ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

3. තික නිපාතය

2. පදුම (කොසිය) වර්ගය

262. මුදුපාණි ජාතකය

“ඉදින් හස්ත තලයද මෙලොක්වූයේ වීනම් හස්තියාද, මනාකොට හික්මවන ලද්දේ වීනම් රාත්‍රියෙහි අන්ධකාරයෙක්ද, වීනම් එකල්හි වසින්නේද වීනම් එසේ ඇති කල්හි ඒකාන්තයෙන් අපගේ අදහස සඵල වන්නේයි.

“මොළොක්වූ ප්‍රිය වචනයෙන් තමා කෙරෙහි දිගු කලක් වාසය කරවන්නට නොපිළිවන්හ. නොහොත්, කෙතෙක් පුරුෂයෝත් මොවුන්ට පමණ නැත්තාහ. මොළොක්වූ වචන ඇත්තාහ. නොපිරවිය හැක්කාවූ ගංගාවක් හා සමානවූ ඒ ස්ත්‍රීහු තමා වසඟ බවට පැමිණියවුන් අපායෙහි ගිල්වත් මෙසේ දැන ඇය දුරින්ම දුරුකරන්නේය.

“මේ ස්ත්‍රීහු නම් කැමැත්තෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයක්හු සේවණය කෙරෙද්ද, ස්වකීය ස්ථානය දවන ගින්න මෙන් වහා ඒ සේවණය කළහුම දවත්යයි” කීයේය.

මුදුපාණිජාතකං දුතියං.