අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

1. පළමු වෙනි පණ්ණාසකය

4. මහා වර්‍ගය

5. ඣානනිස්සයන සූත්‍රය

’’මහණෙනි, මම පළමුවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමි. මහණෙනි, මම දෙවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය (වේයයි) කියමි. මහණෙනි, මම තුන්වෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම සතරවෙනිවූද ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම ආකාසානඤ්වායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්වායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි. මහණෙනි, මම වෙසඤ්ඤානාසඤ්ඤායතන සමවත නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමි.

’’මහණෙනි, පළමුවෙනි ධ්‍යානය නිසා මම ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි.

’’ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේද, ඒ ධර්‍ම රාගයෙන්, ඒ ධර්‍ම නන්‍දියෙන්, පඤ්චෝරම්භාගීය ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන් පාන්නා සුළුවූ, ඒ ලෝකයෙන් (නැවත උත්පත්ති වශයෙන්) නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. මහණෙනි, යම්සේ ධනුර්ධරයෙක් හෝ, ධනුර්ධර අතවැසියෙක් හෝ, තෘණයෙන් කළ පුරුෂයෙක් (පඹයෙක්) හෝ, මැටි ගොඩක් හෝ ඉලක්ක කොට හෙතෙම පසු කාලයක මහත්වූ (සමූහයක්) ප්‍රදාලනය කරන්නාවූ, දුරට ඊය යවන සුළුවූ, අක්‍ෂණවේධි ධනුර්ධරයෙක් වේද,

’’මහණෙනි, එසේම මහණතෙම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි.

’’ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේද, ඒ ධර්‍ම රාගයෙන්, ඒ ධර්‍ම නන්‍දියෙන්, පඤ්චෝරම්භාගීය ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන් පාන්නා සුළුවූ, ඒ ලෝකයෙන් (නැවත උත්පත්ති වශයෙන්) නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. මහණෙනි, මම පළමුවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමියි, මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය මේ පිණිස කියන ලදී.

’’මහණෙනි, මම දෙවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේද, ඒ ධර්‍ම රාගයෙන්, ඒ ධර්‍ම නන්‍දියෙන්, පඤ්චෝරම්භාගීය ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන් පාන්නා සුළුවූ, ඒ ලෝකයෙන් (නැවත උත්පත්ති වශයෙන්) නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. මහණෙනි, එසේම මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. මෙම දෙවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමියි, මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය මේ පිණිස කියන ලදී.

’’මහණෙනි, මම තුන්වෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේද, ඒ ධර්‍ම රාගයෙන්, ඒ ධර්‍ම නන්‍දියෙන්, පඤ්චෝරම්භාගීය ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන් පාන්නා සුළුවූ, ඒ ලෝකයෙන් (නැවත උත්පත්ති වශයෙන්) නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. මහණෙනි, එසේම මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේද, ඒ ධර්‍ම රාගයෙන්, ඒ ධර්‍ම නන්‍දියෙන්, පඤ්චෝරම්භාගීය ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන් පාන්නා සුළුවූ, ඒ ලෝකයෙන් (නැවත උත්පත්ති වශයෙන්) නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. මහණෙනි, එසේම මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. මම තුන්වෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමියි, මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය මේ පිණිස කියන ලදී.

’’මහණෙනි, මම හතරවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? මහණෙනි මේ ශාසනයෙහි මහණ තෙම විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැති කිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන්, දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂා ස්මෘති පාරිශුද්‍ධියවූ හතරවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමට නොපැමිණියේද, ඒ ධර්‍ම රාගයෙන්, ඒ ධර්‍ම නන්‍දියෙන්, පඤ්චෝරම්භාගීය ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන් පාන්නා සුළුවූ, ඒ ලෝකයෙන් (නැවත උත්පත්ති වශයෙන්) නොඑන ස්වභාව ඇත්තේ ඕපපාතික වෙයි. මහණෙනි, එසේම මහණතෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳවීමෙන්, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීති සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, හෙතෙම එහි රූපගතවූ, වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. මම සතරවෙනි ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයය කියමියි, මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය මේ පිණිස කියන ලදී.

’’මහණෙනි, මම ආකාසානඤ්චායතන ධ්‍යානය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂවීම කියමියි, මෙසේ වනාහි මෙය කියන ලදී. මෙය කුමක් පිණිස කියන ලද්දේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ප්‍රථිඝ සංඥාවන් දුරු කිරීමෙන්, නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි, ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, හෙතෙම එහි වේදනාගතවූ සංඥාගතවූ සංස්කාරගතවූ, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම වේයයි මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද?

’’හෙතෙම පඤ්චෝරම්භාගෘය සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන්, එහි පිරිනිවන්පානා සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරළා නොඑන සුළුවූයේ, ඕපපාතික වෙයි. මහණෙනි, යම්සේ ධනුර්ධරයෙක් හෝ, ධනුර්ධර අතවැසියෙක් හෝ, තෘණයෙන් කළ පුරුෂයෙක් (පඹයෙක්) හෝ, මැටි ගොඩක් හෝ ඉලක්ක කොට හෙතෙම පසු කාලයක මහත්වූ (සමූහයක්) ප්‍රදාලනය කරන්නාවූ, දුරට ඊය යවන සුළුවූ, අක්‍ෂණවේධි ධනුර්ධරයෙක් වේද, මහණෙනි, එසේම මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, හෙතම එහි වේදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. හෙතම පඤ්චෝරම්භාගීය සංයෝජන ධර්‍මයන් ක්‍ෂය කිරීමෙන් ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ, ඕපපාතික වූයේ, තත්‍ථපරිනිබ්බායී (එහි පිරිනිවන්පානා සුඵ වූයේ) වෙයි. මහණෙනි, මම ආකාසානඥචායතනය නිසා ආශ්‍රවයන්ගේ ක්‍ෂයයි කියමියයි මෙසේ ඒ යමක් කියනලදද, මෙය මේ නිසා වදාරණ ලද.ි

’’මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය නිසා (ඇසුරුකොට) ආශ්‍රවයන්ගේ (ක්ලේශයන්ගේ) ක්‍ෂයය වේය යයි කියමි. මෙසේ වනාහි මෙය වදාරණ ලදී. මෙය කුමක් පිණිස වදාරණ ලදද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම, කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, හෙතෙම එහි වෙදනාගතවූ, සංඥාගතවූ, සංස්කාරගතවූ, විඥානගතවූ, යමක්ම වේද, ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන්ද, දුක් වශයෙන්ද, රොග වශයෙන්ද, ගණ්ඩ වශයෙන්ද, උලක් වශයෙන්ද, දුක්ඛයක් වශයෙන්ද, ආබාධයක් වශයෙන්ද, අන්‍යවූවක් වශයෙන්ද, වැනසෙන්නක් වශයෙන්ද, ශූන්‍යවූවක් වශයෙන්ද, අනාත්මයක් වශයෙන්ද, දකියි. හෙතෙම ඒ ධර්‍මයන්ගෙන් සිත (නිර්‍වාණ වශයෙන්) නවත්වයි. හෙතෙම ඒ ධර්‍මවලින් සිත නවත්වා, නිර්‍වාණ ධාතුව පිණිස බස්වයි. යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳවීමක් වේද, සියලු උපධීන්ගේ දුරුකිරීමක්වූ, තෘෂ්ණා ක්‍ෂය වීමක්වූ, නොඇල්මක්වූ, නිරුද්‍ධ කිරීමක්වූ, නිර්‍වාණයයි. මෙය ශක්තිය, මෙය ප්‍රණීතය යනුයි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමට පැමිණෙයි. පඤ්චොරම්භාගීය සංයෝජනයන්ගේ ක්‍ෂයවීමෙන් ඒ ලොකයෙන් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ, ඕපපාතිකවූයේ, තත්‍ථපරිනිබ්බායීවූයේ (එහිදී පිරිනිවන්පානසුළුවූයේ), වෙයි. මහණෙනි, පළමුවෙනි ධ්‍යානය නිසා මම ආකිඤ්චඤ්ඤායතනය ඇසුරුකොට ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම කියමියි මෙසේ ඒ යමක් කියන ලද්දේද, මෙය මේ පිණිස වදාරණ ලදී. මහණෙනි, මෙසේ වනාහි යම්තාක් සංඥා සමාපත්තිය වේද, ඒ තාක් අර්හත්‍ව ප්‍රතිවේධය වේ.

’’මහණෙනි, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියද, සංඥාවෙදයිතනිරොධයද, යන යම් ඒ ආයතනයෝ වෙත්ද, මහණෙනි, සමවත්හි දක්‍ෂවූ, සමවතින් නැගිටීමෙහි දක්‍ෂවූ, මේ ධ්‍යාන වඩන්නන් විසින් (සමවතට) පැමිණ එයින් නැගිට සාන්තය, ප්‍රණීතයයි මනාකොට කියයුත්තාහුයයි කියමි’’ යි වදාළ සේක.