ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

4. චතුක්ක නිපාතය

9. කුහථද්ධ සූත්‍රය

“මහණෙනි, යම්කිසි මහණකෙනෙක් විෂ්මය පත්කරන්නාහු වෙද්ද, තද සිත් ඇත්තාහු වෙද්ද, කියන්නාහු වෙද්ද, ඉදිරියෙහි යන ක්ලේශයෙන් යුක්ත වූවාහු වෙද්ද, උස්ව නැංඟාවූ මාන නමැති නළ ඇත්තාහුවෙද්ද, සිතේ එකඟබව පමණකුදු නැත්තාහු වෙද්ද,

“මහණෙනි, මාගේ ඒ භික්ෂූහු මා සතුවූවෝ නොවෙති. මහණෙනි, ඒ භික්ෂූහු මේ සස්නෙන් පහවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙහි වැඩීමට විශෙෂයෙන් වැඩීමට විපුලබවට නොම පැමිණෙත්.

“මහණෙනි, යම් භික්ෂූහු වනාහි කුහක නොවූවාහු වෙද්ද, සිවුපසය ඉල්ලීමේ වචන ඇත්තාහු නොවෙද්ද, ධෛර්ය සම්පන්නයෝ වෙද්ද, තද සිත් ඇත්තාහු නොවෙද්ද, මනාව එකඟසිත් ඇත්තාහු වෙද්ද, මහණෙනි, මාගේ ඒ භික්ෂූහු වනාහි (මනාව පිළිපන් බැවින්) මමත්වය ඇත්තාහු (මා සතු වූවාහු) වෙත්. මේ ධර්ම විනයෙන් (ශාසනයෙන්) පහනොවූවාහුද වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු මේ ශාසනයෙහි (අර්හත් මාර්ගය තෙක් ශීලාදි ගුණයෙන්) වැඩීමටද (නිසල බැවින්) විශෙෂයෙන් වැඩීමටද ශීලාදීන් සම්පූර්ණ වීමෙන් හැම තන්හි පතළවීමෙන්) මහත් බවටද පැමිණෙත් යයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“කුහකයෝද (ක්‍රොධයෙන් හා මානයෙන් දැඩි සිත් ඇත්තාහුද පොළඹ වන්නාහුද ප්‍රකට කෙලෙස් ඇත්තාහුද උස්වූ මාන නමැති නළ ඇත්තාහුද, සිතේ එකඟබව පමණකුදු නැත්තාහුද ඒ භික්ෂූහු සම්‍යක් සම්බුදුන් විසින් දෙනලද ධර්මයෙහි නොවැඩෙත්.

“කුහක නොවූවෝද (ජනයන් ප්‍රත්‍යය සඳහා නොපොළඹවන්නෝද ධෛර්ය ඇත්තෝද තදනුවූ සිත් ඇත්තෝද සිතෙහි මනා එකඟබව ඇත්තෝද (යන) ඒ භික්ෂූහු ඒකාන්තයෙන් සම්‍යක් සම්බුදුන් විසින් දෙසන ලද ධර්මයෙහි වැඩෙතියි.”