ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

2. අප්ප සුලභ සූත්‍රය

“මහණෙනි, ස්වල්පවූද සුවසේ ලැබිය හැකිවූද, මේ කරුණු සතරෙකි. ඔව්හුද නිර්දොෂ වෙත්, කවර සතරක්ද යත්? මහණෙනි, සිවුරු අතුරෙන් පංසුකූල සිවුර ස්වල්පද වේ. සුවසේ ලැබිය හැකිද වේ. එයද නිර්දොෂය.

මහණෙනි, බොජුන් අතුරෙන් පිණ්ඩියා ලොප භොජනය ස්වල්පද වෙයි. ලබන්නට පහසුද වෙයි. එයද නිර්දොෂයි.

“මහණෙනි, සෙනසුන් අතුරෙන් වෘක්ෂමූලය මදද වෙයි. ලැබීම පහසුද වෙයි, එයද නිවරදය.”

“මහණෙනි, බෙහෙත් අතුරෙන් (යම්කිසි ගොමූත්‍රයක් ස්වල්පද වෙයි. ලැබීමට පහසුද වෙයි, හෙද නිර්දොසය.”

“මහණෙනි. මේ සතර වනාහි ස්වල්පද වෙත්, ලැබීමට පහසුද වෙත්, ඒවාද නිරවද්‍ය වෙති. මහණෙනි, යම් මහණෙක් වනාහි මද දැයින්ද ලැබීමට පහසු දැයින්ද සතුටු වූයේ වේද, මේ සතුටුවීම මේ භික්ෂුවගේ එක් ශ්‍රමණභාවයට කරුණ කැයි කියමියි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“සෙනසුන්ද සිවුරුද පාන වර්ග හා බොජුන්ද අරබයා පීඩා විඳින බවෙක් නිර්දොෂවූද ස්වල්පවූද ලැබීමට පහසුවූද සතුටුවන්නාහට නොවේ. දිශාවෝ නොනැසෙත්.

“මේ ශ්‍රමණ භාවයට සුදුසුවූ යම් ප්‍රතිපත්ති ධර්ම කෙනෙක් වදාරන ලද්දාහුද අප්‍රමාදයෙන් යුක්තවූ හික්මෙන්නාවූ (ලද දැයින්) සතුටුවන මහණහු විසින් ඒ සියලු පිළිවෙත් ගන්නා ලද්දාහු යයි.”