අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. සතිපට්ඨාන වර්‍ගය

3. කාමගුණ සතිපට්ඨාන සූත්‍රය

’’මහණෙනි, මේ කාමගුණයෝ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, ඇසින් දත යුතුවූ රූපයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, කනින් දැනගතයුතුවූ ශබ්දයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, නහයෙන් දැනගතයුතුවූ ගන්‍ධයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, දිවෙන් දැනගතයුතුවූ රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයන්ගෙන් යුක්තවූ, ඇළුම් කටයුතුවූ, කයින් දැනගතයුතුවූ ස්පර්‍ශයෝය. මහණෙනි, මේ පඤ්චකාම ගුණයෝය.

’’මහණෙනි, මේ පස්කම් ගුණයන්ගේ හැරදැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වෙදනාවන්හි වෙදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පස්කම් ගුණයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.