අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

2. අනුපුබ්බාසමාපත්ති සූත්‍රය

’’මහණෙනි, මේ අනුක්‍රමයෙන් සමවැද වාසය කිරීම් නවය දේශනා කරන්නෙමි. එය මනාකොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි’’ යනුයි. ’’ස්වාමීන් වහන්ස, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භිග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.

’’යම් තැනෙක්හි කාමයෝ නැති වෙත්ද, යම් ඒ කාමයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක කාමයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් කාමයන් අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි කාමයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු කාමයන්ද අතශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි විතර්‍ක විචාරයෝ නැති වෙත්ද, යම් ඒ කාමයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක කාමයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් විතර්‍ක විචාරයෝ අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ විතර්‍ක විචාරයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. වීතීය ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු විතර්‍ක විචාරයෝද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි ප්‍රීති නැති වෙත්ද, යම් ඒ ප්‍රීති අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක ප්‍රීති නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් ප්‍රීති අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ ප්‍රීතියෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි කාමයෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු කාමයන්ද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි උපෙක්‍ෂා සැප නැති වෙත්ද, යම් ඒ උපෙක්‍ෂා සැපයන් අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක උපෙක්‍ෂා සැපයෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් කාමයන් අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ උපෙක්‍ෂා සැපයෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, චතුර්ත්‍ථා ධ්‍යානයට පැමිණ වාසය කරයි. චතුර්ත්‍ථා ධ්‍යානයට පැමිණ වෙසේද, මෙහි උපෙක්‍ෂා සැප නිරුද්‍ධ වෙත්. ඔවුහු උපෙක්‍ෂා සැපයන්ද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි රූප සංඥාවෝ නැති වෙත්ද, යම් ඒ රූප සංඥාවෝ අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක රූප සංඥාවෝ නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් රූප සංඥාවෝ අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ රූප සංඥාවන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, නානාආත්මයක හැගීම් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. නානාආත්මයක හැගීම් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, මෙහි රූප සංඥාවෝ නිරුද්‍ධ වෙත්. ඔවුහු රූප සංඥාවෝද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි ආකාසානඤ්චායතනය යන හැඟීම නැති වෙත්ද, යම් ඒ ආකාසානඤ්චායතනය යන හැඟීම අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක ආකාසානඤ්චායතනය යන හැඟීම නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් ආකාසානඤ්චායතනය යන හැඟීම අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණාඤ්චායතනයට පැමිණ වාසය කරයි. විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණාඤ්චායතනයට පැමිණ වෙසේද, මෙහි ආකාසානඤ්චායතනය යන හැඟීම නිරුද්‍ධ වෙත්. ඔවුහු ආකාසානඤ්චායතනය යන හැඟීම අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි විඤ්ඤාණාඤ්චායතන යන හැඟීම නැති වෙත්ද, යම් ඒ විඤ්ඤාණාඤ්චායතන යන හැඟීම අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක විඤ්ඤාණාඤ්චායතන යන හැඟීම නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, මෙහි විඤ්ඤාණාඤ්චායතන යන හැඟීම නිරුද්‍ධ වෙත්. ඔවුහු විඤ්ඤාණාඤ්චායතන යන හැඟීමද අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි ආකිඤ්චඤ්ඤායතන යන හැඟීම නැති වෙත්ද, යම් ඒ ආකිඤ්චඤ්ඤායතන යන හැඟීම අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක ආකිඤ්චඤ්ඤායතන යන හැඟීම නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් ආකිඤ්චඤ්ඤායතන යන හැඟීම අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, මෙහි ආකිඤ්චඤ්ඤායතන යන හැඟීම නිරුද්‍ධ වෙත්. ඔවුහු ආකිඤ්චඤ්ඤායතන යන හැඟීම අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද,

’’යම් තැනෙක්හි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නැති වෙත්ද, යම් ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අතිශයින් නැති කරමින් වෙසෙත්ද, ඒ ආයුෂ්මත්හු, ඒකාන්තයෙන් ඒ කාරණයෙන් තෘෂ්ණා නැත්තාහුයයිද, නිවියාහුයයිද, තරණය කළාහුයයිද, පරතෙර ගියාහුයයිද කියමි. කවර තැනෙක නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නිරුද්‍ධ වෙත්ද, කවරහු නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අතිශයින් නිරුද්‍ධ කොට වෙසෙත්ද, මම මෙය නොදනිමි. මම් මෙය නොදකිමි’ කියා යමෙක් මෙසේ කියන්නේ නම් (ඔහුට) මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. නිරෝධ සමාපත්තියට පැමිණ වෙසේද, මෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නිරුද්‍ධ වෙත්. ඔවුහු නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අතිශයින් නිරුද්‍ධකොට වෙසෙත්ය කියායි.

’’මහණෙනි, ඒකාන්තයෙන් කෛරාටික නොවූයේ, මායා නැත්තේ, යහපතැයි කියන ලද්දට සතුටු වන්නේද, අනුමෝදන් වන්නේද, යහපතැයි (හොඳයි) කියන ලද (වචනයට) සතුටුවී, අනුමෝදන් වී, නමස්කාර කරමින්, ඇඳිලි බැඳ ගනිමින්, (සිටියේ) සමිපයෙහි සිටින්නේද, මහණෙනි, මෙය වනාහි නව අනුප්බ්බ විහාර සමාපත්තියයි’’ වදාළ සේක.