වේයයි නොකියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂසදශ්ව තෙමේ ජව සම්පන්න වෙයි. වර්‍ණ සම්පන්න නොවෙයි. ආරොහ පරිනාහ සම්පන්න නොවෙයි. මහණෙනි, කෙසේ නම් පුරුෂසදශ්ව තෙම ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න නොවේද? මහණෙනි, ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ සමුදයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දැන ගනීද, මෙය ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභි විනයෙහි වනාහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳයිද. සංසන්‍දනය (එකට ගැලපීම) නොවෙයිද, මෙය ඔහුගේ වර්‍ණයෙහි වේයයි කියමි. චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍රත්‍යය යන බෙහෙත් සමූහය නොලබන සුළු වූයේ වේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහයෙහි වේයයි නොකියමි. මෙසේ වනාහි මහණෙනි, පුරුෂසදශ්ව තෙම ජව සම්පන්න වෙයි. වර්‍ණ සම්පන්න වෙයි. ආරොහ පරිනාහ සම්පන්න නොවෙයි. මහණෙනි, කෙසේ නම් පුරුෂසදශ්ව තෙම ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරොහ පරිනාහ සම්පන්න වේද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පඤ්චෝරම්භාගීය (කාම ලෝකය භජනය කරණ සංයෝජන ධර්ම රැහැන්විය) ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ, එහිදී පිරිනිවන් පානාසුළු වුයේ ඒ ලෝකයෙන් (උත්පත්ති වශයෙන්) මෙහි නොඑන ස්වභාව ඇත්තේ වේද, මෙය ඔහුගේ ජවයෙහි වූයේයයි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි ප්‍රශ්ණ විචාරණ ලද්දේ විසඳයිද, නොසැසඳේද, මෙය ඔහුගේ වර්‍ණයෙහි වූයේයයි කියමි. වීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලානප්‍රත්‍යය, බෙහෙත් සමූහය යන මොවුන් ලබන සුළුවූයේ වේද, මෙය ඔහුගේ ආරෝහ පරිනාහයෙහි වූයේයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි පුරුෂසදශ්ව තෙමේ ජව සම්පන්නද වෙයි. වර්‍ණ සම්පන්නද වෙයි. ආරෝහපරිනාහ සම්පන්නද වෙයි. මහණෙනි, මොවුහු වනාහි පුරුෂදශ්වයන් තිදෙනා වෙති.

’’මහණෙනි, සොඳුරු අශ්වජානීයයෝ තිදෙන කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි සොඳුරුවූ අශ්වජානීයයෙක් තෙම ජව සම්පන්නද වේ, වර්‍ණ සම්පන්නද වේ, ආරොහ පරිනාහ සම්පන්නද වේ. මහණෙනි, මේ වනාහි සොඳුරු අශ්වජානීයයෝ තිදෙනා වෙති.

’’මහණෙනි, සොඳුරුවූ පුරුෂාජානීයයෝ තිදෙනා කවරහුද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් සොඳුරුවූ පුරුෂාජානීයයෙක් තෙම ජව සම්පන්නද වෙයි, වර්‍ණ සම්පන්නද වෙයි, ආරොහ පරිනාහ සම්පන්නද වෙයි. මහණෙනි, කෙසේ නම් සොඳුරුවූ පුරුෂාජානීය තෙමේ ජව සම්පන්න වේද, වර්‍ණ සම්පන්න වේද, ආරෝහ පරිනාහ සම්පන්න වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ චෙතො විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, සාත්කොට (ප්‍රත්‍යක්‍ෂකොට) දැන ඊට පැමිණ වෙසේද, මෙය ඔහුගේ ජවයෙහි වේ යයි කියමි.

’’අභිධර්‍මයෙහි, අභිවිනයෙහි වනාහි ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳයිද, නොසැසඳෙයිද, (නොගැලපෙයිද), මෙය ඔහුගේ වර්‍ණයෙහි වූයේයයි කියමි. චීවර, පිණ්ඩපාත, සයනාසන, ගිලානප්‍රත්‍යය බෙහෙත් සමූහය යන මොවුන් ලබන සුළුවූයේ වේද, මෙය ඔහුගේ ආරෝහපරිනාහයෙහි වේයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි සොඳුරු පුරුෂාජානීය තෙමේ ජව සම්පන්නද වෙයි. වර්‍ණ සම්පන්නද වෙයි. ආරෝහ පරිනාහ සම්පන්නද වෙයි. මහණෙනි, මේ තිදෙන වනාහි සොඳුරුවූ පුරුෂාජානීයයෝ වෙති’’ යි වදාළ සේක.