අඞ්ගුත්තරනිකායො

නවක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. සතිපට්ඨාන වර්‍ගය

7. මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය

’’මහණෙනි, මේ මච්ඡරිය පසෙකි.

’’කවර පසක්ද යත්? ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, ධම්ම මච්ඡරිය කියායි. මහණෙනි, මේ පස මච්ඡරියෝ වෙති.

’’මහණෙනි, මේ පඤ්චමච්ඡරියන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වෙදනාවන්හි වෙදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චමච්ඡරියන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.