ඛුද්දකනිකාය

ජාතක

(පඨමො භාගො)

4. චතුක්ක නිපාතය

1. කාලිංග වර්ගය

301. චුල්ල කාලිංග ජාතකය

“මොවුන්ට වාසල් දොර හරිව්. අරුණ නම් රජුගේ පුරුෂ සිංහවූ ගුරුවරයා විසින් මනාකොට උගන්වන ලද නන්දිසේන නම් මා විසින් මනාකොට රක්නා ලද මේ නුවරට ඇතුළු වෙත්වා.

“නොඉවසිය හැක්ක, ඉවසන්ට පුළුවන්වූ කළිඟුරට වැස්සන්ට ජයවේ, අශ්වක දෙසවාසීන්ට පරාජයයි ව්‍යසන යයි තා විසින් මෙසේ කියන ලදී. තපස්විය. ඍජුවූවාහු බොරු නොකියත්.”

“ශක්‍රය, දෙවතාවෝ බොරුකීම ඉක්මවූවාය. ඒ දෙවියන් කෙරෙහි සත්‍යය උතුම් ධනයවේ. දිව්‍ය රාජවූ මඝවන්තු නම්වූ මහේන්ද්‍රය, ඔබ විසින් කුමක් පිණිස හෝ ඒ බොරුව කියන ලදද?”

“බමුණ, ඒ ඒ තන්හි කියනු ලබන කල්හි තා විසින් අසන ලද්දේ නොවේද? දෙවියෝ පුරුෂ පරාක්‍රමයට ඊර්ෂ්‍යා නොකෙරෙද්ද, ආත්ම දමනයද, චිත්තයාගේ සමාධියද, නොවෙනස් බවද, තවන්නට සුදුසුකාලයෙහි නොපසු බස්නා බවද, දෘඪවූ වීර්යයද, පුරුෂ පරාක්‍රමයද, ඒ අශ්වක නම් රජුගේ යෝධයන්ට වූහ. එසේ හෙයින් ඔවුන්ට ජය අත්වූයේයයි” කීයේය.

චූළකාලිඞ්ගජාතකං පඨමං.