ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

3. තික නිපාතය

2. පදුම (කොසිය) වර්ගය

267. කර්කකට ජාතකය

“දිගඇස් හා නෙත්‍ර ඇත්තාවූ කටුවම සමකොට ඇත්තාවූ ජලයෙහි සයනය කරන්නාවූ රෝම නැති නළ ඇතිහෙයින් ශෘංග මෘගනම් දිග ඇස් ඇති කකුළුවෙකි ඔහු විසින් මඩනා ලද්දේ බැගෑ පත්වූ මම හඬමි තීගේ ප්‍රාණය හා සමවූ මා හැරපියා නොයව.

“හැට අව්රුද්දෙන් මද බස්නා හෙයින් සට්ඨි හා මූන නම්වූ පොළොව දිරවන හෙයින් කුඤ්ජර නම්වූ ස්වාමිය ව්‍යසනයට පැමිණි ඔබ නොහරින්නෙමි. කුමක් හෙයින්ද යත්? සතර දිග මුහුද හිම් කොට ඇති පොළොවෙහි ඔබ මාගේ ඉතා ප්‍රියතැනැත්තා වෙහිය.

“සමුද්‍රයෙහිද ගංගානම් ගඟෙහිද යමුනා නම් නදියෙහිද යම් කකුළු කෙනක් ඇද්ද, ඔවුන්ට දියෙහි උපන්නාවූ ඔබ ශ්‍රෙෂ්ඨයෙහිය. හඬන්නාවූ මාගේ ස්වාමිවූ ඇත් රජු මුදා පියවයි” කීය.

කක්කටක ජාතකං සත්තමං.