අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

3. සත්තාවාස වර්‍ගය

6. සිලායුපොපම සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, රජගහනුවර කලන්දකනිවාප නම්වූ වෙළුවනයෙහි වැඩ වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් ස්ථවිර තෙමේ, ’’ඇවැත්නි, මහණෙනි’’, කියා භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’, කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, පිළිවදන් දුන්හ. ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ කාරණය කීසේක.

’’ඇවැත්නි, දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්‍ම දේශනා කෙරෙයි. (කෙසේද?) ’ඇවැත්නි, යම් හෙයකින් වනාහි භික්‍ෂුවකගේ සිතින් සිත මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ජාතිය ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලදී, සතර මාර්ගික කටයුතු කරණ ලදී. ’මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි මෙය ප්‍රකාශ කිරීම පිණිස සුදුසුය’’, කියායි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් චන්දිකාපුත්‍ර ස්ථවිරයන්ට මේ කාරණය කී සේක.

’’ඇවැත්නි, චන්‍දිකාප්‍රත්‍රයිනි, දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්‍ම දේශනා නොකෙරේය. කෙසේද? ’ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවකගේ සිතින් සිත මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලදී, සතර මාර්ගික කටයුතු කරණ ලදී. ’මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස සුදුසුය’’, කියායි.

’’ඇවැත්නි, චන්‍දිකාප්‍රත්‍රයිනි, මෙසේ වනාහි දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට ධර්‍මය දේශනා කෙරෙයි. කෙසේද? යම් හෙයකින් වනාහි ඇවැත්නියි භික්‍ෂුවකගේ සිත (තමන්ගේ) සිතින් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලද්දේය, සතර මාර්ගික කටයුතු කරණ ලද්දේය. ’මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය’’, යනුයි. දෙවෙනි වරත් යම් හෙයකින් වනාහි ඇවැත්නියි භික්‍ෂුවකගේ සිත (තමන්ගේ) සිතින් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලද්දේය, සතර මාර්ගික කටයුතු කරණ ලද්දේය. ’මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය’’, යම් හෙයකින් වනාහි ඇවැත්නියි භික්‍ෂුවකගේ සිත (තමන්ගේ) සිතින් මනාකොට පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බඹසර වැස නිමවන ලද්දේය, සතර මාර්ගික කටයුතු කරණ ලද්දේය. ’මේ ආත්මභාවය හැර අනිකක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය’’.

’’තෙවෙනි වරද ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍ර ස්ථවිර තෙමේ භික්‍ෂූන් ඇමතීය. ’ඇවැත්නි, දෙවදත්ත තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්‍මය දේශනා කෙරෙයි.’ කෙසේද? ’ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවගේ සිත (තමන්ගේ) සිතින් යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බ්‍රහ්මචරිය වාසය වැස නිමවන ලදී. (සිවු මගින් කරණ ලද) කටයුතු කරණ ලදී. ’මේ ආත්මභාවය හැර අනික් ආත්ම භාවයක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය’’, කියායි.

’’තෙවෙනි වරද ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීසේක. කුමක්ද? ඇවැත්නි, වන්‍ද්‍රිකාපුත්‍රයෙනි, ’ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවගේ සිත (තමන්ගේ) සිතින් යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බ්‍රහ්මචරිය වාසය වැස නිමවන ලදී. (සිවු මගින් කරණ ලද) කටයුතු කරණ ලදී. ’මේ ආත්මභාවය හැර අනික් ආත්ම භාවයක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය’’, කියායි.

’’දෙවුදත් තෙමේ භික්‍ෂූන්ට මෙසේ ධර්මය නොම දේශනා කරයි කියායි. ඇවැත්නි, වන්‍ද්‍රිකාපුත්‍රයෙනි, ’ඇවැත්නි, යම් හෙයකින් භික්‍ෂුවගේ සිත (තමන්ගේ) සිතින් යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ඒ භික්‍ෂුවට ජාතිය (ඉපදීම) ක්‍ෂය වූවාය, බ්‍රහ්මචරිය වාසය වැස නිමවන ලදී. (සිවු මගින් කරණ ලද) කටයුතු කරණ ලදී. ’මේ ආත්මභාවය හැර අනික් ආත්ම භාවයක් නොදනිමි’ යි ප්‍රකාශ කිරීම පිණිස මෙය සුදුසුය’’, කියායි. මෙසේ දේවදත්ත තෙමේ භික්‍ෂූන්ට ධර්මය දේශනා කෙරෙයි යනුයි.

’’ඇවැත්නි, කෙසේ නම් භික්‍ෂුවකගේ සිතින් (තමන්ගේ) සිත යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද? ’මාගේ සිත පහවූ රාග ඇත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත පහවූ දෝෂ ඇත්තේය’ යි සිතින් තමන්ගේ සිත පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත පහවූ මොහ ඇත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත නොඇලෙන්නේය’ යි සිතින් (තමන්ගේ) සිත පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත ද්වේෂ නැත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත නොමුළාවන ස්වභාව ඇත්තේය’ යි සිතින් (තමන්ගේ) සිත යහපත් ලෙස පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත කාම භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාව ඇත්තේය’ යි සිතින් තමන්ගේ සිත මොනවට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත රූප භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාව ඇත්තේය’ යි සිතින් සිත මොනවට පුරුදු කරණ ලද්දේ වේද, ’මාගේ සිත අරූප භවය පිණිස නැවත නොපෙරළෙන ස්වභාව ඇත්තේය’ යි සිතින් සිත මොනවට පුරුදු කරණ ලද්දේ වේද,

’’ඇවැත්නි, මෙසේ මනාකොට කෙලෙසුන්ගෙන් මිදුන සිත් ඇති භික්‍ෂුවකගේ ඇසින් දැක්ක යුතුවූ රූපයෝ අතිශයින් ඇසට හමුවිමට පැමිණෙත්ද, ඔහුගේ සිත අල්ලා ගැනීම නොකෙරෙත්. ඔහුගේ සිත මුසු නොකරණ ලද්දේ සිටියේ වෙයි. කම්පා රහිත භාවයට පැමිණියේ ඔහුගේ විනාශයද බලයි.

’’අතිශයින් කණින් දතයුතුවූ ශබ්දයෝ කණට හමුවීමට පැමිණෙත්ද, ඔහුගේ සිත අල්ලා ගැනීම නොකෙරෙත්. ඔහුගේ සිත මුසු නොකරණ ලද්දේ සිටියේ වෙයි. කම්පා රහිත භාවයට පැමිණියේ ඔහුගේ විනාශයද බලයි. නැහැයෙන් දතයුතුවූ ගඳ සුවඳ අතිශයින් නාසයට හමුවීමට පැමිණෙත්ද, ඔහුගේ සිත අල්ලා ගැනීම නොකෙරෙත්. ඔහුගේ සිත මුසු නොකරණ ලද්දේ සිටියේ වෙයි. කම්පා රහිත භාවයට පැමිණියේ ඔහුගේ විනාශයද බලයි. දිවෙන් දතයුතුවූ රසයෝ අතිශයින් දිවට හමුවිමට පැමිණෙත්ද, ඔහුගේ සිත අල්ලා ගැනීම නොකෙරෙත්. ඔහුගේ සිත මුසු නොකරණ ලද්දේ සිටියේ වෙයි. කම්පා රහිත භාවයට පැමිණියේ ඔහුගේ විනාශයද බලයි. (ශරීරයෙන්) දතයුතුවූ ස්පර්‍ශයෝ අතිශයින් ශරීරයට හමුවීමට පැමිණෙත්ද, ඔහුගේ සිත අල්ලා ගැනීම නොකෙරෙත්. ඔහුගේ සිත මුසු නොකරණ ලද්දේ සිටියේ වෙයි. කම්පා රහිත භාවයට පැමිණියේ ඔහුගේ විනාශයද බලයි. (සිතින් දතයුතුවූ) ධර්මයෝ සිතට හමුවීමට පැමි්ෙනත්ද, ඔහුගේ සිත හාත්පසින් අල්ලාගෙන නොසිටිත්. ඔහුගේ සිත මිශ්‍ර නොකොට සිටියේ වෙයි. කම්පා නොවන බවට පැමිණියේ විනාශය දකියි.

’’ඇවැත්නි, යම්සේ සොලොස් රියන් දික්වූ ගල් කණුවක් වේද, එහි අට රියනක් (වළ) යටට ගියාහු වෙත්ද, අට රියනක් (වළෙන්) උඩට ගියාහු වෙත්ද, අනතුරුව පෙරදිගින් දැඩි වාත තද වැසි සුලඟක් එන්නේද, ඒ ගල්කණු කම්පා නොකරන්නේය. හොඳින් කම්පා නොකරන්නේය. කම්පා නොකරන්නේය. නොවෙවුලවන්නේය. අනතුරුව බටහිර දිගින්ද දැඩි වාත තද වැසි සුලඟක් එන්නේද, ඒ ගල්කණු කම්පා නොකරන්නේය. හොඳින් කම්පා නොකරන්නේය. කම්පා නොකරන්නේය. නොවෙවුලවන්නේය. උතුරු දිගින්ද දැඩි වාත තද වැසි සුලඟක් එන්නේද, ඒ ගල්කණු කම්පා නොකරන්නේය. හොඳින් කම්පා නොකරන්නේය. කම්පා නොකරන්නේය. නොවෙවුලවන්නේය. දකුණු දිගින්ද දැඩි වාත තද වැසි සුලඟක් එන්නේද, ඒ ගල්කණු කම්පා නොකරන්නේය. හොඳින් කම්පා නොකරන්නේය. කම්පා නොකරන්නේය. නොවෙවුලවන්නේය. ඊට හේතු කවරේද? ඇවැත්නි, වළ ගැඹුරු හෙයිනි. ගල් කණුව මනාකොට සිටුවන ලද බැවිනි.

’’ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ මනාකොට මිදුනු සිත් ඇති භික්‍ෂුවට අතිශයින්ම ඇසින් දැක්ක යුතුවූ රූපයෝ (ඇසේ) හමුවට එත්ද, ඔහුගේ සිත හාත්පසින් අල්ලාගෙන නොසිටිත්ද, ඔහුගේ සිත මුසු නොවී සිටියේ වේද, කම්පා නොවීමට පැමිණියේ ඔහුගේ විනාශයද දකියි. අතිශයින් කණින් දතයුතුවූ ශබ්දයෝ කනේ හමුවීමට එත්ද ඔහුගේ සිත හාත්පසින් අල්ලාගෙන නොසිටිත්ද, ඔහුගේ සිත මුසු නොවී සිටියේ වේද, කම්පා නොවීමට පැමිණියේ ඔහුගේ විනාශයද දකියි. නැහැයෙන් දතයුතුවූ ගන්ධයෝ හමුවීමට එත්ද ඔහුගේ සිත හාත්පසින් අල්ලාගෙන නොසිටිත්ද, ඔහුගේ සිත මුසු නොවී සිටියේ වේද, කම්පා නොවීමට පැමිණියේ ඔහුගේ විනාශයද දකියි. දිවෙන් දතයුතුවූ රසයෝ දිවේ හමුවීමට එත්ද, ඔහුගේ සිත හාත්පසින් අල්ලාගෙන නොසිටිත්ද, ඔහුගේ සිත මුසු නොවී සිටියේ වේද, කම්පා නොවීමට පැමිණියේ ඔහුගේ විනාශයද දකියි. ශරීරයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ ශරීරයේ හමුවීමට එත්ද ඔහුගේ සිත හාත්පසින් අල්ලාගෙන නොසිටිත්ද, ඔහුගේ සිත මුසු නොවී සිටියේ වේද, කම්පා නොවීමට පැමිණියේ ඔහුගේ විනාශයද දකියි. සිතින් දතයුතුවූ ධර්මයෝ සිතට හමුවීමට පැමිණෙත්ද, ඔහුගේ සිත හාත්පසින් අල්ලාගෙන නොසිටිත්ද, ඔහුගේ සිත මුසු නොවී සිටියේ වේද, කම්පා නොවීමට පැමිණියේ ඔහුගේ විනාශයද දකියි.